දෙමාපියන් විදිහට අපි දරුවන්ගේ සිහින ගැන සිතිය යුත්තේ ඇයි? – Hela FM Media


මෙයට අනුග්‍රහය:

 

 

 

1. දරුවා ඔබේය
Source – overstock.com
Source – overstock.com

දරුවා ඔබේය. දරුවා ඔබට අවශ්‍ය නිසා ඉපදුනු අයෙකි. දරුවා දරුවාගේ අවශ්‍යතාවය නිසා ඔබට එක්වූවා නොවේ. ඔබ විසින් දරුවා එක් කරගත්තේය. ඒ නිසා ඔහුව වදා අහක බලාගැනීම නොව ඔහුට ජීවය දීම ඔබේ යුතුකමකි. ඔබ කොතෙක් පහළ අඩියක සිටියත් එය ඔබේ යුතුකමකි. ඔබ ඒ යුතුකම මගහරින්නේ නම්, ඔබට දරුවා නොසාදා සිටින්නට උවමනා තරම් ඉඩ තිබුනි.

 

2. දරුවාගේ විශ්වාසය
Source – capturingthesoul.com
Source – capturingthesoul.com

තමන්ගේ හිතුමනාපයට දරුවා අකමැති දෙයකට යොමු කිරීම නිසා ඔහු අසාර්ථක පුද්ගලයෙක් බවට පත්වීමට තියන ඉඩ වැඩියි. එහෙම වූ අවස්ථාවක දෙමවුපියන් කෙරෙහි පවතින විශ්වාසය කඩවීම නොවැලැක්විය හැකි  අභාග්‍යසම්පන්න කරුණක්. දෙමවුපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය පලුදු වීමටත් දුරස් වීමටත් එය බලපානු ඇත. එයින් දරුවා ගෙන යන්නේ ජීවිතයේ තවත් අඳුරු පෙදෙසකටය. සිහින අහිමි වීම සහ සිහින මගහැරීම යනු ඉතා වෙනස් කොටස් දෙකකි.

දරුවාගේ සිහින සහ බලාපොරොත්තු කෙරෙහි ඔබ විශ්වාසය තබා ඔහුට මග පෙන්වන තරමටම ඔබ කෙරෙහි දරුවාගේ විශ්වාසයද වැඩෙනු ඇත.

 

3. හානිය අවමයි තෘප්තිය ඉහලයි
Source – indianyouth.net
Source – indianyouth.net

දරුවකුගේ සිහිනයට ජීවය දීම අනාගතයේ සිදුවිය හැකි විශාල හානියක් අවම කිරීමක් විය හැක. එසේම ඔබේ දරුවාගේ සිහිනය නිසා ඔහු එහි සතුටින් නිමග්න වනු ඇත. එනිසා සිහිනය සිහිනයකින් එපිටට ගෙන යාමට ඔහු තුළ ඉලක්කයක් ඇති කරයි. නිසි අවධානය යොමුකර, නිදහස් පරිසරයක් සකසා දරුවාගේ සිහින වලට පොහොර දැමීම පමණයි ඔබ කළ යුත්තේ. එය සැබැවින්ම හානිය අවම කිරීමකි. එමෙන්ම අනාගත සාර්ථක තෘප්තිමත් පුද්ගලයකුගේ බිහිවීමට අඩිතාලමක් දැමීමකි.

 

4. ඔබේ අනාගත සතුට
Source – huffingtonpost.com
Source – huffingtonpost.com

ඔබ ඔබේ දරුවාගේ සිහින මගහැරියා නම් හෝ කඩා බිඳ දැම්මානම් එය අනාගතයේදී ඔබේ සිතට පසුතැවීමක් එක් කරන්න ඉඩ තිබෙනවා. ඔබේ දරුවා ඔබ හෝ සමාජය විසින් තෝරාදුන් මගක කිසිඳු ආශාවකින් තොරව ගමන් කරනවා දකින අනාගතයකට වඩා, ඔබ විසින් ඔහුගේ සිහින තේරුම් ගෙන එය බලගන්වන ලද පසුබිමක වැජඹෙන දරුවෙකු දකින්නට ලැබීම මහත් සතුටක් වනු ඇත. එය ඔබේ ආත්මාභිමානයද වඩවනු ඇත.

 

5. තවත් එකෙක් නොව වෙනස් කෙනෙක්
Source – bollypop.in
Source – bollypop.in

දරුවන් හීන දකින්නෙ අපි වගේ සල්ලි හෝ සමාජ තත්ත්වය අරමුණු කරගෙන නෙමෙයි. ඒ අයට වෙනස් වෙනස් නිර්මාණාත්මක හීන තියනවා. දෙමවුපියො අතින් වෙන්න ඕනෙ ඒ දේවල් ගැන අවබෝධෙන් ඉඳල ඒ ගැන දරුවාව උනන්දු කරවන එකයි.

දරුවාව දොස්තර කෙනෙක්  ඉන්ජිනේරුවෙක් කරන්න ඔබ හීන දකිනවා වෙන්න පුලුවන්. ඒත් ඒ හීන දරුවාගේ මනසට බලෙන් ඔබන්නෙ නැතිව දරුවාගේ හීන වලට නිදහස දුන්නොත් සමහරවිට ඔබේ දරුවාට ඊළග බිල් ගේට්ස්, කුමාර් සංගක්කාර හෝ ටරන්ටිනෝ කෙනෙක් වෙන්න පුලුවන් වෙයි.

ඒ නිසා ඔබට ඔබේ ජීවිතයේ මගහැරී ගිය සිහින දරුවා ලවා ඉටුකරවා ගන්න උත්සාහ නොකොට දරුවාගේ සිහින මල්ඵල ගන්වන්න රුකුලක් වන දෙමවුපියෙක්, වැඩිහිටියෙක් වන්න.


ළමයින්ගේ සිහින හරි වෙනස්. එයාලගෙ සිහින සාමූහිකයි – ආත්මාර්ථකාමී නැහැ. මේ සිහින සැබෑ කරල ලංකාව තව තවත් ලස්සන කරමු.

මේ ගැන අපි කාටත් මතක් කරලා තෑගී දිනාගන්න චාන්ස් එහෙකුත් ඇස්ට්‍රා වෙතින් දෙනවලු. ළමයින්ගේ ඒවගේ සිහින හොයාගෙන යන්න හිස් ඇස්ට්‍රා ටබ් එකක් නිර්මාණය කරලා. ඔබේ දරුවාගේ සිහින හිස් ඇස්ට්‍රා ටබ් එකේ රූපයට නගන්න කියන්න. සිහිනෙන් වර්ණවත් කල ඒ ටබ් එක ඇස්ට්‍රා වෙත තැ. පෙ. අංක 821, කොළඹ ලිපිනයට යවන්න.

මේ වීඩියෝවත් බලල වැඩි විස්තර ඇස්ට්‍රා Facebook Page එකෙන් ගන්න අමතක කරන්න එපා.


 
Cover Image Source – zaaaqq.blogchina.com
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here