සුපිරියට දුවන, වටිනාකම රැකගත් වාහනේක අයිතිකාරයෙක් වෙන්න මේ නඩත්තු ක්‍රම දැනගන්න – Hela FM Media


ප්‍රකාශන හවුල්කරු

 

 

අපි ගොඩ දෙනෙකුට කාර් එක කියන්නේ නැතුවම බැරි දෙයක්. ඔබ මේ ලිපිය කියවන පාඨකයෙක් නිසා, අපි හිතනවා, ඔබට වාහනයක් කියන්නේ නිකම්ම එක තැනක සිට තවත් තැනක් දක්වා ගමන් කිරීමට ඇති ක්‍රමයක් විතරක්ම නෙමෙයි කියලා. කෙටියෙන් කියනවා නම් අද කාලේ වාහන කියන්නේ ජීවන විලාසිතාවක්. ඒ වගේම මේ කාලේ කාර් විශ්වාසය අතින් ගොඩක් ඉදිරියට ඇවිත් තියෙනවා.

නමුත් හදිසියෙවත් ගමනක් යද්දී පාර මැද්දේ අතරමං වෙලා බලාගෙන නොසිටින්න නම්, ඔබේ කාර් එක සුපිරියට දුවන්න පුළුවන් වෙන්න කලට වේලාවට නඩත්තු කටයුතු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ නිසා අපේ අනිවා පාඨකයන්ගේ දැනගැනීම පිණිස මේ ලිපියෙන් අපි සෑම රියදුරෙක්ම දැනගත යුතු මූලික කාරණා කිහිපයක් ගැන පහදන්නයි යන්නේ.

 

1. ටයර්

ටයර් එක තමයි වාහනෙයි පාරයි මැද්දේ ඉන්න අතරමැදියා. ගෙවුනු ටයර් නැත්තම් වැරදි පීඩනයක් සහිත ටයර් නිසා වැස්ස වෙලාවක අනතුරක් උනත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඇති තරමට හුලං ගහල නැත්තන් ඉන්ධන පිච්චීමත් වැඩියි. නිෂ්පාදකයාගෙන්  නිෂ්පාදකයාට හරි ටයර් පීඩනය වෙනස් වෙනවා. බොහෝ විට හරි අගය රියදුරුගේ දොර රාමුවේ සඳහන් කරල තියෙනවා. වාහනේ මුලින් තිබ්බ ටයර් වර්ගයට වෙනස් ටයර් පාවිච්චි කරනවනම් පැත්තෙ කොටල තියෙන නිෂ්පාදකයා අනුමත කර ඇති විස්තර වලට ගැලපෙනවාද කියල බලන්න.

ඒ වගේම හදිස්සියකදී ටයර් එකක් මාරු කරගන්න අවශ්‍ය හැම දෙයක්ම ස්පෙයාර් කිට් එකේ තියෙනවද කියලත් බලන්න අමතක කරන්න එපා.

 

2. එන්ජින් ඔයිල්
Source – tntmag.net

එන්ජිම දිගු කලක් පවත්වාගෙන යන්න, එන්ජිමට හොඳින් තෙල් දැමීම වැදගත්. කුඩා තෙල් ප්‍රමාණයක් එන්ජිම මගින් පිච්චීම සාමාන්‍ය දෙයක්. නමුත් ගොඩක් තෙල් පිච්චෙනවනම් ඒක එන්ජින් එකේ ලොකු ගැටලුවක සැඟවුණු සලකුණක් වෙන්න පුළුවන්.

එන්ජිමේ තෙල් ප්‍රමාණය මනින්න කලින් එන්ජිම අඩු තරමින් මිනිත්තු 5ක් 10ක් වත් නවත්තල තියන්න. එතකොට තෙල් ආපහු සම්ප් එකට බහින්න වෙලාව තියෙනවා. ඩිප්ස්ටික් එක හොයාගන්න (සාමාන්‍යයෙන් මේකෙ හැඬල් එක කහ පාට නැත්තම් තැඹිලි පාට ). ඒක එළියට අරගෙන තෙල් ගෑවුනු අග්ගිස්ස පරණ රෙදි කෑල්ලකින් පිහිදා ගන්න. හැන්ඩ්ල් එක යටටම යන්න ආපහු ඩිප්ස්ටික් එක ඇතුලට දමල එළියට ගන්න.

තෙල් මට්ටම සලකුණු වී ඇති ප්‍රමාණය බලා ගන්න. ඩිප්ස්ටික් එකේ අවම සහ වැඩිම තෙල් මට්ටම් ඉරි දෙකකින් ලකුණු කරල තියෙනවා. තෙල් මට්ටම අඩුනම්, වැඩි නොවෙන්න හරි ගාණට එනකම් තෙල් දාන්න. තෙල් මාරු කරන්න අවශ්‍ය කාලය නිෂ්පාදකයා සඳහන් කරනවා. අලුත්ම බ්‍රෑන්ඩ් නිව් වාහනේක පළවෙනි සැරේට තෙල් මාරු කිරීම ටික කාලෙකින් කෙරෙනවා. මීට හේතුව අලුත් මතුපිට සහ කොටස්, පිස්ටන් රිං සීට් එහෙම ඉක්මනට ගෙවෙන නිසා.

මේ ගැනත් සැලකිලිමත් වෙන්න…
තරමක වෙලාවක් වාහනේ නතර කරල තිබුනට පස්සෙ, එන්ජිම යට කලු පැහැති තෙල් බිංදු වැටිලා තියෙනවද කියල බලන්න. එග්සෝස්ට් එකෙන් නිල් පැහැති දුම් පිටවෙනවනම් ඒ කියන්නේ සිලින්ඩර්වල තෙල් පිච්චෙනවා කියන එකයි.

 

3. තිරිංග
Source – tntmag.net

තිරිංග හොඳ තත්ත්වයක තිබෙනවාදැයි පරීක්ෂා කිරීම ඉතාමත්ම වැදගත්. බ්‍රේක් පෙඩලයේ ස්පන්ජ් ගතියක් දැනෙනවානම් හරි, යටටම ගිහින් ආපහු උඩට එන්නෙ නැත්තම් හරි, බ්‍රේක් ගහද්දි සද්ද එනවනම් හරි බ්‍රේක් චෙක් කරගන්න වෙනවා. බ්‍රේක් ෆ්ලුයිඩ් හරි මට්ටමේ පවතිනවාදැයි බ්‍රේක් රෙසවොයර් එක බලලා දැනගන්න පුළුවන්. ගොඩක් නිෂ්පාදකයෝ බ්‍රේක් රෙසවොයර් බෝතලේ අවම සහ උපරිම මට්ටම් ලකුණු කරල තියෙනවා.

ඊලඟට, වාහනේ දුවල, ටිකක් වෙලා නතර කරල තිබ්බට පස්සෙ පිටිපස රෝද ලඟ බිම තෙල් වැටිල තියෙනවද කියල බලන්න. බ්‍රේක් ලීක් එකක් තියෙනව කියල හිතෙනවනම් වාහනේ හදාගන්න ලඟම තියෙන ගරාජ් එකට වෙන වාහෙනේකින් ඇදගෙන ගෙනියන්න වේවි. බ්‍රේක් එකෙන් සද්ද එනවනම් ඒ කියන්නේ පැඩ්ස් ගෙවිල, අලුතින් පැඩ්ස් දාන්න කාලේ හරි කියන එකයි.

ඔබේ වාහනේ තියෙන්නේ ඩිස්ක් බ්‍රේක් නම්, ඩිස්ක් එක ගැඹුරට හීරිලාද කියල දැනගන්න  සලකුණු තියෙනවද කියල බලන්න. සමහරවිට ඩිස්ක් එකයි පැඩ් එකයි අතරට යම් දෙයක් ඇතුළු වීමෙන් මේක සිදුවෙන්න පුළුවන් නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ පැඩ් සම්පූර්ණෙන්ම ගෙවිල, ලෝහ පැඩ් සීට් එක ඩිස්ක් එකේ වැදීමෙන්. එහෙමනම් ඩිස්ක් එක අලුතින් දාල සමහර විට කැලිපර් එකත් අලුතින් හදාගන්න වෙනවා.

 

4. ක්ලච් එක

ඔබේ වාහනයේ ඇත්තේ හයිඩ්‍රොලික් (ජලබලයෙන් ක්‍රියාත්මක වෙන) ක්ලච් එකක් නම් ඒකේ රෙසවොයර් එක සාමාන්‍යයෙන් වඩා විශාල බ්‍රේක් මාස්ටර් සිලින්ඩරේට එහා පැත්තේ තියෙන ඊට කුඩා එකයි. සාමාන්‍යයෙන් මේකටත් පාවිච්චි කරන්නේ බ්‍රේක් ෆ්ලුයිඩ් ජාතියේම දියරයක්. අවශ්‍ය පරිදි මේකටත් දියර දාගන්න අමතක කරන්න එපා.

පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් මට්ටමත් බලන්න අමතක කරන්න එපා.

 

5. බැටරියේ වොල්ටේජ් එක
Source – tntmag.net

ඉලෙක්ට්‍රික් ප්‍රශ්න වල අග මුල හොයන එක එපාවෙන වැඩක්. සම්පූර්ණයෙන්ම චාර්ජ් කරපු බැට්‍රියක් 12.6 V පෙන්නුම් කල යුතුයි. ඊට වඩා තරමක් අඩුයි නම්, බැට්‍රිය සම්පූර්ණයෙන්ම චාර්ජ් වෙලා නෑ. මේක එන්ජිම ඕෆ් කරල විදුලි බලය (රේඩියෝවට, ෆෑන් එකට, ලයිට් වලට) පාවිච්චි කරන නිසා වෙන්නත් පුළුවන්.  එහෙමත් නැත්තම් චාර්ජ් වෙන පද්ධතියේ ගැටළුවක් නිසා වෙන්නත් පුළුවන්.

12.6 V වලට වඩා සෑහෙන්න අඩු නම්, බැට්‍රියට ස්ටාටර් මෝටරේ දුවන්න අවශ්‍ය බලය දෙන්න බැරි වෙන්න පුළුවන්. එන්ජිම පණ ගන්නලා බැට්‍රියේ වෝල්ටේජ් එක බලන්න. එය 13.5 – 14 V අතර තිබිය යුතුයි. ඉන් පෙන්නුම් කරන්නේ චාර්ජින් සිස්ටම් එක වැඩ කරනවා කියන එකයි. කාර් එක ගැටළුවක් නැතුව දුවනවා නම්, දුවනකොට වොල්ටේජ් එක 13.5 – 14V අතර නම් තියෙන්නේ, නමුත් එන්ජිම නැවැත්තුවාට පස්සේ බැටරියේ වොල්ටේජ් අගය බහිනවනම් ඒ කියන්නේ බැට්‍රියේ ප්‍රශ්නයක් තියෙනවා කියන එකයි.

ගොඩක් අලුත් කාර් බැට්‍රි සීල් කරල තියෙන නිසා කිසිම නඩත්තුවක් අවශ්‍ය නෑ. නමුත් පරණ “වෙට් සෙල්” බැට්‍රිවල තියෙන්නේ සල්ෆියුරික් අම්ලය සහ පෙරපු වතුර සහිත ඉලෙක්ට්‍රොලයිට් මිශ්‍රණයක්. මට්ටම් බලලා අවශ්‍ය නම් විතරක් දියර දාන්න. ටැප් වතුර පාවිච්චි කරන්න එපා. එහි මිශ්‍ර වී ඇති ලවණ නිසා සිදුවන ප්‍රතික්‍රියා මගින් බැට්‍රියේ ආයු කාලය කෙටි වෙනවා.

තල්ලු ස්ටාර්ට් කරන නිවැරදි ක්‍රමය තමයි, හොඳ බැටරියේ ධන කෙළවර වැඩ කරන්නේ නැති බැටරියේ ධන කෙළවරට සම්බන්ධ කරලා, හොඳ බැට්‍රියේ සෘණ කෙළවර තල්ලු ස්ටාර්ට් එකක් අවශ්‍ය වාහනේ චැසියේ ලෝහමය කොටසකට සම්බන්ධ කිරීම. කේබල් ඔක්කොම කිසිම හෙලවෙන කොටසක පැටලිලා නැතුව තියාගන්න ප්‍රවේසම් වෙන්න. සෘණ කෙළවරවල් දෙක එකට හා කරන්නේ නැත්තේ, කනෙක්ශන් එක පුළුවන් තරම් බැට්‍රි එකෙන් දුරට ගෙනයෑම මගින් ස්පාක් වීමක් වැලැක්වීමයි.

 

6. වින්ඩ්ස්ක්‍රීන් වයිපර් සහ වොශර් දියර

මේකත් බොහෝ විට අමතක වෙන දෙයක්. වයිපර් බ්ලේඩ් එක කෑල්ලකට තියෙනවාදැයි, නම්‍යශීලීදැයි කියලා බලන්න. පොඩි දෙයක් උනාට වැස්සෙ එලවද්දි මේක ගොඩක් වැදගත්. ඒ වගේම වොශර් බෝතලේ පුරවලා තියන්නත් අමතක කරන්න එපා.

 

7. කූලන්ට්
Source – tntmag.net

පාරේ පැත්තක වාහනේ නතර කරගෙන, එන්ජිමෙන් දුම් දාද්දි හුඩ් එක ඇරගෙන ඉන්න කවුරුත්ම පොඩ්ඩක්වත් කැමති නෑ. රේඩියේටරයේ සයිඩ් එකේ තියෙන ටැංකියේ දියර මට්ටම පරීක්ෂාකරන්න. රේඩියේටර්යෙනුත් කාන්දුවීම් තියෙනවාදැයි බලන්න. හදිස්සියකදී වතුර දැම්මට කමක් නෑ, නමුත් හරියාකාර වාහනයට ගැලපෙන කූලන්ට් එකක පාවිච්චි කිරීම වැදගත්. එහි තිබෙන එතිලීන් ග්ලයිකෝල් මගින් තාපය දරාගැනීම තරමක් ඉහල නංවනවා වගේම මලකඩ කෑමත් නවත්වන ද්‍රව්‍ය එකතු කරල තියෙනවා.

 

8. ලයිට්, සිග්නල්, නලාව

මේවා ගැන ඉතින් විස්තර කරන්න ඕනේත් නැති තරමයි, නමුත් බොහෝ විට බලන්න අමතක වෙනවා. රෝද වීල් නට් තදට සවි වී ඇත්දැයි බලන්න. හෙලවූ විට ප්ලේ එකක් නොතිබිය යුතුයි. වීල් එක බුරුල් නම්, හරියට සවිකරල නැති වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් වීල් නට් බුරුල් හරි වීල් බෙයාරින් ගෙවීගෙන යනවා වෙන්නත් පුළුවන්.

ඉහත දක්වා ඇති උපදෙස් කිහිපය ඔබට කරදරයක් නැතුව, ආරක්ෂා සහිතව, වාහනය ධාවනය කිරීමට හැකි වෙන විදියට වාහනය නඩත්තු කිරීමට ගොඩක් දුරට උපකාර වේවී. ඒත් අනිවා කාලෙන් කාලෙට නියම වෙලාවට වාහනේට හොඳ තැනකින් සර්විස් එකක් දෙන්න අමතක කරන්න එපා.

 




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here