ස්ටයිල් කරන කොල්ලෙක් උනාම දැනගෙන ඉන්නම ඕනෙ අත් පළඳනා වර්ග 7ක් – Hela FM Media


අත් පළඳනා කියන්නේ අද කාලේ හැම කොල්ලෙක්ම වගේ දාන දෙයක්. ලෙදර්, වානේ වගේම සින්තටික් ෆැබ්රික් සහ වෙනත් මෙකී නොකී වර්ග රාශියකම පළඳනා අද කාලේ කොල්ලෝ අත්වලට පළඳිනවා. ඉතින් අපි කල්පනා කළා මෙහෙම තමන්ගේ දෑත් ලස්සන කරගන්න කොල්ලෙක්ට තෝරගන්න පුලුවන් අත් පළඳනා කීපයක් ගැන කියන්න.

 

1. මොන්ඩියල් පළඳනාව
Source – asbedels.nl

කාලයක පටන් ලොව පුරා ජනප්‍රිය වුණු, විශේෂයෙන් ම අනූව දශකයේ ලංකාවේ ජනප්‍රිය වුණු තවත් එක පළඳනාවක් තමයි මොන්ඩියල් පළඳනාව කියලා කියන්නේ. දෙපසින් පිහිටන ලෝහ බෝල දෙක සහිත මේ වානේ වළල්ල තුළින් සිරුරට Alpha සහ Beta තරංග ඇතුළු වී සිරුරේ ආතතිය වැනි ගැටළු මග හැරී යන බව පැවසෙනවා. වර්තමානයේ නම් මේ පළඳනාව එතරම් ජනප්‍රිය නැතත් විලාසිතාමය පැළඳුමක් ලෙස තවමත් මොන්ඩියල් පළඳනා එයට ආසා කරන්නන් අතර තිබෙන බව නම් නොරහසක්.

 

2. ලෙදර් අත් පළඳනා
Source – ebay.co.uk

සත්ව සමින් හෝ සින්තටික සමින් නිර්මාණය කල විවිධ ආකාරයෙන් නිමවපු අත් පළඳනා කියන්නෙත් තරුණයන් අතර ඉතාම ජනප්‍රිය අත් පළඳනා විශේෂයක්. විවිධ බීඩ්ස් වර්ග අල්ලන ලද සහ විවිධ සංඛේතාත්මක නිර්මාණ සහිතව තැනු ලෙදර් අත් පළඳනා පහසුවෙන්ම සොයා ගන්නට හැකියි. ඒ වගේම සාධාරණ මිලකින් යුතු වීම සහ ඕනෑම ඇඳුමකට පළඳින්නට හැකි වීමත් අපේ තරුණයින් අතරේ මේ අත් පළඳනා ජනප්‍රිය වන්නට එක හේතුවක් වන්න ඇති.

 

3. සර්ෆින් බ්‍රේස්ලට්ස්
Source – aliexpress.com

සර්ෆින් බ්‍රේස්ලට් එක විවිධාකාරයි. කොටින්ම කියනවා නම් එකකට එකක් වෙනස්. සමහර ඒවායේ සිප්පිකටු, පබළු අල්ලා තිබෙන අතරේ තවත් ඒවායේ ඊට හාත්පසින් ම වෙනස් ලෝහ සහ අනෙකුත් කොටස් සම්බන්ධ කර තිබෙනවා දකින්නට හැකියි. ඒ වගේම විවිධ විලාසිතා වලින් යුතු නිසා පහසුවෙන්ම විවිධ ඇඳුම් වලට ගැලපෙන ලෙස තෝරාගන්නත් පහසුයි. වෙනස් වෙනස් විලාසිතාවේ සර්ෆින් බ්‍රේස්ලට් කීපයක් එකට පළඳින එකෙත් අමුතු ගතියක් දකින්නට තියෙනවා.

 

4. රන්/රිදී/ප්ලැටිනම් අත් පළඳනා
Source – aliexpress.com

මේ කැටගරිය ගැන ආපහු අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ. මේ කොටස වෙන්වන්නේ තමන්ගේ අතේ ඇති මුදලට ටිකක් වටිනාකමින් වැඩි ලෝහයක් භාවිතා කරලා තමන්ගේ මනාපයේ හැටියට හදවාගන්නා අත් පළඳනා සඳහායි. ඔබට කැමති ආකාරයක අත් පළඳනාවක් රටේ පිළිගත් ඕනෑම  ස්වර්ණාභරණ වෙළඳ සලකින් තනවා ගන්නට හැකියි.

 

5. ඔරලෝසුව
Source – brobible.com

අත් පළඳනා ගැන කියද්දි එදා ඉඳන්ම අපි කවුරුත් අතේ බැන්ද ඔරලෝසුව ගැනත් කතා නොකර බෑනෙ. අතීතයේදී වෙලාව දැනගැනීම විතරක්ම අරමුණු කරගෙන නිර්මාණය වුනු ඔරලෝසු කල් යනකොට තමන් අඳින පළඳින ඇඳුම් ආයිත්තම් වලට ගැලපෙන විදියට තෝරන්න තරම් හිතෙන විදියට නිර්මාණය වෙන්න ගත්තා. දැන් නම් ඇඳුමින් ඇඳුමට පාට පාට ඔරලෝසු ඕනේ තරම් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ස්පෝර්ටි ගතියට, ක්ලැසික් ලුක් එකට වගේ විවිධ විවිධ විලාසිතා වලට ගැලපෙන ඔරලෝසු වර්ගම කීයක් තියෙනවද?

 

6. පාට නූල් විලාසිතා
Source – dawanda.com

ආගමික හේතු වලට පළඳින පාට නූල් එහෙමත් තියනවා තමයි. ඒත් ඒවා විලාසිතාවක් හැටියට ගන්න බැහැනෙ. මේ කියන්නේ විවිධ වර්ණ වලින් යුක්ත නූල් වර්ග එකට ගොතල නිර්මාණය කරල තියන අත් පළඳනා වලටයි. ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ්සුත් මේ වර්ගයට දාන්න පුළුවන්.

 

7. ලී අත් පළඳනා
Source – pinterest.com

ලී වලින් නිර්මාණය කරපු වළලු, ලී වලින් හදපු ඇට වර්ග එකට අමුණපු බ්‍රේස්ලට් තමයි මේ. මේවාත් කොල්ලො අතර හරිම ජනප්‍රියයි. ඉන්දියානු පන්නෙට විලාසිතා කරන කොල්ලෙක්ට එහෙම මේ විදිහෙ අත් පළඳනා හොඳට ගැලපෙනවා.

 

8. ෆිට්නස් අත් පළඳනා
Source – askmen.com

මේක නම් ඇවිත් ලොකු කාලයක් නෑ. හාට් බීට්එක, ඇවිදපු ස්ටෙප්ස් ගාණ, දුවපු කිලෝමීටර් ගාණ වගේ ෆිට්නස් එකට අදාල දේවල් ට්‍රැක් කරන්න තියෙන බෑන්ඩ් එකක්. ඒ වැඩේටම එන බෑන්ඩ් තියෙනවා වගේම පසු කාලීනව ආපු ස්මාට් වොච් එක්ක මේ පහසුකම් ඔටෝ ආපු නිසා “ෆිට්නස් බෑන්ඩ්” නමින් එන බෑන්ඩ් නම් දැන් බහින කලාවට අහුවෙලා.

 

9. ස්මාට් වොච්
Source – crunchwear.com

මේක නම් පැහැදිලි අනාගතයක් තියෙන පළඳනාවක්. හැම දේම ස්මාට් වෙද්දි ඔරලෝසුවත් එහෙම නොවී කොහොමද? ගොඩ දෙනෙක් වෙලාව බලන්න ෆෝන් එක පාවිච්චි කලාට තාමත් ස්ටයිල් එකට ඔරලෝසුවක් බඳිනවා තමයි. හැබැයි ඒවයින් වෙලාව බලන්නෙ නෑ. ඒත් ස්මාට් වොච් එක්ක වෙලාව බලන එකට අමතරව කෝල් ආන්සර් කරන එක, ෆෝන් එකට එන නොටිෆිකේෂන් බලන එක වගේ ෆෝන් එක සාක්කුවෙන් එලියට නොගෙන කරගන්න පුළුවන් සෑහෙන් දේවල් ටිකක් ලේසියෙන් කරගන්න හැකියාව ලැබෙනවා. විලාසිතාත් ගොඩක් තියෙනවා. ඉතිං නූතන තරුණයෙක්ට තමන්ගෙ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න වගේම විලාසිතාවක් විධියටත් ස්මාට් වොච් එකක් පළඳින්න පුළුවන්.

Cover Image Source – womenunleashed.co.uk




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here