අලුතෙන් අම්මලා වෙච්ච අයගෙ ආතල් කතා 6ක් – Hela FM Media


කුළුදුළේම අම්ම කෙනෙක් වෙනව කියන්නෙ කෙලිලොල්ව ගත කරපු ජීවිතේට පොඩ්ඩක් තිත තියල වගකීම් සහගත ජීවිතේකට හුරු වෙන්න වෙනව කියන එක. දරු පැටියෙක්ගෙ වගකීම් අතරෙ අළුත් අම්මෙක්ට නොයෙක් නොයෙක් අලකලංචි වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනව. අද අපි මේ කියන්නෙ අළුත් අම්මලට වෙන අලකලංචි ගැන. පස්සෙ කාලෙක මේවා ඉතින් බොහොම සුන්දර මතක 😉

 

1. ඔක්කොම ගාණට මිම්මට
Source – rebloggy.com

ඔන්න ඉතිං ගන්නව ඇඳුම්. දැන් ඉතිං ළමයා හම්බෙන්න ඉන්න කාලෙ බඩ නිසා ඔය ලොකු ලොකු ගවුම් ඇන්දට ළමයා හම්බුනාට පස්සෙ ෂේප් එකේ ගමනක් යන්න මෙච්චර කල් පෙරුම් පුරාගෙන බලං ඉඳපු ආසම ඩෙනිමයි ටීෂර්ට් එකයි එළියට ගන්නවා. හත්තිලවුවෙ! අත දාද්දිම තේරෙනව අවුලක්. ඒ නිසා මුලින්ම කලිසම අඳින්න ගන්නවා. හස්බන්ඩ්ටත් කතා කරලා, කකුලෙ පොල් තෙල් ගාලා කොහොම හරි කලිසම උස්ස ගත්තට මොකෝ ඉතිං දැන්නං තේරෙනව බොත්තම බයේ වෙවුල වෙවුල ඉන්නෙ කියල. ඇයි ඉතිං ඊලඟට බොත්තම දාන්න අදිනව කියල දන්නවනෙ.

 

2. වෙඩින් ප්ලෑනිං
Source – spring.st

වෙඩිං ප්ලෑනිං කිවුවට මේව ඇවිල්ල වෙඩිං එකක වැඩ කටයුතු සිද්ධ වෙන විදිය ගැන ප්ලෑන් නෙමෙයි. තමුන් දැන් වෙඩිං එකකට යන්නෙ කොහොමද කියල ප්ලෑන් කිරිල්ල තමයි. ඇයි ඉතිං දරුවත් එක්ක යනකොට ඔක්කොම ගැන හිතන්න එපැයි. මේ විදිහෙ අලුත් අම්මා කෙනෙක් වෙඩින් එකකට යනකොට ප්ලෑන් කරන පැති ගොඩක් තියනවා. කිරි දෙන්න ලේසි විදියට, වඩාගන්න ලේසි විදියට සංකීර්ණ නැති ඇඳුමක් (වෙඩින් එකකට ගැලපෙන), දරුවා අවුල් කළත් ආයිත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කොණ්ඩා මෝස්තරයක්, දරුවට දඟ කරන්න නොදී ආංබාං කරන්න සහයට යාලුවෙක් සෙට් කරගැනීම ආදිය ඒ අතරින් විශේෂයි.

 

3. යෝ… යෝ… යෝ…
Source – korzar.sme.sk

ඔය සමහර හිපොප් සින්දුවල ඉන්නවනෙ මෙලෝ සංගීතයක් නැතුව ප්‍රධාන ගායකය පිටිපස්සෙ ඉඳන් යෝ යෝ ගාන එවුන්. උන් හත් දෙනෙක් විතර එක පාර යෝ යෝ ගාන්න සෙට් වුනාම වගේ සද්දයක් තමයි පොඩි එකෙක් ගෙදර ඉද්දි තියෙන්නෙ. ඉතිං ඉස්සර වගේ යාලුවෙක් එක්ක පැය ගණං කතා කර කර ඉන්න බැහැ. පොඩි එකා අඬනව මරෝ කියල. මෙවුව ඇහෙද්දි යාලුවම කට් කරනව කෝල් එක.

 

4. ප්‍රශ්න පිට ප්‍රශ්න
Source – romper.com

පොඩි එකාගෙ වැඩේම තේරෙන තේරෙන විදියට ප්‍රශ්න අහන එක. ඊයෙ ඉස්කෝලෙක කොල්ලො වගයක් බිත්තියක ලියල තිබ්බ කුණුහරුපයක් පෙන්නල ඒ මොකද්ද ඇහුවලු බස් එකේ යද්දි සද්දෙට. ඉතිං ඒ අම්මා කට වහගන්න කිවුවට නැවැත්තුවෙම නැති හින්දා හෙමීට කෙනිත්තුවලු. ඊට පස්සෙ අහනවලු අම්ම ඇයි මාව කෙනිත්තුවෙ? අම්ම ඒක මොකද්ද කියල දන්නැද්ද? කියල.

 

5. අස් කරලා ඉවර නොමැත දෙවියනේ
Source – eimaimama.gr

දවසක් යාලුවෙක් අලුතෙන් අම්ම කෙනෙක් වෙච්ච තමුන්ගෙ යාලුවව බලන්න ගෙදර යද්දි යාලුව අස් කරනවලු ගෙදරම. පුටුවක් උඩ කරපිංචලු. කැරට්, ගෝවා වගයක් මලු පිටින් මිදුලෙලු, පස් කන්දක් තියෙනවලු සාලෙ, යාලුවගේ කකුලෙ ඇලවුනාලු ක්ලේ ගුලියක්. ඒ ක්ලේ ගුලිය ගලෝ ගන්න තනි කකුලෙන් යද්දි බිල්ඩිං බ්ලොක් එකක් පෑගිලා අනිත් කකුල රිදෙන්න ගත්තලු. ඒ රිදිල්ලට වැටුනෙ ප්ලාස්ටික් බෝලයක් උඩලු. දැන් බලන්න ආපු යාලුවගෙත් තුනටිය ඇවිලිලාලු. එයා අර අම්මගෙන් ඇහුවලු ඔයා සතියකට පාරක්ද ගේ අස්කරන්නෙ කියල. නෑ අනේ මේ උදේ අස් කරාට පස්සෙ දැන් මේ දවල් කොල්ල නිදා ගත්තට පස්සෙ අස් කරන්නෙ කිවුවලු.

 

6. මේකප් කූල්
Source – bustle.com

දවසක් අලුතෙන් අම්ම කෙනෙක් වෙච්ච කෙනෙක් යාලුවෙකුගේ පාටි එකකට යන්න ලෑස්ති වෙලා එයා මෙච්චරකල් එලියට ගත්තු නැති එයාගෙ බියුටිකල්චර් සෙට් එක හෙවුවලු. පෙට්ටිය තිබුනට ඇතුලෙ මොකුත් නැති නිසා පොඩි එකාව සැක කරලා කෝකටත් කියල සැර කරලා ඇහුවලු. කොල්ල මොකුත් නොවෙච්ච ගාණට ෆ්‍රිජ් එක දිහාට ඇඟිල්ල දික් කරලා යන්න ගියාලු. මුළු ෆ්‍රිජ් එකම පෙරලලා හෙවුවත් හම්බුනේ නැහැලු. බලද්දි වෙජිටබල් බාස්කට් එක අස්සෙ තියෙනවලු බඩු ටික. ලිප්ස්ටික්/ කියුටෙක්ස් ෆුල් කූල් පිට.

 

Cover Image Source – timesofindia.indiatimes.com




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here