කැරටින් ට්‍රීට්මන්ට්, හෙයා ස්ට්‍රේට්නින්, රීබොන්ඩින්… මොනවද මේ? මේ ගැන දැනගන්න කියවන්න – Hela FM Media


හෙයා ස්ට්‍රේට්නින් එහෙමත් නැත්නම් සිංහලෙන්ම කියනව නම් කොණ්ඩෙ කෙලින් කිරීම හෝ දිග හැරීම 90 දශකයේ අග භාගෙ සෑහෙන ජනප්‍රිය උනා. ඊට පස්සෙ පර්මින්ග්, කර්ලින් වගේ විලාසිතා කරලියට ආවට ස්ට්‍රේට්නින් දිගින් දිගටම යුවතියන් අතර ජනප්‍රියව පැවතුනා. රීබොන්ඩින්, හෙයා රිලැක්සින්, කැරටින් ට්‍රීට්මන්ට් වගේ වචන ගොඩක් මේ ස්ට්‍රේට්නින් ගැන කතා කර කරද්දි කියවෙනව. අපි අද කියන්න හදන්නෙ මොනවද මේ කියල. හෙයා ස්ට්‍රේට්නින් එකක් කරන්න ඉන්න අයටත් කරපු අයටත් මේ තොරතුරු අනිවා වැදගත් වේවි.

 

1. හෙයා ස්ට්‍රේට්නින්

හෙයා ස්ට්‍රේට්නින් ක්‍රම දෙකක් තියෙනව. එකක් ස්ථීර ලෙසම කොණ්ඩය දිග හැරීම, අනිත් ක්‍රමය තාවකාලිකව කොණ්ඩය දිග හැරීම.

  • ටෙම්පරරි හෙයා ස්ට්‍රේට්නින් – තාවකාලිකව ඔබට ඔබේ කොණ්ඩය ස්ට්‍රේට් කරගන්න පුළුවන්. උත්සව අවස්ථා වලට බොහෝ යුවතියන් මේ ක්‍රමය පාවිච්චි කරනව. ස්ට්‍රේට්නින් අයන්, බ්ලෝ ඩ්‍රයි, ඉලෙක්ට්‍රික් ස්ට්‍රේට්නින් බ්‍රෂස් වගේ දේවල් පාවිච්චි කරල පැය කීපයක් රඳවගන්න මේ ස්ට්‍රේට්නින් එක කරන්න පුළුවන්.
Source – beautyglimpse.com

 

* මේ ක්‍රම අනුගමනය කරනව නම් මතක තියාගන්නම ඕන කරුණ තමයි කොණ්ඩය කන්ඩිශනර් එකක් පාවිච්චි කරල සෝදා තිබීම වැදගත්. නැත්නම් හිස කෙස් පළුදු වෙන්න එහෙමත් නැත්නම් ඩැමේජ් වෙන්න පුළුවන්.

  • පර්මනන්ට් හෙයා ස්ට්‍රේට්නින් – රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කොණ්ඩය දිගහැරීම. පර්මනන්ට් හෙයා ස්ට්‍රේට්නින් කිව්වට අළුතින් වැවෙන කොණ්ඩය සාමාන්‍ය පරිදිම වැවෙනව. නමුත් ස්ට්‍රේට්නින් ට්‍රීට්මන්ට් කරපු කොටස ඒ විදියටම තියෙනව.
Source – youtube.com/Permanent Hair Straightening

පර්මනන්ට් හෙයා ස්ට්‍රේට්නින් එහෙකදි සිදු වෙන්නෙ අපෙ හිස කෙස් වල පවතින කැරටීන් ව්‍යූහය සෝඩියම් සහිත රසායනයකින් බිඳ හෙලල කොණ්ඩය හසුරුවා ගැනීම පහසු කරන එක. ඉන් පස්සෙ හිසකෙස් වල ෆයිබර් අවශ්‍ය පරිදි සකසගෙන භාවිතා කරන ඔක්සිඩන්ට් එකෙන් හිසකෙස් වල කැරටීන් යථා තත්ත්වයට පත් කරනව.

 

2. හෙයා ස්ට්‍රේට්නර්ස්
Source – 24hourspk.com
  • පර්මනන්ට් හෙයා ස්ට්‍රේට්නින් එකකට අකමැති ඒත් කොණ්ඩෙට එක එක විලාසිතා කරන්න කැමති යුවතියක් ලඟ හෙයා ස්ට්‍රේට්නින් අයන් එකක් තියෙනවමයි. ඒ නිසා මේ හෙයා ස්ට්‍රේට්නර්ස් ගැනත් අපි ටිකක් විස්තර දැනගන්න එක හොඳයිනෙ.

 

  • ස්ට්‍රේට්නින් එකකට ගැලපෙන්නෙ ෆ්ලැට් අයන් එක. මේ ෆ්ලැට් අයන් විවිධ පළලින් එනව. අඟල් 1/2 සිට අඟල් 2 දක්වා ප්‍රමාණ වලින් ගන්න පුළුවන්.

 

  • ස්ට්‍රේට්නර්ස් වර්ග තුනක් වෙළඳපොලේ තියෙනව. සෙරමික්, ටයිටෙනියම් සහ ටර්මලින් කියන වර්ග තුන තමා ඒ.

 

  • මින් සෙරමික් ස්ට්‍රේට්නර්ස් තමා හුඟක්ම ජනප්‍රිය. ඒ වගේම ටයිටේනියම් ස්ට්‍රේට්නර්ස් සහ ටර්මලින් ඉක්මණින්ම රත් වෙන නිසා පළපුරුදු අයෙකු නොවන නිවසේදී ස්ට්‍රේට්නර්ස් පාවිච්චි කරන කෙනෙකුට වඩාත්ම සුදුසු සෙරමික් ස්ට්‍රේට්නින්ග් අයන් එකක්.

 

  • හෙයා ස්ට්‍රේට්නින්ග් අයන් එකක් පාවිච්චි කරන්න කලින් හිසකෙස් සෝදා කන්ඩිශනර් කරනවට අමතරව හීට් ප්‍රොටෙක්ශන් ස්ප්‍රේ එකක් පාවිච්චි කරන එක වඩාත් සුදුසුයි. අයන් එකේ රස්නයෙන් හිස කෙස් වලට සිදු වෙන හානිය අවම කරන්න මේ ස්ප්‍රේ එක සමත්.

 

  • හෙයා ස්ට්‍රේට්නර් එකේ උෂ්ණත්වය හැමවිටම සෙල්සියස් 185 (ෆැරන්හයිට් 365) ට අඩුවෙන් පවත්වාගන්න. ඊට වඩා වැඩි රස්නයකින් පාවිච්චි කිරීම හිස කෙස් වලට හානිකර වෙන්න පුළුවන්.

 

  • කොණ්ඩෙට හානි නොකර ගන්න නම් ටිකක් ගාණ වැඩි උනත් හොඳම වර්ගයේ හෙයා ස්ට්‍රේට්නර් එකක් පාවිච්චි කරන එක නුවණට හුරුයි.

 

EBay – GHD Flat Iron

Mystore – Philips Hair Straightener

Takas – Valera Flat Iron

Mydeal – Geepas Hair Straightener

 

3. කැරටීන් ට්‍රීට්මන්ට්
Source – draxe.com

කැරටීන් ට්‍රීට්මන්ට් එහෙමත් නැත්නම් බ්‍රසීලියන් ස්ට්‍රේට්නින් කියල මේ ක්‍රමය හඳුන්වනව. කැරටීන් කියන්නෙ ස්වභාවිකව ඔබේ හිසකෙස් වල පවතින ප්‍රෝටීන වර්ගයට. මේ ප්‍රෝටීනය අපේ හිසකෙස් කෙලින් සහ දිදුලන ස්වභාවයෙන් පවත්වා ගැනීමට උදව් වෙනව. මෙහිදී භාවිතා කරන්නෙ එතරම්ම සැර නැති රසායනික ද්‍රව්‍ය. කැරටීන් ට්‍රීට්මන්ට් එකට පාවිච්චි කරන කැරටීන් බොහෝ විට ස්වභාවික නිසාම මේ ට්‍රීට්මන්ට් එකෙන් අනෙකුත් පර්මනන්ට් ස්ට්‍රෙට්නින් ට්‍රීට්මන්ට්ස් වලට වඩා හිස කෙස් වලට වන හානිය අඩුයි කියලයි කියන්නෙ. මේක පර්මනන්ට් හෙයා ස්ට්‍රේට්නින් එකක් කියල කිවාට මේ ට්‍රීට්මන්ට් එකෙන් කොණ්ඩය ස්ට්‍රේට්වට පවත්ව ගන්න පුළුවන් උපරිම මාස 6ක විතර කාලයක් පමණයි.

 

කැරටීන් ට්‍රීට්මන්ට් එක ගැන දැනගත යුතුම දේවල්
Source – wikihow.com
  • තරමක් මිල අධික ට්‍රීට්මන්ට් එකක්.

 

  • දිදුලන ලස්සන කෙස් කළඹක් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සෙ ඔබට හිමි වෙනව. නමුත් ට්‍රීට්මන්ට් එක සෙට්ල් වෙන්න දින තුන හතරක් යන නිසා කැරටීන් ට්‍රීට්මන්ට් එක කරපු සැණෙකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා.

 

  • කැරටීන් ට්‍රීට්මන්ට් එක කලාට පස්සෙ සෝඩියම් ක්ලෝරයිඩ් අඩංගු නොවන ශැම්පූ සහ කන්ඩිශනර් භාවිතා කරන්න මතක තියාගන්න.

 

  • ඒ වගේම මේ ට්‍රීට්මන්ට් එක කලාට පස්සෙ දින හතරක් යනකම් හිස කෙස් සෝදන්න එපා. ට්‍රීට්මන්ට් එක සෙට්ල් වෙන්න කාලය අවශ්‍යයි.

 

  • ඒ වගේම මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සෙ කැරටීන් අඩංගු ශැම්පු වර්ගයක් භාවිතා කලොත් හිස කෙස් වලට වඩාත් සුදුසුයි.

 

4. කෙමිකල් ස්ට්‍රේට්නින්
Source – botoxcapilar.org

එහෙමත් නැත්නම් හෙයා රිලැක්සින්. මේකෙදි සිද්ධ කරන්නෙ කැරටීන් ව්‍යූහය විතරක් නෙවෙයි සම්පූර්ණ කෙස් ගහේම ඇති රසායන ව්‍යූහය එකින් එක බිඳ හෙලීමක්. අවශ්‍ය ප්‍රමාණයට ව්‍යූහය බිඳ වැටුනට පස්සෙ හිස කෙස් දිගහැරීම සිදු කෙරෙනව. හොඳින් මේ ගැන හදාරල තියෙන දැනුවත් කෙනෙකුට කියල මේ ට්‍රීට්මන්ට් එක කරගන්න එක වඩාත්ම සුදුසුයි. එහෙම නොවුනොත් ඔබේ හිස කෙස් වලට බොහෝ හානි වෙන්න පුළුවන්.

 

5. රීබොන්ඩින්
Source – stylecraze.com

දිගු ඝණ කෙස් කළඹක් ඇති කාන්තාවන් බොහොමයක් මේ රීබොන්ඩින් ක්‍රමයට යොමු වෙනව. ඉතාම ජනප්‍රිය හෙයා ස්ට්‍රේට්නින් මෙතඩ් එකක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේකත් කෙමිකල් භාවිතා කරල කරන පර්මනන්ට් හෙයා ස්ට්‍රේට්නින් ට්‍රීට්මන්ට් එකක්.

 

6. හෙයා ස්ට්‍රේට්නින් එකකදී ඔබ දැනගත යුතු කරුණු
Source – 123beautysolution.in
  • හෙයා ස්ට්‍රේට්නින් ට්‍රීට්මන්ට් එකක් ගැන හිතද්දිම මුලින්ම මතක් වෙන්නෙ මිල ගණන්. මේ සෑම ට්‍රීට්මන්ට් එකකටම මිල ගණන් තීරණය වෙන්නෙ ඔබේ කොණ්ඩයේ දිග, ඝණත්වය සහ ස්වභාවය අනුවයි. කොණ්ඩයේ මේ ලක්ශණ අනුව එයට භාවිතා කරන්නට සිදු වන නිෂ්පාදන ප්‍රමාණය අනුව මිල තීරණය වෙනව. මේ නිසා ට්‍රීට්මන්ට් එකක් කරගන්න කලින් ඔබ ස්ට්‍රේට්නින් එක කිරීමට බලාපොරොත්තු වෙන සැලෝන් එකෙන් මේ ගැන දැනගන්න පුළුවන්.

 

  • මේ හැම ට්‍රීට්මන්ට් එකකින්ම සිදු කරන්නෙ ස්වභාවිකව ඔබේ හිස කෙස් වල පවතින ව්‍යූහය රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වෙනසකට ලක් කිරීම.

 

  • මේ හැම ට්‍රීට්මන්ට් එහෙකටම කලින් සැලෝන් එකේදි හිසකෙස් ශැම්පු කරල සෝදලයි ට්‍රීට් කරන්නෙ. මේ බොහෝමයක් හෙයා ස්ට්‍රේට්නින් ට්‍රීට්මන්ට් වලින් පස්සෙ දින තුනක්වත් නැවත හිසකෙස් තෙමන්න එපා කියල ඔබට උපදෙස් ලැබෙයි. ඒකට හේතුව මේ හැම ට්‍රීට්මන්ට් එකකටම භාවිතා කරන කෙමිකල් සෙට්ල් වෙන්න යම්කිසි කාලයක් ගත වීම.

 

  • හෙයා ස්ට්‍රේට්නින් එකක් කරගත්තට පස්සෙ පවතින්නෙ ඔබේ සාමාන්‍ය ස්වභාවික කොණ්ඩය නෙවෙයි කියල ඔබ දන්නවනෙ. ඉතින් මේ කොණ්ඩයට ඔබ සත්කාර කරන්න අවශ්‍යත් සාමාන්‍ය විදියට නෙවෙයි. ස්ට්‍රේට්නින් එකක් කරපු කෙනෙක්ට හැම ශැම්පු වර්ගයම ගැලපෙන්නෙ නෑ. එයින් හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්. ඔබට ගැලපෙන ශැම්පු වර්ග ගැන සැලෝන් එකෙන් අසා දැනුවත් වීම අනිවාර්යයි. කන්ඩිශනර් භාවිතයත් හෙයා ට්‍රීට්මන්ට් එකකින් පස්සෙ හිස කෙස් වල ආරක්ෂාවට අනිවා වැදගත්.

 

  • ස්ට්‍රේට්නින් එකක් කලාට පස්සෙ ඉස්සර නිදාගත්තා වගේ ඔහේ නිදා ගන්න නම් බෑ. කොණ්ඩය වැඩිය පොඩි නොවෙන්න තියාගන්න ඕනෙ. එහෙම නැති උනොත් අමුතු හැඩේට එහෙට මෙහෙට නැවිච්ච කොණ්ඩයක් එක්ක තමා නැගිටින්න වෙන්නෙ ;).

 

  • බ්ලෝ ඩ්‍රයි තහනම්. ස්ට්‍රේට්නින් එකක් කරපු කොණ්ඩයක් බ්ලෝ ඩ්‍රයි කරන එකෙන් කොණ්ඩයට වෙන්න පුළුවන් හානිය උපරිමයි. නෑවට පස්සෙ ඉක්මණට කොණ්ඩය වේල ගන්න ඕනෙ නම් හොට් බ්ලෝ නැතුව කූල් බ්ලෝ එකක් පාවිච්චි කරන්න.

 

  • ස්ට්‍රේට්නින් එහෙකට පස්සෙ මාස 3-6ක් ගත වෙනකම් හෙයා කලරින්, හයිලයිට්ස් වගේ කෙමිකල් භාවිතා වෙන හෙයා ස්ටයිල්ස් කරන්න යන්න එපා. ස්ට්‍රේට්නින් එකකට පස්සෙ හිස කෙස් වලට දීර්ඝ විවේක කාලයක් අවශ්‍යයි.

 

  • නෑමට සාමාන්‍ය වතුර පාවිච්චි කරන්න. ස්ට්‍රේට්නින් එහෙකින් පස්සෙ හොට් වෝටර් බාත් එකකින් කොණ්ඩයේ තෙතමනය ගිලිහෙන්න පුළුවන්.

 

  • හිසකෙස් හිරු රැසින් සහ වැහි වතුරෙන් පරිස්සම් කරගන්න. අව්වෙ යනව නම් කුඩයක් පාවිච්චි කරන්න. වැස්සට තෙමුනොත් අනිවාර්යයෙන්ම නැවත හිස කෙස් සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.

 

  • ලීව් ඕන් කන්ඩිශනර් එකක් පාවිච්චි කරන්න. හිස කෙස් වල තෙතමනය රැකගන්න එක ඉතාම වැදගත්. සති දෙකකට වතාවක්වත් ඔයිල් මසාජ් එකක් කරන්න.

 

7. මතක තියාගන්න
Source – bustle.com
  • ඔබ ගැබිණි කාන්තාවක් නම් හෝ කිරි දෙන මවක් නම් හෙයා ස්ට්‍රේට්නින් එකක් කරගැනීම සුදුසු වන්නේ නැහැ. මේ සියළුම ට්‍රීට්මන්ට්ස් කෙමිකල් භාවිතයෙන් සිදු කෙරෙන බැවින් ඒවා ඔබේ සෞඛ්‍යට අහිතකර වන්න පුළුවන්.

 

  • මේ සෑම ට්‍රීට්මන්ට් එකක්ම සිදු කිරීමට ප්‍රථම ඔබට ආසාත්මික වෙන්න පුළුවන්ද කියන එක ගැන කලින් දැනුවත් වෙන්න.

 

  • ස්වභාවික හිසකෙස් වල ව්‍යූහය බිඳ වැටීමෙන් හිස කෙස් හැලීම, වියළීම, අග පැලීම, ස්වභාවික දිස්නය අහිමි වීම කියන අතුරු ප්‍රතිඵල වලට ඔබට මුහුණ දෙන්නට සිදු වේවි.  මේ දේවල් අවම කරගන්න නම් අවශ්‍ය පමණට ජලය පානය කිරීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම සහ හිස කෙස් වලට ඉහත උපදෙස් පරිදි සත්කාර කිරීම ඉතාම වැදගත්.

 

  • ටෙම්පරරි එහෙමත් නැත්නම් නන් කෙමිකල් හෙයා ස්ට්‍රේට්නින් ක්‍රම හැරුණු කොට අනිත් හැම හෙයා ස්ට්‍රේට්නින් ක්‍රමයක්ම කලාට පස්සෙ ඒ ස්ට්‍රේට් බව කාලයත් එක්ක නැති වෙලා ගියාම නැවත ස්ට්‍රේට් කරන්න කලින් ඔබ මාස 6ක්වත් හිස කෙස් ස්වභාවිකව තියෙන්න හරින්න අවශ්‍යයි.

 

Cover Image Source – youtube.com/How to straighten my hair at home perfectly




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here