මේ දවස්වල අපේ ෆිල්ම් තියටර් වල දුවන මේ ජනප්‍රියම චිත්‍රපට බලන්න හොඳ කාත් එක්කද? – Hela FM Media


මෙයට අනුග්‍රහය:

Pepsi

 

 

ඩීවීඩී, ටොරන්ට්, කේබල් ටීවී, නෙට් ෆ්ලික්ස් ආදී එකී මෙකී නොකී චිත්‍රපට බලන ක්‍රම තිබ්බත් චිත්‍රපටයක නියම රසය විඳින්න නම් ෆිල්ම් හෝල් එකකටම ගිහින් බලන්න ඕනෙ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අඳුරු කරපු සුවපහසු ශාලාවක ඉඳල, දැවැන්ත ස්ක්‍රීන් එකකින්, පපුවටම වදින සවුන්ඩ්ස් එක්ක, පොප්කෝන් පෙට්ටියකුයි කූල්ම කූල් බීමකුයි එක්ක ෆිල්ම් එකක් බලද්දි තමයි සිනමා නිර්මාණයක තියන ගැම්ම ගතියටම අපිට දැනෙන්නෙ. මේ ගතිය තවත් වැඩි වෙනවා අපි ෆිල්ම් එකක් බලන්න යද්දි අපි බලන්න යන චිත්‍රපටය අපි වගේම රස විඳින තව සමීපතමයො සෙට් එකකුත් අපිට එකතු වුණානම්. හැබැයි හැම ෆිල්ම් එකටමත් එහෙම බෑ. තනියම ගිහින් බලල රස විඳිනකොට ආශ්වාදය වැඩි ෆිල්මුත් තියනවා.

හරි, අපි මාතෘකාවට එමුකො. අපි මේ කියන්න යන්නෙ මේ දවස්වල අපේ ෆිල්ම් හෝල් වල නැගලා යන චිත්‍රපටි සෙට් එකක් සහ ඉස්සරහට අපේ තියටර්ස් වලට එන්න තියන හොඳම චිත්‍රපට සෙට් එකක් ගැනයි. මේ චිත්‍රපටි බලන්න යනවානම් එක්කගෙන යන්න වඩාත්ම සුදුසු කවුරු කවුරුන්වද කියලත් අපි මේකෙ කියනවා.

 

1. Amityville – The Awakening – තනියම ගිහින් බයවෙලා එන්න
Source – twitter.com, hollywood.com

ඇමිටිවිල් කියපු ගමන් ආයෙ ඉතින් හොල්මන් චිත්‍රපටි රසිකයෙක්ට අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. ඒ අය දන්නවා මොකක් ගැනද මේ කියන්නෙ කියලා. 1979 ආපු ඇමිටිවිල් හොරර් කියන චිත්‍රපටයේ සීක්වල් එකක් තමයි මේ ඇමිටිවිල් ෆිල්ම් එක. මේ දවස් වල MC Gold ඇතුළු සිනමා ශාලා වල මේක ප්‍රදර්ශනය වෙනවා. සාපලත් ඇමිටිවිල් නිවහනේ භයානක කතන්දරේ ඉදිරි දිගහැරුම බලන්න යන්න හිතන් ඉන්නවනම් තනියම යන්න තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. හොල්මන් ෆිල්ම් එකක් උනාම බය කියන එක දැනෙන්න එපැයි. ඉතින් ඒකට සෙට් පිටින් ගිහින් හරියන්නෙ නෑ. තනියමම ගිහින් ෆිල්ම් එක එන්ජෝයි කරල එන්න.

ටිකට් බුක් කරන්න –

TicketsLK

TakTikBook

EAP Movies

 

2. දේදුණු ආකාසේ – ගර්ල් ෆ්‍රෙන්ඩ්/බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ගිහින් බලමු
Source – asianmirror.lk

අරුමෝසම් වැහි, ආදරණීය කතාවක් වගේ මෑත කාලයේ ජනප්‍රිය වෙච්ච චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු ප්‍රියන්ත කොළඹගේ ගේ අලුත්ම චිත්‍රපටය තමයි දේදුණු ආකාසේ. ලංකාව පුරාම සිනමාහල් වල තිරගත වෙන මේ චිත්‍රපටයට හේමාල් රණසිංහ, ටීනා ශනෙල් ප්‍රනාන්දු සහ චුලක්ෂි රණතුංග රංගනයෙන් එකතු වෙනවා. අපිට දැනගන්න ලැබෙන හැටියට මේ චිත්‍රපටය තුන්කොන් ආදර කතාවක් තියන සංවේදී චිත්‍රපටයක්. ඒ නිසා මේක බලන්න යන්න සුදුසුම එක්කෙනා තමයි ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතිය. පෙම්වතියව එක්කගෙන යනවානම් කෝකටත් කියලා අමතර ලේන්සුවක්, ටිෂූ පැකට් එකක් අරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ තරමට මේ චිත්‍රපටය සංවේදී එකක් කියලයි ප්‍රචාරණය කරල තියෙන්නෙ.

ටිකට් බුක් කරන්න –

TicketsLK

TakTikBook

EAP Movies

 

3. ධර්ම යුද්ධය – පවුලේ අයත් එක්ක විවේකී සති අන්තෙක යමු!
Source – allevents.in

ධර්ම යුද්ධය චිත්‍රපටය ආදායම් වාර්තා තියමින් තිරගත කරන එක පටන් අරගෙන දැන් ටික කාලයක් වෙනවා. ඒ උනත් තාමත් ධර්ම යුද්ධය රීගල්, ඇමිටි ලයිට් ඇතුලු රටපුරා සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරෙනවා. මේ චිත්‍රපටය පවුලේ අය හැමෝටම සෙට් වෙලා බලන්න පුලුවන්, කාලෙකින් ආපු හොඳ චිත්‍රපටයක්. තමන්ගේ පවුල රැකගන්න යහපත සහ අයහපත අතර සටන් වදින පියෙක් සහ මවක් ගැන කියවෙන මේ චිත්‍රපටයට ජැක්සන් ඇන්තනිත්, දිල්හානි ඒකනායකත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ධර්ම යුද්ධය මීට කලින් මලයාලම්, දමිල සහ හින්දි සිනමාවටද නැගුණ චිත්‍රපටයක්. විවේකී සති අන්තයක් පවුලේ අය එක්ක විනෝදයෙන් ගත කරන්නට කරන්න පුලුවන් හොඳ තෝරාගැනීමක් වේවි මේ චිත්‍රපටය.

 

4. Thor: Ragnarok – ඔෆිස් සෙට් එකත් එක්ක සෙට් වෙන්න
Source – anygoodfilms.com, etonline.com

ජනප්‍රිය තෝර් චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය වෙන තෝර් රැග්නරොක් චිත්‍රපටය නොවැම්බර් 3 වැනිදා ඉඳන් ලෝකෙ පුරා සිනමාහල් වල තිරගතවීමට නියමිතයි. ලංකාවෙත් මේ චිත්‍රපටය එනකම් සුපර් හීරෝ/කොමික් රසිකයො පුල පුලා බලන් ඉන්නව කියලයි ආරංචි. මේ චිත්‍රපටයේදි තෝර්ට කාලයක් තමන්ගෙ හිතවතෙක් වෙලා හිටපු හල්ක් එක්කත් හැප්පෙන්න තියනවා කියලයි ආරංචි. සුපර් හීරෝ/කොමික් ෆිල්ම් බලන සෙට් ගොඩක් වෙලාවට අපිට සෙට් වෙන්නෙ ඔපීසි ඇතුලෙ තමයි. ඉතින් ඔයාගෙ ඔෆිස් සෙට් එකත් ඒ විදිහෙ අයගෙන් හැදිල තියන එකක් නම්, අනිවා දැන්ම දවසක් ප්ලෑන් කරගන්න එකයි තියෙන්නෙ වැඩේට.

ටිකට් බුක් කරන්න –

EAP Movies

 

5. Secret Superstar – හස්බන්ඩ් සහ වයිෆ් ජෝඩු දාල යන්නයි තියෙන්නෙ
Source – bollywoodhungama.com, filmfare.com

අමීර් ඛාන් රංගනයෙන් දායක වෙන අළුත්ම චිත්‍රපටය සීක්‍රට් සුපර්ස්ටාර් මේ වෙද්දි ලංකාවෙත් තිරගත වෙනවා. බාධක මැදින් ගායිකාවක් වෙන්නට සිහින දකින තරුණියක් සම්බන්ධ කථාවක් මේක. අමීර් ඛාන්ගෙ චිත්‍රපට කියන්නෙ ඉතින් අනිවා හිතට බොහොම තදින් දැනෙන විදිහේ රංගනයන් සහ කථා වස්තු තියන චිත්‍රපටි තමයි. ඉතින් ඒ වගේ චිත්‍රපටයක් බලන්න යන්න අපේ ජීවිතයට වඩාත්ම සමීප එක්කෙනාව තමයි වැඩියෙන්ම ගැලපෙන්නෙ. ඉතින් මොකටද තවත් පරක්කු වෙන්නේ. මේ වෙද්දි ඉන්දියාවෙත් සාර්ථකව තිරගත වෙන මේ චිත්‍රපටය එයත් එක්ක අදම ගිහින් රස විඳින්න.

ටිකට් බුක් කරන්න –

TicketsLK

TakTikBook

 

6. ස්වරූප – අම්මා තාත්තා එක්ක යන්න
Source – films.lk

අපේ අම්මලා තාත්තලාගෙ පරම්පරාවල් ඇවිල්ලා අපිට වඩා හොඳ රසවින්දනයක් උරුම වෙච්ච අයගෙන් සැදුම්ලත් පරම්පරාවල්. හුඟක් වෙලාවට සිනමාවේ ස්වර්ණමය දශකයක් වෙච්ච 70 දශකය, ඊට පස්සෙ ගාමිණී, මාලිනී, විජය, ජෝ, ටෝනි, ස්වර්ණලා, සනත්ලා එක්ක ගෙවුණු සිනමාවක් රසවිඳපු අය ඒ අය. ඉතින් බඹරු ඇවිත්, අහස් ගවුව වගේ සුපිරි චිත්‍රපට අපේ සිනමාවට දායාද කරපු ධර්මසේන පතිරාජගෙ ෆිල්ම් එකක් කියන්නෙ ඒ අයට හොඳටම සෙට් වෙන එකක් වේවි. ෆ්‍රාන්ස් කෆ්කාගේ The Metamorphasis කියන කෙටි කථාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය හදල තියෙන්නෙ.

 

7. The Foreigner – හොඳම යාළුවා එක්ක සෙට් වෙන්න
Source – reviewstl.com, cityonfire.com

අපේ බෙස්ට් ෆ්‍රෙන්තෝ කියන්නෙ ඉතින් හුඟක් වෙලාවටම අපි වගේම මූවි චොයිස් එකක් තියන පොරක්. මෑන්ස් VHS, VCD කාලෙ ඉඳන් සෙට් වෙලා ෆිල්ම් බලපු, එක බඩවැල කඩාගෙන ආව වගේ පොරක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලාවට සෙට් වෙච්ච වෙලාවට ලෝකෙම තියන ෆිල්ම් ගැන කෙස් පැලෙන තර්ක විතර්ක හුවමාරු කරගන්න පුලුවන් ලෝකෙ ඉන්න ගැලපෙනම බුවා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙවු පොරක් එක්ක ගිහින් බලන්න ගතිම ෆිල්ම් එකක් තමයි මේ ෆොරිනර් චිත්‍රපටය. හොලිවුඩ් සිනමාව දිගේ වෙනස්ම පාරවල් දෙකක ආපු අපේ කරාටේ වැඩ්ඩා ජැකී චෑනුත්, සීක්‍රට් ඒජන්ට් පියර්ස් බ්‍රොස්නනුත් සෙට් වෙලා තියන මේ ෆිල්ම් එක නියම ත්‍රිලර් එකක්ය කියලයි ආරංචි. ඉතින් මොකටද පමා වෙන්නේ? මේ වෙද්දිත් සිනමාහල් රැසකම මේක තිරගත වෙනවා.

ටිකට් බුක් කරන්න –

TicketsLK

EAP Movies

 

 

Cover Image Source – ndtv.com, lakako.com, lakako.com, bollywoodlife.com




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here