අපේ පාරවල් වල නිතර දකින්න ලැබෙන මේ ලක්ෂරි වාහන 7 මිල ගණන් දැනගමුද? – Hela FM Media


 

අනිවා අපි ඔබට විටින් විට විවිධ වාහන ගැන විවිධ විස්තර කියලා තියෙනවා. අපි අද කියන්නට උත්සහ කරන්නේ අපි මග තොටේදී නිතර දකින සුඛෝපභෝගී වාහන කිහිපයක මිල ගණන් ගැනයි. එකක් තියෙනවා, මේ වාහන සියල්ලම හඳුන්වන්නේ මිඩ් රේන්ජ් වාහන විදියට වුනත් ලංකාවේ නම් මේවා බොහොම උසස් අධි සුඛෝපභෝගී වාහන විදියට තමා ගණන් ගැනෙන්නේ. ඔය ඇමතිවරු මන්ත්‍රීවරු එහෙම යන්නෙත් මේ වාහන වල තමා. ඉතින් එහෙම හැම තැනදීම අපි දකින මේ සුලභ වාහන 7 ගැන පොඩි විස්තර ටිකක් තමයි මේ අපි කියන්නේ.

 

1. Benz E Class  
Common Luxury Car Prices
Source – carmagazine.co.uk

මිල රු. – මිලියන 19 සිට ඉහලට
ලංකාවේ තිබෙන සුඛෝපභෝගී වාහන අතරින් පාරේ වැඩිපුරම දකින්න තිබෙන මෝටර් රථයක් විදියට Mercedes Benz E350E හඳුන්වන්න පුළුවන්. අමතක කරන්න එපා මේ වාහනේ Plug-in Hybrid මෝටර් රථයක් බව. ඒ වගේම ලීටර් 2.1කට කී.මි. 100 දක්වා ධාවනය කිරීමේ හැකියාව ඇති මේ මෝටර් රථයේ එන්ජින් ධාරිතාව 2000CC බව පැවසෙනවා. සැප පහසු ඇතුළත, දෙපා ඉඩ හොඳින් පැවතීම සහ 4 දෙනෙකු දක්වා ගමන් කිරීම් හැකියාව තිබෙනවා.

 

2. Benz C Class
Common Luxury Car Prices
Source – mercedes-benz.com.lk

මිල රු. – මිලියන 12.7 සිට ඉහලට
සුඛෝපභෝගී වාහන වල මිඩ් රේන්ජ් එකේ මෝටර් රථ අතුරින් හොඳම වාහනයක් ලෙසට හැඳින්වෙන මෙය අධික මිලක් ගෙවලා ජපන් වාහනයකට යොමුවෙන අය මිලදී ගන්නට යොමුවෙන වාහනයක් ලෙස පෙන්වා දෙන්නට හැකියි.

ඒ වගේම මේ රේන්ජ් එකේ C 250 BlueTEC , C220 BlueTEC සහ C220 BlueEFFICIENCY Edition යන වාහන තුනේම එන්ජින් ධාරිතාව එක සමානයි එය සටහන් වන්නේ 2143CC ලෙසයි. ඒ වගේම කිලෝ මීටර් 100 ධාවනය කිරීම සඳහා ලීටර් 4.2-4.5 අතර ප්‍රමාණයක් වැයවෙන බව පැවසෙනවා. මේ සෙඩාන් රථ වල තිබෙන විශේෂතා අනුව මිල ගණන් සුළු පමණින් වෙනස් වෙන්න හැකියාව තිබෙන බවත් මතක තියා ගත්තොත් හොඳයි.

 

3. BMW 3 Series
Common Luxury Car Prices
Source – bmwblog.com

මිල රු. – මිලියන 10.2 සිට ඉහලට
බවේරියන් මෝටර් සමාගමේ 2017 – 3 Series මොඩලය අනෙකුත් BMW රේන්ජ් එකේ වාහන වලට සමපාත කර බැලුවොත් බොහොම සාමාන්‍ය විශේෂතා වලින් යුතු වාහනයක් ලෙස හඳුන්වා දෙන්නට හැකියාව තිබෙනවා.

2017 වසර සඳහා සිලින්ඩර් 4 එන්ජිමකින් යුතු මෙහි 2016 වසරේ 328i වාහන මොඩලය මෙවර 330i ලෙස පුංචි පුංචි යාවත්කාලීන කිරීම් එක්ක තමයි වෙළඳපොල වෙතට ආවේ. ඒ වගේම මේ වාරේ Apple Carplay සහ Wireless Device Charging පැමිණ ඇති බව දැනගන්නට පුළුවන්. ඒ වගේම ඔවුන්ටම ආවේනික iDrive පහසුකමත් මේ වාරේ යාවත් කාලීන කර ඇති බව සැලයි.

 

4. Audi A6
Common Luxury Car Prices
Source – youtube.com

මිල රු. – මිලියන 14.7 සිට ඉහලට
බොහොම හැඩකාර විදියටත් ගමන් කරන්නාට පහසුවක් සැලසෙන විදියටත් නිර්මාණය කරලා තියෙන අවුඩි ඒ6 සෙඩාන් මෝටර් රථය ඔබේ ගමනට බොහොම සැහැල්ලුවක් එක්කරාවි. යාවත්කාලීන කරන ලද ආරක්ෂාවත්, වේග 7කින් සමන්විත ගියර පද්ධතියත්, 3.0 එන්ජිම සහ නවීන හැඩතල වලට අනුකුලව නිර්මාණය කරන ලද ඇතුලත නිමාවත් එක්ක මේ වාහනය මිඩ් රේන්ජ් මෝටර් රථයක් බවට දැනෙන්නේ නැහැ.

ගමන් කරන්නාට ඉහලම ආශ්වාදයක් සපයන සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එක සහ ඇතුලත පිහිටන ඉඩකඩ ඔබගේ ගමන කවදාවත් විඩාබර කරන එකක් නැහැ.

 

5. Jaguar XE  
Common Luxury Car Prices
Source – motortrend.com

මිල රු. – මිලියන 19.90 සිට ඉහළට
ජගුවර් මෝටර් රථ වලින් මේ වගේ මිඩ් රේන්ජ් සුඛෝපභෝගී සෙඩාන් රථයක් විදියට පෙන්වා දෙන්නට පුළුවන් වන්නේ XE මෝටර් රථය තමයි. කොම්පැක්ට් ස්පෝර්ට් සෙඩාන් රථයක් ලෙසට නිර්මාණය කරලා තිබෙන මෙය මිල මට්ටමින් BMW Series 3 සහ Audi A4 රථ වල මිලට සම තත්ත්වයෙන් පිටරටවල තිබුනත් මොකක්දෝ අභාග්‍යකට ලංකාවේ මිල විශාල ලෙස වැඩි කරලා. එහෙත් එකක් කියන්න ඕනේ. ජගුවර් මෝටර් රථයකට ලැදි කමක් දක්වන කෙනෙකුට ඒ මිල එතරම් දැනෙන්නේ නැහැ. 😉

 

6. Land Rover Discovery 4S
Common Luxury Car Prices
Source – topgear.com

මිල රු. – මිලියන 22 සිට ඉහලට
3000 CC ධාරිතාවයකින් සමන්විත එන්ජිමක් සහිත SUV රථයක් වන මෙය නිෂ්පාදිත වසර වෙන්නේ 2016 යි. ටිප්ට්‍රොනික් ගියර පද්ධයකින් සමන්විතව බොහොම ඉඩපාඩු සහිතව එන රථය මෙතරම් මිල වන්නේ ඒ රථයට ලංකාවේ ඇති පිළිගැනීමත් එක්කයි.
මිල අනුව මිඩ් රේන්ජ් තත්ත්වයට ගන්නට හැකියාවක් නැහැ කියා සිතුවත් විදේශයන් වල මේ SUV රථය එතරම් මිලක් වෙන්නේ නැහැ.  නමුත් මේ වාහනයත් ලංකාවේ මහා මාර්ග වල දකින්න තිබෙන නිසා අපි මෙයත් ලැයිස්තුවට ඇතුලත් කළා.

 

7. Toyota Landcruiser Prado 150
Common Luxury Car Prices
Source – carsbase.com

මිල රු. – මිලියන 22 සිට ඉහලට
2016 දී නිෂ්පාදනය කරන ලද මේ SUV රථයේ එන්ජින් ධාරිතාව 3000CC වනවා. ඒ වගේම ටිප්ට්‍රොනික් ගියර පද්ධතියක් සහිත ඩීසල් එන්ජිමකින් සමන්විත මේ රථය වර්තමානයේ වැඩිම ඉල්ලුමක් සහිත SUV රථ අතර මුල් තැන තියෙන බව අනිවා කියන්න ඕනේ. අමතර කොටස්, නැවත විකිණීමේ පහසුව වගේ දේවල් ගැන කල්පනා කලාම මේ ජපන් රථයට එහෙම ඉල්ලුමක් තිබෙන එකේ ඉතින් අමුතු විදියට පුදුම වෙන්න දේකුත් නැහැ එක අතකට.

 

සැළකිය යුතුයි – මේ ලිපියෙන් අප ගෙන එන්නේ 2017 ජුලි මස 12 වැනිදා වන විට ඉහත කී වාහන වලට වෙළපොලේ පවතින ආසන්න මිල ගණන් බව කරුණාවෙන් සළකන්න

 
Cover Image Source – tracksbrewpubbrampton.com, autoworld.com, netcarshow.com, carmagazine.co.uk, edmunds.com, motortrend.com, carsbase.com
 




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here