හොර සොෆ්ට්වෙයාර් නැතුව ජෙනුයින්ම ගන්න කියලා හිතන්න ඕනේ මේ කරුණු 5 නිසයි – Hela FM Media


අනුග්‍රාහක ලිපියකි.

 

දැන් ඔය ලැප්ටොප් එකක් එහෙම ගන්න කියලා හිතාගෙන බලයලත් අලෙවි නියෝජිතයෙක් ගාවට එහෙම ගියහම ඒවල ගණන් වෙනස් වෙනවනේ එක එක කෑලි බෑලි වල විදියට.

ඒ අතරේ තව ගණන් දෙකක් මෙහෙම තියෙනවා. වින්ඩෝස් ජෙනුයින් කොපි එකක් කොම්පැණියෙන්ම ඉන්ස්ටෝල් කරලා එන ලැප්ටොප් එකේ ගාණ සූටි සුපියල් හත් අටදාහක් විතර වැඩියි. හැබැයි ඒ ගාණ නැතුව එන ලැප්ටොප් එකේ තියෙන්නේ ඩොස් හරි ලිනක්ස් හරි. ආන්න ඒ නිසා අපි මුණගැහෙනවා ටවුමේ කොම්පියුටර් හදන කඩෙන් හොයාගත්ත අයි.ටී. බුවෙක්ව. පොර කරන්නේ මෙච්චරයි. අර ගාණ අඩුවෙන් ගත්තු ඩොස් තියෙන ලැප්ටොප් මැසිමට දානවා කිරි කිරි වින්ඩෝස් ඕඑස් එකක්. ආය සල්ලි දීලා ගන්න තියෙන ජෙනුයින් එකක් වගේම පෙනුමයි. හැබැයි අයි.ටී. මල්ලි වැඩේ කරලා අපෙන් සූටි සුපියල් දාහක් විතරත් අරගෙන යන්න ලැහැස්ති වෙලා කියනවා “ඕකේ අප්ඩේට් ඕෆ් කරලම තියන්න” කියලා. දැන් අපි ඔය අප්ඩේට් ගණන් ගන්නවද? නෑ. හත්දාහෙන් යන්න තිබ්බ එක දාහෙන් ගොඩ ගියපු සතුටත් එක්ක අපි ඔන්න අලුත් ලැපෙන් වැඩ කරනවා. දැන් හැමදාටම ඕක ප්රස්න නැතුව දුවයිද? අප්ඩේට් ඕෆ් කරල තිබ්බොත් දුවයි. හැබැයි වෙන වෙන ප්රශ්න එයි. දැන් ඒ හින්දා ඕන බම්බුවක් කියලා අප්ඩේට් ඔන් කරපු ගමන් ඔන්න ඔරිජිනල් ඕඑස් කොම්පැණියෙන් කේස්. ස්ක්රීන් එක කලු වෙලා, මැසිම ස්ලෝ වෙලා එක විකාරයයි. හරිනෙ ඉතින්, හොරබඩුනේ.

කොහොම කොහොම හරි ඔය කිව්ව කතන්දරේ ඇත්තටම ලංකාවේ ඩයල්ස් වලට සෑහෙන්න වෙන දෙයක්. ඒ හින්දා අපි මේ කියන්න යන්නේ ඔරිමජිනල් ජෙනුයින් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනකොට තියෙන වාසි ටිකක් ගැන තමයි.

 

1. අහුවුනාම තියෙන වාත සීන් නෑ
Source – pinterest.com

දැන් ඔය ජෙනුයින් සොෆ්ට්වෙයාර් වල පයිරේටඩ් කොපි ගහල විකුණනවනේ. අවුලක් නෑ. හැබැයි අහුවුනහම සුපිරියටම වාතයි. හරි, අහුනොවෙන්න පාවිච්චි කරන්න එක එක ඈයෝ ක්රම සහ විධි හොයාගන්නවා තමයි. හැබැයි සීයෙට සීයක් විස්වාසෙන් කියන්න බෑ හොර සොෆ්ට්වෙයාර් එකක් පයිරේටඩ් කොපියක් කියලා ඩිටෙක්ට් නොවෙයි කියලා. ඉතින් බැරිවෙලා හරි අහුවුනාට පස්සේ ඉතින් මුළු මැසිමම ස්ලෝ වෙනවා. විනාඩි විස්සෙන් විස්සට “හොර කොපි එපා” කියලා වෝර්නින්ග් මැසේජ් එන්න පටන් ගන්නවා. සමහර වෙලාවට සොෆ්ට්වෙයාර් එකට සම්පූර්ණයෙන්ම ඇක්සස් නැතුවත් යනවා. හදිසි වැඩක් තියෙන වෙලාවක ඔහොම වෙනකොට හිතෙන්නේ මැසිම අල්ලලා පොළවේ ගහන්නනේ. හැබැයි ජෙනුයින් සොෆ්ට්වෙයාර් කෑල්ලක් හරි ඕඑස් එකක් හරි දාගත්තහම ඔය වාත කිරිලි නෑ.

 

2. අප්ඩේට්ස් සුපිරියටම වැඩ
Source – pro-tools-expert.com

දැන් ඕඑස් එකක වුනත්, සොෆ්ට්වෙයාර් එකක වුනත් කාලෙන් කාලෙට අප්ඩේට්ස් එනවනේ. සමහරු ජෙනුයින් කොපි ගත්තත් අප්ඩේට්ස් ඕෆ් කරනවා කරදරයි කියලා. හැබැයි ඔය අප්ඩේට්ස් වලින් තමයි ඒ අදාළ සොෆ්ට්වෙයාර් එකට හරි ඕඑස් එකට හරි දෙන අලුත් අලුත් ෆීචර්ස් අපිට එවන්නේ. එතකොට මොනවා හරි ආරක්ෂාවේ හිල් එහෙම හොයාගත්තොත් ඒ හිල් වහන්නෙත් ඔය එන සෙකියුරිටි අප්ඩේට්ස් වලින්ම තමයි. ඒ කියන්නේ අප්ඩේට්ස් නිසා එකක්, සොෆ්ට්වෙයාර් එකෙන් ලැබෙන සියලුම අලුත් අලුත් පහසුකම් සහ විශේෂාංග අපිට ලැබෙනවා. දෙවෙනුව අපිව අනවශ්ය විදියට හොම්බ දාන්න එන පාර්ශව වලින් ආරක්ෂා කරගන්න පුලුවන් හැමදේම කෙරෙනවා. ආන්න ඒ නිසා අප්ඩේට්ස් වැදගත්. එතකොට අප්ඩේට්ස් හරියට වෙන්න නම් ජෙනුයින් බඩු පාවිච්චි කිරීම වැදගත්.

 

3. හොරුන්ට එන්න බෑ
Source – danysoft.com

දැන් ඕනම අපේ තාලේ බුවෙක් හිතන්නේ අපේ මැසින් වලට හොරු රිංගලා ගෙනියන්න වෙන්නේ අර සිස්ටම් නමකින් රීනේම් කරලා හංගලා තියෙන වැල වරකා ගෝනිය ඉතරයිනේ කියලනේ. හැබැයි අපි දන්නෙ නෑ. සමහර වෙලාවට හැකර් බුවෙක්ට අවශ්ය වෙන විදියේ සංවේදී තොරතුරු අපේ මැසින් වලත් තියෙනවා. දැන් හැමදෙයක්ම, බැංකු කටයුතු පවා ඩිජිටල් කියන එක අමතක කරන්න නරකයිනේ. ඉතින් හොර කොපි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනකොට ඔය සංවේදී, වැදගත් තොරතුරු පිටතට ලීක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ කියන්නේ ඔය වයිරස් ඇටෑක්, රැන්සම්වෙයා සහ වෙනත් මැල්වෙයාර් වලින් කරන ඇඟිලි ගැහිලි වලට එහෙම හොර කොපි ආක්රමණය කරන එක ලේසියි. ආන්න ඒ නිසයි පස්සේ ගිය හකුරට අඬන්නේ නැතුව ජෙනුයින් වෙන්න කියන්නේ.

 

4. සපෝට් එකත් ඕනනේ
Source – iyogi.com

අපේ රටවල නං ගොඩක් දෙනෙක් ඔය සොෆ්ය්ට්වෙයාර් කොම්පැණි වලින් දෙන කස්ටමර් සපෝට් සීන් විස්වාස කරන්නෙත් නෑ, පාවිච්චි කරන්නෙත් නෑ. කොහොමත් හොර කොපියක් පාවිච්චි කරනකොට ආයි අවුලක් වුනහම කොම්පැණිය හොයාගෙන යන්නෙ නෑනේ. අවුල් හොර කොපි සොෆ්ට්වෙයාර් එක අන්-ඉන්ස්ටෝල් කරලා සුපියල් අසූවට තව හොර කොපියක් කොම්පියුටර් කඩෙන් අරන් දාගන්නවා.

හැබැයි අපි ජෙනුයින් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනකොට අපිට පොඩි හරි අවුලක් ආවත් උපරිම වශයෙන් ටෙක්නිකල් සපෝට් එක දෙන්න අදාළ සොෆ්ට්වෙයාර් කොම්පැණිය බැඳිලා ඉන්නවා විතරක් නෙවෙයි, ඒ සපෝට් එකත් හොඳට දෙනවා. ඒ විතරක් නෙවෙයි. අපිට සොෆ්ට්වෙයාර් එකේ මොනවාහරි ගැන දැනගන්න ඕන නම්, ඒවා ගැනත් දැනුවත් කිරීම් පට් පට් ගාලා කරලා දෙනවා.

 

5. ඒක ගත්තහම මේක නොමිලේ
Source – huffingtonpost.com

ජෙනුයින් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනකොට ඒකට අදාළ වෙන සමහර සයිඩ් සොෆ්ට්වෙයාර් එහෙමත් නොමිලේ දෙන කොම්පැණි තියෙනවා. එතකොට වෙන වෙන පහසුකම් නොමිලේ දෙනවා. අපි ගම්මු Office 365 පැකේජ් එක. ඕකට එක පාර ලොකු ගණන් ගෙවන්න ඕන නෑ. මාසෙකට පොඩි ගාණක් ගෙවලා පාවිච්චි කරන්න පුලුවන්. ඒකට ලෝකේ ඕනම රටකට කතා කරන්න මාසෙකට ෆ්රී විනාඩි 60 ක් ගාණේ දෙනවා. තව උදාහරණ දුන්නොත් වින්ඩෝස් අලුත් ඕඑස් එක්ක හම්බුවෙන ආරක්ෂක පද්ධති වෙන Microsoft Security Essentials නැතිනම් අලුත්ම වින්ඩෝස් 10 ඕඑස් එකත් එක්ක ලැබෙන Windows Defender එක. ඉස්සර වින්ඩෝස් දාගත්තුහම තව වයිරස් ගාඩ් එකකුත් අපි කොහෙන් හරි හොයල දාගන්න ඕනනේ. හැබැයි දැන් මේ ආරක්ෂක පද්ධති හදලා තියෙන්නේ ලෝකේ තියෙන හොඳම ඇන්ටි වෛරස්, ඇන්ටි මැල්වෙයාර් සොෆ්ට්වෙයාර් වලට චැලේන්ජ් කරන්න පුලුවන් විදියේ ෆුල් පවර් එකත් එක්ක. හැබැයි පුතාලා දූලා වින්ඩෝස් හොර කොපි වලට නං ඕවා එක්ක වැඩකරන්න හම්බුවෙන්නේ නෑ. ඒ හින්දා තමයි කියන්නේ ජෙනුයින් දාගන්න කියලා. මොකද ජෙනුයින් වින්ඩෝස් ඕඑස් එකත් එක්ක මේ ආරක්ෂක පද්ධති කොහොමත් දෙනවා. ඊට පස්සේ ඒවා ගාණට අප්ඩේට් වෙනවා. ආයි වෙන වෙන ඇන්ටි වෛරස් ප්රෝග්රෑම් හොය හොයා නහින්න ඕන නෑ!

 


කොටින්ම කියනවා නං මෙච්චරයි. ජෙනුයින් සොෆ්ට්වෙයාර් එකක් පිනට දෙන්නෙ නෑ. ඒකට සල්ලි යනවා. හැබැයි ඒ සොෆ්ට්වෙයාර් තමන්ගේ වෘත්තියට වැදගත් වෙනවා නම්, වෙන විදියකට කිව්වොත් ඔබත් මේ සොෆ්ට්වෙයා තමන්ගේ රාජකාරි කටයුතු සඳහා නිරන්තරයෙන් පාවිච්චි කරන වෘත්තිකයෙක් නම්, අනිවා අපි රෙකමන්ඩ් කරන්නේ ඒවා සල්ලි දීලා ජෙනුයින් කොපි විදියට ගන්න කියලා තමයි. ඒක ඇත්තටම තමන්ගේ ව්යාපාරයට නැතිනම් වෘත්තිය වෙනුවෙන් කරන ආයෝජනයක්.


 

Cover Image Source – vondranlegal.com
 




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here