ටෝකියෝ ඔලිම්පික් උළෙල පිටුපස එන අවාසනාව කුමක්ද ?


1940 සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලවල් නතර කිරීම අතර අහඹු සමානතා රැසක්

ජපානයේ තෝකියෝ නුවර පැවැත්වීමට සැලසුම්කර තිබූ 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. එය ජපානයට දැඩි කම්පනයක් ඇති කළ බව නොරහසක්. ඒත් මේ සමග තවත් අපූරු කතාවක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා සමාජගත වුණා. ඒ ජපානයට මෙවැනිම අමිහිරි සිදුවීමකට අදින් වසර 80කට පෙර, එනම් 1940දී ද මුහුණ දීමට සිදු වූ බවයි.

ඒත් 1964 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අවස්ථාවට ජපානයේ ටෝකියෝ නුවරට හිමි වුණා.

1940දී ඔලිම්පික් උළෙළ පැවැත්වීමට නියමිතව තිබුණේ ජපානයේ ටෝකියෝ නුවර. එම අවස්ථාව ජපානයට ලබා ගැනීම සදහා එවකට ජපන් අධිරාජ්‍යයට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වුණ අතර අනපේක්ෂිත සිදුවීම් ජාලයක ප්‍රතිඵලයක් ලෙස එය ජපානයට හිමි වුණා. ඒත්… එදා ජපානයට එම අවස්ථාව අහිමි වුණා. ඒ ජපානය ද සම්බන්ධ වූ දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිසා 1940 සහ 1944 (එංගලන්තයේ ලන්ඩන්) ඔලිම්පික් උළෙලවල් නොපැවැත්වීමට සිදු වූ නිසයි.

මීට පෙර 1916 දී ද ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල නවතා දමනු ලැබුවා. ඒ ජරමනිය විසින් ආරම්භ කළ පළමු වැනි ලෝක යුද්ධය නිසයි. (ඒත් ජර්මනිය 1936 බර්ලින්, 1972 ජර්මනියේ මියුනික් වලදී ඔලිම්පික් උළෙල පැවැත් වූවා)

ජපානයේ එළඹෙන 1940 ඔලිම්පික් උළෙල සැමරීම සඳහා ටෝකියෝ හි 1943 පැවැති නත්තල් සාදයක ​​දකුණු පසින් 1940 XII ඔලිම්පියාඩ් ටෝකියෝ නමින් සදහන් විශාල කේක් එකක් තිබේ.

1940 ටෝකියෝ ඔලිම්පික් උළෙල

1940දී ජපානයේ ටෝකියෝ නුවරදී ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අවස්ථාව දිනා ගැනීමට ජපානයට දැවැන්ත දේශපාලන හා බල අරගලයක යෙදීමට සිදු වුණා. ඒ අතර ජපානය තුළින්ම එල්ල වූ අභියෝග මෙන්ම ජාත්‍යන්තර අභියෝග රැසක් තිබුණා.

1940 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අයිතිය දිනා ගැනීම සදහා ජපානය උත්සාහ කරන විට ජපානය දැවැන්ත භූමිකම්පාවකින් දැඩිව පීඩාවට පත්ව තිබුණා. එය 2020 ට සමාන කරන්නේ නම් අදින් වසර 09කට පෙර ජපානය ‘පූජියාමා භූමිකම්පාවෙන් දැඩිව බැට කා තිබුණා. එවැනි තත්ත්වයක් හමුවේත් ජපන් අභිමානය හා ආර්ථික හැකියාව ලොවට ප්‍රදර්ශනය කිරීමට එවකට පැවැති ජපන් අධිරාජ්‍යයාට වුවමනා වුණා.

මේ සමග තවත් වැදගත් කරුණක් ද තිබුණා. ඒ යුරෝපා මහ ජාතීන්ගෙන් බාහිරව ආසියානු රටක ඔලිම්පික් උළෙලක් පැවැත් වෙන ප්‍රථම අවස්ථාවත් 1940 ටෝකියෝ ඔලිම්පික් උළෙලයි. එය ජපානයට පමණක් නොව ආසියාවටත් අභිමානයක් වුණා.

‘‘මීට වසර කිහිපයකට පෙර ටෝකියෝ නගරය විනාශ කළ භූමිකම්පාවෙන් ටෝකියෝව ජය ගත් බව ලොවට පෙන්වන දර්ශනයක් වන යුරෝපයට හා උතුරු ඇමරිකාවෙන් ඔබ්බට පැවැත්වූ පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙය විය“ පසු කලක ඔලිම්පික් ඉතිහාසය ලියූ ලේඛකයින් සදහන් කළා.

1940 – 2020 අත්භූත සිදුවීම් හා සමානකම්

2020 ඔලිම්පික් උළෙල කල් දැමීම ගැන විමර්ශනය කරන පිරිස් මේ සිදුවීම සහ 1940 සිදුවීම අතර අපූරු සමානකම් දකිනවා.

1932 දී ලොස් ඇන්ජලීස් හි පැවති ඔලිම්පික් උළෙලේදී ජපානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වය සහ 1931 දී මැන්චූරියාව ආක්‍රමණය කිරීම පිළිබඳ ජාත්‍යන්තර විවේචන, ජපාන අධිරාජ්‍යය දිගින් දිගටම චීනය දක්වා ව්‍යාප්ත වීම ආදි කාරණා ඔලිම්පික් උළෙල ජපානයට දිනා ගැනීමට එරට රජය පොළඹවා ගැනීමට එය ඉවහල් විය.

මීට පෙර ඔලිම්පික් උළෙල පවත්වා තිබුණේ බටහිර රටවල ප්‍රභූ නගර වල පමණි. එය ඔවුන්ගේ අභිමානය හා බලය පෙන්වන දෙයක් ලෙස සැලකුණි. එහෙත් ජපන් පිහිනුම් ක්‍රීඩකයින් 1932 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී සිය ආධිපත්‍ය පැතිරවීය. මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ජපානයේ යසුජි මියාසාකි Yasuji Myiazaki සමත් විය.

ඩේවිඩ් ගෝල්ඩ්බ්ලැට් සිය “ගේම්ස්” නම් පොතේ  David Goldblatt writes in his book “The Games” මෙසේ ලියයි: “ජාත්‍යන්තර කීර්තිය සහ ඔලිම්පික් ජයග්‍රහණයන් අතර සහසම්බන්ධය … ජපන් ඔලිම්පික් උළෙල පිළිබඳ අදහස පළමුවෙන් පිළිගත හැකි, පසුව ප්‍රියජනක සහ අවසාන වශයෙන් විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගයකි‘‘

1932 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත් ජපානයේ යසුජි මියාසාකි එම ඉසව්ව නිම කරමින් සිටින අයුරු. 15 හැවිරිදි ඔහු අවසන් පූර්ව වටයේදී තත්පර 58.0 ක නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීය.

2011 වසරේදී සිදු වූ පුජියාමා ව්‍යසනයෙන් (භූමිකම්පාවෙන්) වසර 09කට පසු 2020 දී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව සිටි ඔලිම්පික් උළෙල “ප්‍රතිසාධන ඔලිම්පික් “Recovery Olympics ” ලෙස නම් කරනු  ලැබුවාක් මෙන්, ටෝකියෝ නගරාධිපති නාගටා හයිඩ්ජිරෝ විසින් 1930 දී ප්‍රථම වරට 1940 ඔලිම්පික් උළෙලක් ප්‍රකාශයට පත් කරන ලදී.

1923 භූමිකම්පාවෙන් ටෝකියේ අගනගරයේ බොහෝ ප්‍රදේශ විනාශ කර දැමූ නමුත් ඒ වන විට, වසර 10කට ආසන්න කාලයකදී ටෝකියෝව යළි ගොඩනැගීමට හැකියාව ලැබී තිබුණි. (මෙය ද 2020ට සමානවේ)

එපමණක් ද නොවේ 1940 ටෝකියෝ නුවර පැවත් වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙළ ද ජිම්මු අධිරාජ්‍යයාගේ මිථ්‍යාදෘෂ්ටික පිවිසුමේ 2,600 වන සංවත්සරය හා ජාතියේ අත්තිවාරම සමඟ සමපාත වේ Emperor Jimmu’s mythical accession and the foundation of the nation. ගෝල්ඩ්බ්ලැට් එය විස්තර කළේ “වැඩි වැඩියෙන් ජාතිකවාදී සංස්කෘතියක් තුළ ජපන් ඔලිම්පික් උළෙල සඳහා සහයෝගය ගොඩනැගීම සඳහා පරිපූර්ණ සංකල්පයක්” ලෙස ය.

ජපානයේ මලල ක්‍රීඩා නියෝජිත කණ්ඩායම 1912 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී ජපානයේ පළමු ඔලිම්පික් සහභාගීත්වය සනිටුහන් කළේය

උද්ඝෝෂණ ආරම්භ වේ

1930 ගණන් වලදී ජපානයට ඔලිම්පික් පරම්පරාවක් තිබුණි. 1912 දී එය ඔලිම්පික් උළෙලට සහභාගී වූ පළමු යුරෝපීය හෝ ඇමරිකානු නොවන රට බවට පත්ව සිටි අතර සැලකිය යුතු ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයිඕසී) නියෝජිතයින් ද විය.

“1930 ගණන්වල මුල් භාගයේදී ජපානය ක්‍රීඩා උළෙල තම රටට ලබා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් උද්ඝෝෂණය කර තිබුණා” යැයි යේල් විශ්ව විද්‍යාලයේ ජපන් අධ්‍යයන පිළිබඳ මහාචාර්ය සුමිටෝමෝ මහාචාර්ය විලියම් කෙලී සීඑන්එන් වෙත පැවසීය.

ජූඩෝ පුරෝගාමියා සහ  IOC  සාමාජික බාරොන් ජිග්රෝ කැනෝෙ 1932 ඔලිම්පික් උළෙල අවසානයේ දී  IOC  වෙත ප්‍රධාන දේශනයක් කරමින් ජපානයේ ලංසුව සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ බව විශ්වාස කෙරේ.

එවකට  IOC  නායක බෙල්ජියමේ හෙන්රි ඩි බේලට්-ලැටෝර්ට Henri de Baillet-Latour අනුව කැනෝ කාමරයේ සිටි අයට පැවසුවේ ජපානයේ ඔලිම්පික් උළෙල පැවැත්වීමෙන් ඔලිම්පික් ව්‍යාපාරයේ නිර්මාතෘ පියරේ ද කූබර්ටින්ගේ Pierre de Coubertin දැක්ම පුළුල් වන බවත්, ඒ සමග නැගෙනහිර – බටහිර අතර පැවති පරතරය පියවන බවත්ය.

මෙම සන්දර්භය තුළ, 1940 ඔලිම්පික් උළෙල “ඔලිම්පික් ව්‍යාපාරය විශ්වීය යැයි අයිඕසී වාචාලකම නීත්‍යානුකූල කිරීමට ඉවහල් විය” යනුවෙන් ආචාර්ය සැන්ඩ්‍රා කොලින්ස් සිය ‘1940 ටෝකියෝ ක්‍රීඩා උළෙල – අතුරුදන් වූ ඔලිම්පික්“ නම් පොතේ ලිවීය‍.

ලිබරල්වාදීන්ට ගෝලීය උත්සවයක් පිළිබඳ දර්ශන තිබුණද, ජපාන රජය ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වාසි වෙනස් ලෙස දුටුවේ බටහිර ආධිපත්‍යය දරන ලෝකයකට බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස ය. සියවසේ මුල් භාගයේදී රට කලාපයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය පවත්වා ගෙන යාමට සහ ශක්තිමත් කිරීමට කැපවී සිටි අතර මහා අවපාත සමයේදී ජපානය සිය ආර්ථික ගැටලු මිලිටරි ජයග්‍රහණ මගින් විසඳනු ඇතැයි යන විශ්වාසය වර්ධනය විය.

නමුත් 1940 දී ටෝකියෝව සත්කාරකත්වය දැරීමේ තරඟය ජයග්‍රහණය කිරීම සහතික නොවීය. රෝමය සහ හෙල්සින්කි ප්‍රධාන ප්‍රතිවාදීන් වූ අතර ඉතාලි අගනුවර ජනප්‍රියම ස්ථානය ලෙස සැලකුණේය. එබැවින් 1935 දී ජපානයේ අයිඕසී සාමාජික සුගිමුරා යතාරෝ ඉතාලියට ගොස් ෆැසිස්ට් ආඥාදායක බෙනිටෝ මුසොලිනි හමුවී ඔහුගෙන් ඉල්ලා සිටියේ එහි ලංසුව ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

“ජාත්‍යන්තර ක්‍රීඩා දේශපාලනයේ සම්මතයක් බවට පත්ව ඇත“

මුසෝලිනී සුපුරුදු ලෙස අවංකව ප්‍රකාශ කළේ, 1944 දී රෝමයට ඔලිම්පික් උළෙල ලබා ගැනීම සදහා වන තම උත්සාහයට ජපානය සහාය දෙන්නේ නම්, 1940දී ජපානයට ඔලිම්පික් උළෙල ලබා ගැනීම සදහා සිය සහාය දෙන බවත්, තම ලන්සුව ඉල්ලා අස්සකර ගන්නා බවත්ය”ගෝල්ඩ්බ්ලැට් ලිව්වේය.

ජපානයට පොරොන්දු වූ ආකාරයෙන්ම මුසොලිනි 1940 ඔලිම්පික් උළෙල සඳහා රෝමයේ ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේය.

බෙනිටෝ මුසොලිනි 1940 ඔලිම්පික් උළෙල සඳහා රෝමයේ ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේය.

1936 බර්ලින් නාසි බලය හමුවේ

1936 දී ජර්මනියේ බර්ලින් නුවර ඔලිම්පික් උළෙල පැවැත් වූ අතර එය හිට්ලර් සිය නාසි බලය ලොවට ප්‍රදර්ශනය කිරීම සදහා අවස්ථාවක් කරගත් බවට දැඩි විවේචන එල්ල විය. ඒ සමග බටහිර ජාතීන් තුළ කණස්සල්ලක් ඇතිකර තිබූ ජපන් අධිරාජ්‍යවාදය ද 1940 ඔලිම්පික් උළෙල සදහා ඉදිරිපත්වීම ඉතා උණුසුම් තත්ත්වයක් නිර්මාණය කළේය.

වමේ සිට දකුණට – ඇමරිකාවේ රිදී පදක්කම්ලාභී ජැක් මෙඩිකා, ජපානයේ රන් පදක්කම්ලාභී නොබොරු ටෙරාඩා සහ ලෝකඩ පදක්කම්ලාභී ජපානයේ ෂම්පෙයි උටෝ පදක්කම් ලබා ගැනීමට පැමිණ සිටියදී – 1936 බර්ලින් ඔලිම්පික් උළෙල

මේ සමග 1940 ඔලිම්පික් උළෙල සදහා ස්කැනේඩියානු රාජ්‍යයක් වූ පින්ලන්තයේ හෙල්සින්කි නුවර ද තරග කළ අතර ඔවුන්ට එම අවස්ථාව හිමි විය.

‍මේ අතර 1938 දී, ජපානය චීනය ආක්‍රමණය කර වසරකට පසුව, අයිඕසී විසින් 1940 දී ශීත ඍතු ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දැරීම සදහා ජපාන නගරයක් වන සප්පෝරෝ වෙත ප්‍රදානය කරන ලදී.

ජපානය චීනය ආක්‍රමණය කරමින් චීන නගර විනාශ කිරීම පිළිබදව ඇමරිකානු සහ යුරෝපීය පුවත්පත්වල වාර්තා වීමත් සමඟ එම වසරේම ප්‍රධාන රටවල් වර්ජනය කරන බවට තර්ජනය කිරීමත් සමඟ ජපාන රජය ගිම්හාන සහ ශීතඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අයිතිය අහිමි කළේය.

චීනය සමඟ යුද්ධයක පැටලී ගෝලීය ගැටුමක් ක්ෂිතිජයේ පවතින බව දැනගත් හමුදා රජය ජාතික බලමුලු ගැන්වීමේ පනත සම්මත කළේය.

“මාස තුනකට පසු, ජපානයේ ජපන් ජාතිකයින් අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය වශයෙන් බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය ඉල්ලා සිටි අතර 1940 ක්‍රීඩා අත්හැරියේය” යනුවෙන් ගෝල්ඩ්බ්ලැට් ලියයි.

“අත්හිටුවීම 1936 ඔලිම්පික් උළෙලින් වෙන් කළ නොහැක” යනුවෙන් කෙලී පවසයි. 

“ඇමරිකානුවන්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය 1940 ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම ගැන කතා කිරීමට පටන් ගත්තේ හිට්ලර් විසින් මෙම දැවැන්ත ප්‍රචාරක ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඔවුන් නරක ලෙස භාවිතා කර ඇති බව ඔවුන්ට හැඟුණු බැවිනි. එබැවින් එය ඇත්ත වශයෙන්ම බර්ලින් ඔලිම්පික් බලපෑම නිසා ජපාන රජය සිය ලංසුව ඉල්ලා අස්කර ගැනීමට හේතු විය. ප්‍රධාන බලවතුන් නොමැතිව ඔලිම්පික් උළෙල පැවැත්වීම වඩාත් නරක බව ජපානය දැන සිටියේය.

නාඕටෝ ටජීමා (ජපානය) 1936 දී බර්ලිනයේ ත්‍රිත්ව පැනීම ඉසව්ව නියෝජනය කරමින්

ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව විසින් 1940 ඔලිම්පික් උළෙල හෙල්සින්කි වෙත ප්‍රදානය කිරීමට කටයුතු කළ නමුත් 1939 නොවැම්බරයේ සෝවියට් සංගමය ෆින්ලන්තය ආක්‍රමණය කිරීමත් සමග 2020 දී මෙන් එම වසරේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීමේ බලාපොරොත්තුව අවසන් විය.

අවලංගු කිරීමේ පිරිවැය

ප්‍රවාහනය, සනීපාරක්ෂාව සහ හෝටල් ඉදිකිරීම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ආර්ථික ආයෝජනයක් සිදු කරමින් 1940 ඔලිම්පික් උළෙල සඳහා ටෝකියෝව සූදානම් වීම “සෑහෙන තරම් සැලකිය යුතු” බව කෙලී පවසයි.

“ක්‍රීඩා සඳහා භාණ්ඩ හා සේවා සැපයීමේදී පහසුකම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹවූ දේශීය ව්‍යාපාර අනාගත ගනුදෙනුකාර පදනමක් නොමැතිව සිටින බව පෙනී ගියේය. එබැවින් ව්‍යාපාරික ප්‍රජාව ටෝකියෝවේ කලබලයට පත්වූ නමුත් මෙය ඔබට සැබවින්ම ප්‍රකාශ කිරීමට නොහැකි වූ අවස්ථාවකි.

කෙලී පැහැදිලි කරන්නේ 1940 දී ආර්ථික වශයෙන් වඩා රට දේශපාලනික වශයෙන් පීඩා විඳි බවයි.

“ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨ රටක්ද යන්න සෙසු ලෝකයට පෙන්වීම සඳහා ලෝකයේ විශාලතම මෙගා ඉසව්ව භාවිතා කිරීමට ඔබට හැකියාවක් නැත,” ඔහු තවදුරටත් පවසයි.

1940 ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටු රැස්වීමක්. 1938 ජූලි 16 වන දින ජපානයේ ටෝකියෝ නුවර මැන්ටෙට්සු කයිකන් හිදී

ටෝකියෝ 2020 කල් දැමීමේ බලපෑම ගණනය කර ඇති පරිදි, 1920 සහ 1930 ගණන්වල ඔලිම්පික් උළෙල අද අප දන්නා හුරුපුරුදු ඩොලර් බිලියනයක ව්‍යාපාරයට වෙනස් එකක් බව මතක තබා ගැනීම වටී.

ඔලිම්පික් ඉතිහාසඥයින්ගේ ජාත්‍යන්තර සංගමයේ සභාපති ඩේවිඩ් වොලචින්ස්කි සීඑන්එන් ස්පෝර්ට් වෙත මෙසේ පවසයි:

“එදා මේ තරම් විශාල අවධාරණයක් නොතිබුණි. 1948 දී ක්‍රීඩා උළෙල වසර 12 කට පසු නැවත පැමිණි විට මිනිසුන් එය කිසිසේත් සිදු නොවීම ගැන සතුටු විය. ඇත්ත වශයෙන්ම, රූපවාහිනිය හඳුන්වාදීම, මිනිසුන්ට එය සජීවීව නැරඹිය හැකි හෝ අවම වශයෙන් දිනපතා වාර්තාවක් කියවිය හැකි වීම සමග එය ගෝලීය අවධානය දිනා ගත් නමුත් 1940 දශකයේදී එවැනි උණුසුම් තත්ත්වයක් නොවීය. නමුත් විද්‍යුත් මාධ්‍ය බිහිවීම සමග 1960 දශකය වන විට එය සමස්ත ගනුදෙනුවක් විය.“

අනාගතය

ඔලිම්පික් උළෙලක් පවත්වන සෑම අවස්ථාවකම අර්බුදයක් ඇති බව පෙනේ. 2012 දී ආරක්ෂක ගැටළු ඇති අතර, 2016 දී එය සිකා වෛරසය විය. දැන් 2020 දී එය කොරෝනා නමින් නැවත පැමිණියේය.

පසුගිය සතියේ ජපානයේ නියෝජ්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු කමිටුවකට පවා කියා සිටියේ ටෝකියෝ 2020 ශාපයකට ලක්ව ඇති බවයි. සෑම වසර 40 කට වරක්ම අසාමාන්‍ය ලෝක සිදුවීම් හේතුවෙන් ඔලිම්පික් උළෙල නතර වන බවට ඔහු තර්ක කළේය.

2020 මාර්තු 24 වන දින ගන්නා ලද ඡායාරූපයකි. මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ෆුකුෂිමා හි ප්‍රදර්ශනය කර ඇත

ඔලිම්පික් උළෙල බොහෝ දුරට නොනැසී පවතී. 1972 ජර්මනියේ මියුනික් ඛේදවාචකය, 1984 මොස්කව් ඔලිම්පික් උළෙල බටහිර රටවල් විසින් වර්ජනය කිරීම, 1996 ඛේදවාචකය සිදුවිය. නමුත් පසුගිය වසර 100 තුළ ලෝකය කොරෝනා වසංගතය වැනි දෙයක් අත්විඳ නොමැත.

“අපි [මාධ්‍ය], ඔලිම්පික් උළෙල දක්වා සෑම විටම ඍණාත්මක දේ සොයන්නේ එය හොඳ කතාවක් නිසා” යැයි වොලෙචින්ස්කි පවසයි.

“ලන්ඩනයේ සෑම දෙයක්ම හොඳ අතට හැරෙන බව 2012 දී මිනිසුන්ට පැවසීම හොඳ කතාවක් නොවේ. 2000 දී සිඩ්නි වැනි හොඳම සංවිධානාත්මක ඔලිම්පික් උළෙලවල්වලට පවා සෑම විටම මෙම නිෂේධාත්මක කථා කල්තියාම ඇති අතර කමිටු සංවිධානය කිරීමේදී මම මිනිසුන් සමඟ කතා කළ සෑම අවස්ථාවකම මම අපි ඔවුන්ට මේ ගැන අනතුරු ඇඟවූවා. ( ඒ ඔබ නොවේ, ඒ අපි) නමුත් සමහර විට මෙම අනතුරු ඇඟවීම් සැබෑ ඒවා වන අතර මේ අවස්ථාවේ දී ද ඒවා එසේ ය”

සී.එන්.එන්. හි 2020 මාර්තු 26 වැනි දින පළ වූ වාර්තාවකි. සැකසුම – තුෂාධවි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here