ලංකාවෙ අපිට වඩාත්ම වාසිදායක Prepaid Data පැකේජ් එක මොකක්ද? (ඔක්තෝබර් 2017) – Hela FM Media


අනුග්‍රාහක ලිපියකි.

අපි වැඩි දෙනෙක් ඉතින් අතේ තියන මුදලට ඩේටා දාගෙන ඉන්ටර්නෙට් එකට ගොඩවෙන අයනෙ. රුපියල් පණහට සීයට ඩේටා කාඩ් දාගෙන ස්මාට් ෆෝන් වලින් නෙට් ගියාට මොකද අපි වියදම් කරන මුදලට ගැලපෙන ස්මාට්ම ප්‍රීපේඩ් ඩේටා පැකේජ් එක මොකක්ද කියන එක ගැන වැඩි දෙනෙක් හිතලනම් නැතුව ඇති. මේ වෙද්දි අපි කලින් පාවිච්චි කලාට වඩා 10% කින් හෝ 20% කින් ඩේටා වැඩි කරලත් එක්කනෙ.

ඉතින් මෙන්න මේ නිසා අනිවා අපි හිතුවා අතේ ඇති මුදලට ප්‍රීපේඩ් ඩේටා පාවිච්චි කරන අපේ යාලුවන්ට ගැලපෙන පැකේජයක් තෝරගන්න පොඩි උදවුවක් කරන්න. ලංකාවේ තියන ඉන්ටර්නෙට් පැකේජයන් වලින් අපිට මේ වෙද්දි ලැබෙන ඩේටා ප්‍රමාණ ගැන විස්තරයක් තමයි මේ ගෙන එන්නේ. ඔයත් නිතරම රුපියල් සීයේ පණහේ ප්‍රීපේඩ් කාඩ් දාගෙන ලොග් වෙන කෙනෙක්නම් මේ ලිපිය අතිශයින් වැදගත් වේවි.

 

1. Dialog
Source – dialog.lk

අපි මුලින්ම බලමු ඩයලොග් සමාගමේ පහල මට්ටමේ ප්‍රීපේඩ් ඩේටා පැකේජ ගාස්තු කොහොමද කියලා.

ඩයලොග් සමාගමේ රුපියල් 100ට අඩු ඩේටා පැකේජ ගත්තහම එයාලගෙ රු. 29, රු. 49 සහ රු. 99 හැටියට තමයි පැකේජ වෙන්වෙලා තියෙන්නෙ. උදේ 8 ඉඳන් රාත්‍රී 12 වෙනකම් පීක් සහ රාත්‍රී 12 ඉඳන් ආයෙ උදේ 8 වෙනකම් ඕෆ් පීක් හැටියටයි කාල සීමාව වෙන් කරල තියෙන්නෙ. පහත රූප සටහනෙන් දැක්වෙන්නේ ඩයලොග් ආයතනයේ රු. 100 දක්වා වන ප්‍රීපේඩ් ඩේටා පැකේජයන් ගැන තොරතුරුයි.

2. Etisalat
Source – etisalat.lk

එටිසලාට් සමාගමේ ඩේටා පැකේජ වෙන්වෙලා තියෙන්නේ රු. 19, රු. 49 සහ රු. 99 හැටියටයි. අනෙකුත් ආයතන වල ඩේටා පැකේජයන් හා සැසඳීමේදී කැපී පෙනෙන ලෙස දවස පුරාම ලැබෙන වැඩි ඩේටා ප්‍රමාණයක් එටිසලාට් සමාගම විසින් ලබාදෙන බව පෙනෙන්නට තියෙන කරුණක්. අනෙකුත් ආයතන වල 10%ක ප්‍රමාණයකින් ඩේටා ප්‍රමාණ ඉහල යද්දී එටිසලාට් සමාගමේ 20%ක ප්‍රමාණයක ඩේටා වැඩිකිරීමක් සිදුකර ඇති බවත් අපට පෙනෙන කරුණක්. ඩයලොග් සමාගමේ වගේම එටිසලාට් වලත් රාත්‍රී 12 උදේ 8 හැටියට තමයි ඕෆ් පීක් වේලාව වෙන් වෙලා තියෙන්නෙ.

පහතින් දැක්වෙන්නේ එටිසලාට් සමාගමේ රු. 100 දක්වා වන ඩේටා පැකේජ පිළිබඳ තොරතුරුයි.

3. Mobitel
Source – mobitel.lk

මොබිටෙල් සමාගමේ පීක් සහ ඕෆ් පීක් වේලාවන් වෙන්වී තිබෙන්නේ උදෑසන 9 සිට රාත්‍රී 12 තෙක් සහ රාත්‍රී 12 සිට උදෑසන 9 දක්වායි. මොබිටෙල් සමාගමෙන් රුපියල් 100ට අඩු ඩේටා පැකේජ 4ක් හඳුන්වා දීල තියනවා. ඒ අතරට රුපියල් 5 පැකේජයකුත් ඇතුළත්.

පහත දැක්වෙන්නේ මොබිටෙල් ප්‍රීපේඩ් ඩේටා තොරතුරුයි.

4. Airtel
Source – airtel.lk

එයාර්ටෙල් සමාගමේ ඩේටා ප්ලෑන් එක අරගත්තහම අනෙකුත් පැකේජයන්ට වඩා ලොකු වෙනස්කම් කීපයක්ම දැකගන්න පුළුවන්. එයාර්ටෙල්හි ඕෆ් පීක් වේලාව වෙන් වෙලා තියෙන්නේ පෙ.ව 1- පෙ.ව 7 දක්වායි. අනෙකුත් සම්බන්ධතාවයන්ට සාපේක්ෂව ගත්තහම පැය 6ක් වැනි අඩු ඕෆ්පීක් කාලයක් හිමිවීමත්. පැකේජයන්ගේ වැඩිම ඩේටා ප්‍රමාණය යොදා ඇත්තේ ඒ කාලයට වීමත් සමහරුන්ට අවාසි සහගත වෙන්න පුළුවන්.

මේ තියෙන්නේ එයාර්ටෙල් සමාගමේ ප්‍රීපේඩ් ඩේටා තොරතුරුයි.

5. Hutch
Source – hutch.lk

අනෙකුත් ප්‍රීපේඩ් සම්බන්ධතා එක්ක ගත්තහම හච් සමාගමේ රුපියල් සීයට අඩු පැකේජ් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. ඔවුන්ගේ පීක් සහ ඕෆ් පීක් වෙලාවන් වෙන් වෙන්නේ උදේ 9- රාත්‍රී 12 සහ රාත්‍රී 12- උදේ 9 හැටියටයි.

පහත දැක්වෙන්නේ හච් සමාගමේ ප්‍රීපේඩ් පැකේජ ගැන විස්තරයි.

6. වාසි සහගතම ප්‍රීපේඩ් පැකේජයන් මොනවද?
Source – indiatimes.com

ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පැකේජ සපයන ආයතන වල විස්තර අපි ඉහතින් ගෙනාවනෙ. දැන් අපි ටිකක් බලමුද මේවා අතරින් අපිට වාසි සහගතම පැකේජ මොනවද කියලා? අපි මේ හදන්නේ රු. 19, රු. 49 සහ රු. 99 වශයෙන් පැකේජ වෙන් කරලා බලලා, ඒ වටිනාකම් වලට අනුව ඉහත සමාගම් වල පැකේජයන් වලින් ලැබෙන ඩේටා ප්‍රමාණ ගණනය කරන්නයි.

ඉහත තොරතුරු වලට අනුව ගත්තහම Etisalat, Airtel සහ Hutch සම්බන්ධතා මගින් වැඩිපුර ඩේටා ප්‍රමාණයක් හිමිවෙන බව ඔබට පෙනේවි. මුළු ඩේටා ප්‍රමාණය අතින් ගත්තහම Hutch තරමක් ඉදිරියෙන් සිටියත් ඉහත සඳහන් පැකේජ් තුනටම දවස පුරාම වැඩි ඩේටා ප්‍රමාණයක් හිමිවන්නේ Etisalat මගින් තමයි. Airtel සමාගමෙන් හොඳ ඩේටා ප්‍රමාණයක් හිමි වුණත් ඔවුන්ගේ ඩේටා වලින් වැඩි කොටසක් පෙ.ව 1ත් පෙව 7ත් අතරට යොමු කර ඇති බැවින් එය තරමක අවාසියක් වන්නට පුළුවන්.




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here