ඊයෙත් වෛරසය ආසාධනය වූ නව ආසාධිතයන් 21 දෙනෙක් හමු වෙයි


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 1089 දක්වා ඊයේ (23) වන විට ඉහළ ගියා.

ඊයේ දිනයේ දී නව ආසාධිතයන් 21 දෙනෙක් හඳුනාගත් අතර ඒ අතුරින් 19 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෛරසය අසාධනය වූ නාවික හමුදා සෙබළුන් ගණන 626ක් දක්වා ඉහළ යනවා.

තව දුරටත් 420 දෙනෙක් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාධනය වූ බවට මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 101 සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ ගණන 660ක් වන අතර වෛරසය ආසාධනය වී මියගිය ගණන 9ක් ලෙසයි වාර්තා වන්නේ.




Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here