අමුතු ප්ලාස්ටික් සැත්කම් කරගත් අරුම පුදුම මිනිස්සු 7 දෙනෙක් – Hela FM Media


අපි සාමාන්‍යයෙන් සැත්කමක් කරගන්නේ අපිට ලෙඩක් දුකක් වුණාම. ඒ වගේම අපි වටේ සිටින අපිට ආදරේ කරන ගොඩක් අයට සැත්කමක් කරනවා කිව්වම දැනෙන්නේ හරිම දුකක්. නමුත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නොවෙයි.

ප්ලාස්ටික් සැත්කම් ලෝකෙට එන්නේ සැකසිය හැකි ශාරීරික අඩුපාඩු සහිත පුද්ගලයන්ට ඒවා නිවැරදි කරගෙන සමාජයට මුහුණ දෙන්නට ඉඩ ලබාදෙන දෙවැනි අවස්ථාවක් විදියට වුනාට, වර්තමානයේදී හොඳින් සිටිනා බොහෝ දෙනෙක් තමන්ගේ තිබෙන පෙනුම තව තවත් ඔප්නංවා ගන්නට මේවා භාවිත කරනවා. සමහරු හරිම වෙනස් විදියට සහ Extreme තත්ත්වයට මේ සැත්කම් නිසා පත්වී සිටිනවා කිවහොත් එහි වරදක් නැහැ.

ඉතින් මෙන්න මේ වගේ කරන ප්ලාස්ටික් සැත්කම් මගින්  තමන්ගේ පෙනුම වෙනස් කරගෙන ජීවිතේ සාර්ථක හෝ අසාර්ථක කරගත් කිහිප දෙනෙකුගේ සැත්කම් ගැන තමයි අද අපේ අනිවා ලිපියේ ඉඩ වෙන් වන්නේ.

 

1. ප්‍රංශ බෝනික්කෙක් වෙන්නට තැනූ ජපන් නිරුපණ ශිල්පිණිය
Source – enhancementscosmeticsurgery.com

ඇය වෘත්තියෙන් ජපාන නිරූපිකාවක්. ඇගේ නම Vanilla Chamu. වැනිලා කුඩා කල පටන් ආශා කරන්නේ සිය පෙනුම බෝනික්කෙක් හා සමාන කරගැනීමටයි. සැත්කම් මගින් සිය පෙනුම කැමති ආකාරයකට වෙනස් කරගන්නට ඉඩ ලැබෙන තුරු සිටින වැනිලා වසර ගණනක සිට තිස් වරකට වඩා වැඩි ප්‍රමාණයක් සැත්කම් පිහි යට සැතපෙමින් සිය පෙනුම වෙනස් කරගන්නට වෙහෙසුනා. ඇයට ඒ සඳහා වියදම් වූ මුදල යෙන් මිලියන 10ක් හෙවත් ඇමරිකානු ඩොලර් 100,000ක් පමණ වෙනවා.

විටෙක ප්ලාස්ටික් සැත්කම් සඳහා ඇබ්බැහි වී සිටිනවාද කියා සිතෙන තරමට ප්ලාස්ටික් සැත්කම් වලට යොමුවන මේ නව යොවුන් තරුණියගේ ඊළඟ උත්සාහය වෙලා තිබුණෙ සැත්කමක් මගින් තමන්ගේ උස වැඩි කරගැනීමයි.

 

2. Kim වගේ වෙන්න හදන Myla
Source – screenertv.com

Kim Kardashian ඔබ කවුරුත් දන්නවා නේ, ඈ වෘත්තියෙන් රියලිටි ෂෝ ශිල්පිනියක්. නමුත් අලුත්ම උන්මාදය තමයි ගොඩක් කෙල්ලෝ කිම් වගේ සිය පෙනුම වෙනස් කරගන්නට උත්සහ කිරීම. මෙහි එක් ගොදුරක් තමයි Myla Sinanaj කියන්නේ.

ඒ වගේම Myla Sinanaj කියන්නේ Kim ගේ කලින් කසාද සැමියා වූ Kris Humphries සමග සම්බන්ධයක් තිබූ කාන්තාවක්. ප්ලාස්ටික් සැත්කම් ගණනාවකට මුහුණ දෙමින් Kim ගේ සිරුර හා සමාන සිරුරක් හිමිකරගන්නට Myla උත්සහ කලත් සිය මුහුණට කිසිදු සැත්කමක් ඈ සිදු කරගෙන නැතිබව සැලයි.

 

3. සැත්කම් 51කින් ඊජිප්තු රැජිණක්
Source – bad-plasticsurgery.blogspot.com, milliyet.com.tr

නිලීන් නමිතා කියන්නේ දරුවන් තිදෙනෙකුගේ මවක්. ප්‍රශ්නය මෙයයි. ඈ කියන ආකාරයට ඇය පෙර භවයේ නෙෆර්ට්ටි රැජිණලු. ගොඩක් අය සිනහා මුසු මුහුණින් මේ කතාව බැහැර කලත් නමිතා මේ කතාව බැහැර කරන්නට කැමැත්තක් නැහැ. එහි ප්‍රතිඵලය තමයි පවුම් 200,000ක් වැය කරමින්, සැත්කම් 51ක් කරගනිමින් සිය පෙනුම නෙෆර්ටිටි රැජිණ හා සමාන කරගැනීමට ඇය උත්සහ කිරීම.

 

4. Ken බෝනික්කෙක් වෙන්න හදන රොඩ්රිගෝ
Source – pudelek.pl, youtube.com

බ්‍රසීලයේ ජීවත් වෙන රොඩ්රිගෝ අල්වෙස් කියන්නේ ජීවත්වෙන Ken බෝනික්කෙක් කියලා කියන්න පුළුවන් පුද්ගලයෙක්. සිරුරේ අතිවිශාල කොටස් ප්‍රමාණයක් ප්ලාස්ටික් සැත්කම් මගින් වෙනස් කරගෙන සිටින රොඩ්රිගෝ ඔහුගේ උදර මාංශ පේශි පවා Hi Def Liposculpture යන ක්‍රමවේදය හරහා වෙනස් කරගෙන Six Packs සාදාගෙන  සිටිනවා. තවමත් 34 වන වියේ පසුවෙන රොඩ්රිගෝ දෙස බැලූ විට පෙනී යන්නේ ඔහු කවදාවත් වියපත් නොවන්නෙකු ලෙසට සිතාගෙන සිටිනා බවයි.

 

5. බ්ලොන්ඩි බෙනට්ගේ බාබිඩෝල් මේනියාව
Source – dailymail.co.uk, pinterest.com

රොඩ්රිගෝ අල්වෙස් කෙන් බෝනික්කෙක් වෙන්න හදද්දි, අමෙරිකාවේ කැලිෆෝනියාවේ ජීවත්වෙන 38 හැවිරිදි බ්ලොන්ඩි බෙනට් හදන්නේ බාබි බෝනික්කෙක් වෙන්නයි. කුඩා කාලෙ ඉඳන්ම බාබි බෝනික්කන්ට දැඩි ලෙස ප්‍රිය කරල තියන ඇය ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ පෙනුමත් බාබි බෝනික්කියකගේ මෙන් වෙනස් කරගන්න පෙළඹිලා තියනවා. ඇයට ඕනෙ හිසේ සිට පාදාන්තය දක්වා ප්ලාස්ටික් බෝනික්කියක් වන්න කියලයි ඈ කියන්නෙ. ඒ විතරක්ද? බාහිර පෙනුමෙන් විතරක් නෙමෙයි අභ්‍යන්තරයෙනුත් බාබි බෝනික්කෙක් වෙන්නයි ඇගේ පැතුම. ඒ හින්දම මොළේ නැති ගැහැණියක් වෙන්න කියල ඇය මෝහන චිකිත්සා ප්‍රතිකාරත් අනුගමනය කරන්න පෙළඹිලා.

 

6. තිරිහන් වෙන්න ට්‍රයි කල Donatella
Source – viralnewsman.com

අහලා තියෙනවාද Donatella Francesca Versace ගැන? එහෙම අහලා නැතිනම් ඔබ අනිවා “Versace” සන්නාමය ගැන අහලා ඇති. ලෝක ප්‍රකට සුවඳ විලවුන් සහ විලාසිතාමය සන්නාමයක් වන Versace අධිරාජ්‍යයේ 20% ක හිමිකමක් සහිත Donatellaත් සිය පෙනුම තිරිහන්ව තබා ගන්න සැත්කම් රාශියකට මුහුණ දුන් කාන්තාවක්. නමුත් ඈ දුටුවිට ඒ සැත්කම් සාර්ථක වී ඇතිද නැතිද යන්න තීරණය කිරීම අනිවා කියවන ඔබට බාරයි.

 

7. Cat Woman වුනු ජොස්ලින්
Source – mirror.co.uk

Jocelyn Wildenstein කියන්නේ ඇමෙරිකානු සමාජ සේවිකාවක්. තම සැමියාගෙන් ලැබුණු ධනයෙන් සමාජසේවා කටයුතු කරන ඈ තුළ එකම එක ගැටළුවක් තිබෙනවා ඒ තමයි. වයසට යාම පිළිබඳව තිබෙන අනියත බිය. මුදලින් අග හිඟ නැති නිසාත්, හිතූ දේ කරන්නට හැකි නිසාත් අයගේ ඒ බියට පිහිටට එන්නේ ප්ලාස්ටික් සැත්කම් තමයි. සිය මුහුණට සහ සිරුරට කරන ලද නිමක් නැති සැත්කම් නිසා වර්තමානයේ ඈව පෙනෙන්නේ මිනිසෙකුට වඩා පූසෙකුට සමානවයි.

 
 

Cover Image Source – mirror.co.uk




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here