තමුන් වැඩ කරන මේසය මේ විදිහට පිළිවෙලක් කරගත්තොත් ඔෆිස් වැඩ වෙනදටත් වඩා ලේසි වෙයි – Hela FM Media


කට්ටිය ඔෆිස් යන්න හිතද්දිත් ඈනුම් අරින සීන් එකක් තියෙනවනෙ. ඒකට ඉතිං හේතු ගොඩක් තියෙනව වගේම ඒ අතරේ එක හේතුවක් විදියට වැඩ කරන තැන වැඩක් කරන්න පිරියක් නැති කමත් හේතුවක්. දැන් ඔය හේතුවට නං බොහෝවෙලාවට තමුන් කරන වැඩ සහ ඉන්න තැන්වල ඕගනයිසින් අවුල සෑහෙන්න බලපානවා. අපි කියන්න යන්නෙ ඔයත් ඉන්නෙ ඒ විදියෙ ඔෆිස් වටපිටාවකනං ඔයාට ඔයා කරන වැඩ ටික පිළිවෙළක් කරගන්න ලේසි පාසු විධි කීපයක්.

 

1. පෞද්ගලිකත්වය ඈත් කරන්න
Source – imgur.com

ඔන්න මේක ප්‍රධානම හේතුවක් වැඩ මග ඇරෙන්න. කට්ටිය තමුන් වැඩ කරන තැන වයිෆ්ගෙ, දරුවගේ, බල්ලගෙ පින්තූර තියාගෙන ඉන්නවා. ඊටපස්සෙ තවත් සමහරු අදහන ආගමේ පින්තූර සහ ප්‍රතිමා, කට්ටිය දීපු තෑගි වගේම කාලයක් තිස්සෙ එකතු කරපු මුදල් නෝට්ටු වගේ දේවලුත් තියාගෙන ඉන්නවා. ඔය විදියට කරනකොට අවධානය එහෙමෙහෙ යන්න වගේම, අත්‍යවශ්‍ය‍ දේට මේසය උඩ ඉතුරු වෙන ඉඩත් හුඟක් දුරට අඩු වෙන්න ඉඩ තියනවා. ඒ නිසා රජකාරියට අදාල නැති පෞද්ගලික දේ මේසයෙන් ඈත් කරනවානං හොඳයි.

 

2. ෆ්‍රී ස්පේස් එකක්
Source – glassdoor.com

මේසෙ උඩ පොඩි ෆ්‍රී ස්පේස් එකක් තියාගන්න එක වැදගත්. කොළයක් හොයන්න, ෆයිල් එකක් තියාගන්න වගේම හදිස්සියට නෝට් එකක් දාගන්න කොළයක් තියාගන්නත් පොඩි ෆ්‍රී ස්පේස් එකක් තියෙන එක වටිනවා. අපි කොච්චර ඩිජිටල්කරණයට ලක් වුනත් තාමත් ඔටෝ යද්දි ඇනලොග් වෙන්න හදන ස්වරූප අපේ ඇ‍ඟෙන් මතු වෙනවනෙ.

 

3. අදාළ දේත් ගොඩක් එපා
Source – satoridesignforliving.com

දැන් ඉතිං රස්සාවක් කරනකොට මේසෙ උඩ පෑනක් තිබීම අත්‍යවශ්‍යයි කියල හිතමු. එහෙමයි කියල හත වසරෙ ගෑණු ළමයෙක් වාර විභාගෙ ලියන්න ගියා වගේ පෑන් කන්දක් මේසෙ උඩ පොදි ගහගන්න එපා. ඒක ඔයාට කරදරයක්. හිතාගන්න බැරි කරදරයක්. ඒ නිසා වැඩිපුර පෑන් ලාච්චුවට දාන්න. ඒ වගේම නිතර අවශ්‍ය නොවෙන ස්ටේප්ලර් එක වගේ දේවලුත් ලාච්චුවකට දාගන්න.

 

4. කරදරයක් නොවෙන්න
Source – studentloansherpa.com

දැන් ඔය නිතර භාවිතා වන ඒත් අත ළඟින් තියාගන්න බැරි දේවලුත් මේසෙ උඩ තියෙනවනෙ. ඒ වගේ දේවල් නිතර ගන්නකොට මේසෙ උඩ තියෙන අනිත් බඩු පෙරෙලෙන්න බිම වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. අන්න ඒක තේරුම් අරගෙන අනිත් බඩු පෙරළෙන්නෙ නැති විදියට ලෑන්ඩ් ෆෝන්, වතුර බෝතල්, තේ කෝප්ප වගේ දේවල් තියාගන්න.

 

5. ඩොකියුමන්ට් ට්‍රේ එකක වැදගත්කම
Source – made.com

කලිනුත් කිවුව වගේ ඔටෝපයිලට් යද්දි ඇනලොග් මිනිස්සු වෙච්ච අපිට ෆයිල් එකක් දෙකක් මේසෙ උඩ තියෙන එක වැදගත්. දැන් ඔය විදියට මේසෙ උඩ තියෙන්නෙ ෆයිල් එකක් නෙමෙයිනෙ. ඉතින් ෆයිල් දෙකක් තුනක් තියෙනකොට ෆයිල් එක උඩ එක තියාගෙන අදිද්දි ඉඩ ඇහිරෙන්න බලනවා. අන්න ඒකට තියෙන හොඳම විසඳුම තමයි ඩොකියුමන්ට් ට්‍රේ එකක තියාගන්න එක. ඒකෙන් ගොඩක් ඉඩ ඉතුරු කරගන්න පුළුවන්.

 

6. පොඩි සුද්දයක් දීලම දවස ඉවර කරන්න
Source – archiparti.co

මේකනං අපේ උන්දැලට හුරු නැතිම වැඩක්. ඒ තමයි පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා ඉන්න තැනින් නැගිටින එක. ඒ කියන්නෙ දවසෙ වැඩ ඉවර වුනාම එහෙම යකාගෙ කාමරේ වගේ බඩු ඇදලා දාලා යන්නෙ නැතුව පහුවදා උදේට එනකොට දැක්කම පිරියක් තියෙන විදියට තමුන්ගෙ තැන පිළිවෙළට හදලා යන්න. අතට හුරු පුරුදු වෙනදා මේසෙ උඩ බඩු තිබුණු විදියට මේසය හදන්න, විසිකරන්න තියෙන කොළ ටික විසික් කරන්න.

 

7. ස්ටිකී නෝට්
Source – pixabay.com

වෙළඳපොලේ ලාබෙට තියෙන නිසා අරගත්තට කට්ටිය මේවයෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. වැඩ ගොඩක් තියෙන මිනිස්සුන්ට ස්ටිකී නෝට් එකක් තියෙන එක වැදගත්. එදා දවසට කරල ඉවර කරන්න තියෙන ලිස්ට් එකක් ලියල තියෙන එකේ වැදගත්කමක් තියෙනව. කලිනුත් කිවුව වගේ අපි කොහොමත් නියුට්‍රල් පිට ඇනලොග් මිනිස්සු නිසා අපිට රිමයින්ඩර් ඇප් එකකට වඩා කොළේක ලියලා මොනිටරයේ අලවපු ඩේ ටු ඩේ ප්ලෑන් එකක් වැඩ කරන්න තියෙන ඉඩ වැඩියි.

 
 
Cover Image Source – sethrollins.us




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here