එයාව සර්ප්‍රයිස් කරලා ආදරේ වැඩිකරගන්නට මේ වෙබ් අඩවි හරහා තෑග්ගක් යවමුද? – Hela FM Media


අද කාලේ කවුද තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව/බෝයි ෆ්‍රෙන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න අකමැති. ගොඩක් අය මේ වැඩේ කරන සුලභම ක්‍රමය තමයි අපිම මහන්සි වෙලා ගිෆ්ට් එකක් හදලා අපේ ආදරය හිමි කෙනාට දීමෙන් ඔහුව හෝ ඇයව පුදුම කරවන එක.

ඒ වුනාට මේ වැඩේ තවත් ලස්සනට පිළිවෙලට කරන්න පුළුවන් විදියක් තමයි, මේ වන විට ප්‍රකටව තිබෙන ඔන්ලයින් ගිෆ්ට් සර්විස් එකකින් තෑග්ගක් ඕඩර් කරලා යවන එක. මෙන්න මේ ක්‍රමය ගැන තමයි අද අපි අනිවා ලිපියෙන් සඳහන් කරන්නේ.

 

1. ඔහුට/ඇයට මල් කළඹක් ත්‍යාග කරන්නට උවමනා නම්?

 

  • Shirohana
    Source – shirohanaflowers.com

    කලට වෙලාවට ඔබේ ආදරවන්තයාට/ආදරවන්තියට මල් කළඹක් යවා පුදුම කරවන්න කියාපු සේවාවක් Shirohana එකෙන් දෙනවා. ඒ වගේම අපිට තියෙන්නේ අන්තර්ජාලය හරහා හෝ දුරකථනය හරහා අපට අවශ්‍ය මල්කළඹ, එය ලබාදිය යුතු තැන සහ වෙලාව ගැන කියලා ඊට අදාළ මිල ගෙවන එක විතරයි. ඉතිරි සියලු කටයුතු Shirohana එකේ කාර්යක්ෂම සේවක මණ්ඩලය අපි වෙනුවෙන් කලට වෙලාවට ඉටු කරනු ලබනවා. මේ දේවල් ගැන වැඩි විස්තර ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ පහත තිබෙන දුරකථන අංක වලට ඇමතීමෙන් ලබාගන්න පුළුවන්.

    දුරකථන අංක සඳහා – මෙතනින් පිවිසෙන්න  

 

  • Lassana Flora
    Source – lassanaflora.com

    ඉස්සර ලස්සන ෆ්ලෝරා එකෙන් මල් විතරක් යවන්නට පුළුවන් වුණාට දැන් පළතුරු බාස්කට් සහ කේක් වර්ග පවා ඔබට කැමති තැනකට යවන්නට හැකියාව තිබෙනවා.ඊට අමතරව ප්‍රධානම වාසිය තමයි, ලංකාවේ විතරක් නෙවෙයි ඔවුන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන රටවල් රාශියකටම යැවීම සඳහා මල් ඇණවුම් භාර ගැනීම. ඉතින් ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය මේ රටවල් වලින් එකක සිටියත් දැන් ගැටළුවක් නැතිව ඔවුන්ව පුදුම කරවන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. නමුත් මෙතනදී පොඩ්ඩක් සැලකිලිමත් විය යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ඔවුන් ඔබේ ඇණවුම භාරගත් පසු එය කලට වෙලාවට ලබාදෙනවාද කියා පොඩ්ඩක් සැලකිලිමත් වී ඔවුන්ගෙන් නිරන්තරව විමසීමක් කල යුතු වීම. ඇණවුම් කල යුතු ආකාරය සහ මුදල් ගෙවිය යුතු පිළිවෙල ඇතුළු වැඩි විස්තර ඔවුන්ට ඇමතුමක් දීමෙන් පහසුවෙන්ම ලබාගන්නට පුළුවන් කම තිබෙනවා.

    දුරකථන අංක සඳහා – මෙතනින් පිවිසෙන්න

 

2. ඔහුට/ඇයට වෙනස් දෙයක් ත්‍යාග කරන්නට උවමනා නම්?

 

  • Kapruka
    Source – kapruka.com

    ඔබට ඔබේ ආදරය කරන කෙනා වෙත යැවීම සඳහා කේක් වල සිට චොකලට් දක්වාත්, මල් වල සිට ආභරණ දක්වාත්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල සිට ඇඳුම් දක්වාත් ඉතා පුළුල් පරාසයක ත්‍යාග විශාල ප්‍රමාණයක් තිබෙන ඔන්ලයින් වෙළඳ සේවාවක් තමයි කප්රුක කියලා කියන්නේ. මෙහි ඇති මේ භාණ්ඩ සාමාන්‍ය මිලට වඩා තරමක් මිලෙන් වැඩිද කියල ඔබට සමහරවිට හිතෙන්නට පුළුවන්. නමුත් ලබාදෙන සේවය ගැන සැලකුව විට ඒ මිල අධික බව නම් ගණන් ගතයුතු නැති තරම් සුළු දෙයක් බව වරක් ඔබ ඔවුන්ගෙන් සේවයක් ඇණවුම් කල විට වැටහේවි. ඒ වගේම ඔවුන් සිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරතුරුව ඊමේල් සහ SMS මගින් අපව දැනුවත් කරන නිසා විශ්වාසය සම්බන්ධයෙන් ගැටළු ඇති වන්නේද නැහැ. ඔබට මේ සේවා ගැන වැඩි විස්තර කප්රුක වෙබ් අඩවියෙන් හෝ ඔවුන්ගේ දුරකථන මාර්ග වලට ඇමතීමෙන් ඉක්මනින් ලබාගන්නට පුළුවන්.

    දුරකථන අංක සඳහා – මෙතනින් පිවිසෙන්න  

 

3. ඔබේ ආදරවන්තයා/ආදරවන්තියගේ කැමැත්ත ඉලෙක්ට්‍රොනික උපාංග වලට නම්?

 

  • My Store
    Source – mystore.lk

    My Store ආයතනය තුළිනුත් ඔබට අවශ්‍ය කරන එදිනෙදා භාණ්ඩ වල සිට සියලුම ආකාරයේ ඉලෙක්ට්‍රොනික උපකරණ වෙළඳපොලේ මිලට වඩා අඩුවෙන් මිලදී ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔවුන් විසින් හදිසියේ කරන මිල අඩු කිරීම් ගැන අවධානයෙන් සිටින්නට හැකිනම් ඒ වාසිය උපයෝගී කරගෙන ඔබේ ආදරවන්තයාව පුදුම කරවන්නටත් ඔබට හැකියාව තිබේවි.

    දුරකථන අංක සඳහා – මෙතනින් පිවිසෙන්න

 

  • Wow
    Source – wow.lk

    ඔබේ පෙම්වතියට/පෙම්වතාට ත්‍යාග කරන්නට අවශ්‍ය කුඩා ටැබ් උපාංගයේ සිට ලැප්ටොප් පරිගණකය, LED TV දක්වා සියලුම ආකාරයේ උපාංග මිලදීගන්නට, ගෙන්වාගන්නට සහ තෑගි ලෙස යවන්නට හැකියාව තිබෙන වෙබ් අඩවියක් තමයි wow.lk කියලා කියන්නේ.
    ඉලෙක්ට්‍රොනික උපාංග හැරුණාම ගෘහ භාණ්ඩ සහ වාහන උපාංග ඇතුළු ඉතා විශාල පරාසයක පැතිරුණු තෑගි ඔබේ දොරකඩටම ගෙන්වා ගන්නට සහ යවන්නට මේ මගින් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔවුන් පිරිනමන වවුචර ක්‍රමය. Wow ආයතනයෙන් වගේම විවිධ ප්‍රධානපෙළේ ආයතන වලින් ලබාදෙන තෑගි වවුචර අපට මිල ගෙවීමෙන් ලබාගන්නට හැකියාව තිබෙනවා. ඒවාත් පහසුවෙන්ම ඔබේ ආදරවන්තයාට/වන්තියට තෑගි කර පුදුම කරවන්නටත් පුළුවන් කම තිබෙනවා.

    දුරකථන අංක සඳහා – මෙතනින් පිවිසෙන්න  

 

4. දෙදෙනාගේ ආදරය චොකලට් පිරුණු පැණිරස එකක් නම්

 

  • Treats N Stuff
    Source – treatsnstuff.com

    Treats N Stuff කියන්නේ බොහොම රස බ්‍රව්නීස් හදන කේකරි එකක් කියලා කිව්වට වැරද්දක් නැහැ. ඔවුන්ගේ විශේෂත්වය තමයි බොහොම විශාල පරාසයක විහිදුනු බ්‍රව්නීස් වර්ග ප්‍රමාණයක් තිබීම. ඒ වගේම ඔවුන්ගේ මිලත් බොහොම සාධාරණයි. ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන Android සහ iOS යෙදුම් හරහා හෝ ඔබේ දුරකථනය හරහා ඔබේ ඇනවුම කරන්නට හැකියාව තිබෙනවා. පිළිගත් ගෙවීම් ක්‍රම සියල්ලෙන්ම ගෙවීම් කරන්නට ඇති හැකියාව නිසා පහසුවෙන්ම ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය කැමති බ්‍රව්නීස් දුසිමක් හෝ කේක් ගෙඩියක් කලට වෙලාවට ඔහු/ඇය වෙත යවා පුදුම කරවන්නටත් මේ මගින් හැකි වේවි.

     දුරකථන අංකය – 077 7877166

 

5. ඔබ පෙම් කරන්නේ පොත් ගුල්ලෙක්ට නම් 😊

 

  • Grantha.Lk
    Source – grantha.lk

    ග්‍රන්ථ වෙබ් අඩවියට ගොඩ වැදුනොත් ඔබට 10% සිට 30% දක්වා වට්ටම් ඔබ ඇනවුම් කරන පොත් වලට ලබාගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ මිලදී ගැනීම සඳහා සොයා බලන සියලුම ආකාරයේ පොත්පත් ගැන සංක්ෂිප්ත විස්තරයක් අදාළ පිටුවේම තිබෙන නිසා ඔබට වෙනත් අයගෙන් විමසීම් කරන්නට අවශ්‍ය වන්නේත් නැහැ. එක්ස්ප්‍රස් තැපැල් සේවය හරහා ඔබේ නිවසටම ලබාදෙන පොත් කට්ටලය බොහොම ප්‍රවේසමින් ලබාදීමට ග්‍රන්ථ වෙබ් අඩවියේ උදවිය වගබලා ගන්නවා. ඒ නිසා මුදල සහ ආරක්ෂාව ගැන නම් ඔබට බිය වීමට හේතුවක් නොමැති තරම්.

    දුරකථන අංකය – 071 9448899

 

  • Kbooks.Lk
    Source – kbooks.lk

    K Books ආයතනයේත් බොහොම විශාල පොත්පත් එකතුවක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ පොත් විශාල ප්‍රමාණයකට වට්ටම් සහ දීමනා ලබා දෙනවා. ඒ වගේම ඉක්මන් ඩිලිවරි සේවාව නිසා ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය කැමතිම පොත පත මේ හරහා තෑගි ලබා දී ඔවුන්ව පුදුම කරවන්නට ඔබට K Books හරහා හැකියාව දැන් තිබෙනවා.

    දුරකථන අංක සඳහා – මෙතනින් පිවිසෙන්න

 
 
Cover Image Source – floweraura.com




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here