ඔබේ නිවස තුලත් මේ භයානක අර්බුද 7 තියෙන්න පුළුවන්. දැම්මම විසඳුම් හොයන්න – Hela FM Media

0
20


 

1. හූනොයි කෑමයි
Source – vanheygen.com

හූනො කියන්නෙ අපේ කෑමවලට හොට දාන්නම උපන් ජාතියක්. අනික හූනො වලක්වන්නත් හරිම අමාරු ජාතියක්. ඒ නිසා හූනො එන එක වලකවනවට වඩා හූනො අපේ දේ එක්ක ගැටීම වලක්වන එකයි හොඳ. ඒකට තමයි ඉතිං කෑම වහන්න එක එක නිෂ්පාදන වෙලඳපොලේ තියෙන්න. අද ඊයෙ වගේම මීට පෙරාතුවත් හූනන් විස වෙලා බොහෝ දෙනෙකු මිය ගිහින් තියෙනවා.

 

2. කැරපොතු කෙළ
Source – brodybrotherspestcontrol.com
Source – brodybrotherspestcontrol.com

කැරපොත්තගෙ කෙළ හරිම විසයි. සාමාන්‍යයෙන් කැරපොතු කෙළ හෝ මුත්‍රා ගෑවුනොත් කටවල් වන කුෂ්ඨ බවට පත්වෙනවා. ඒ නිසා කැරපොත්තු නිවසකින් තුරන් කරගන්න තරමට හොඳයි. අපිරිසිදු කමින් අඩුයිනම් කැරපොත්තන් නිවසක සිටින්නේ නැහැ.

 

3. මදුරුවෝ
Source –  howtoconserve.org
Source – howtoconserve.org

වටපිටාව සුද්ද කරල පිරිසිදුවට තියෙනවනම්, අසල්වැසියොත් ඒ සත්ක්‍රියාවට දායක වෙනවනම් මදුරු වසංගතේට තිත තියන්න පුළුවන්. එක් මොහොතක මදුරුවෙක් කනවා කියන එක පොඩි කැසිල්ලක් වෙන්න පුළුවන්. ඒත් ඒක ජීවිත අවධානමක්. ඒ හින්දා පිරිසිදු වතුර තියෙන තැන්වලට ලුණු කැට දාලා, සත්තුන්ට බොන්න දාන වතුර දිනපතා අලුත් කරලා තියෙනවනම් මේ කරදරෙන් ඈත් වෙන්න පුළුවන්.

 

4. කාබාසිනියා මීයෝ
Source – wifflegif.com
Source – wifflegif.com

මීයෝ ඉතිං කෑම තියෙද්දි එනව. මීයෝ එන හින්දයි කියල මිනිස්සුන්ට කෑම නොකා ඉන්න බැහැනෙ. දැන් ඉතිං මීයො අල්ලන්න ක්‍රම ගොඩක් තියෙනව. පවු වගේ තමයි. පවු වුනාට ඉතිං මොනව කරන්නද? ඇලවෙන බෝඩ්, මී කතුරු, පාසානම් වගේ අලුත් උගුල් ජාතියකුත් මීයන්ට තියෙනව.

 

5. ගෑස් ලීක්
Source – mesregions.com
Source – mesregions.com

ගෑස් ලීක් එකකින් මේ ලඟඳිත් මරණ සිදුවුනා. ඒ ගිනි ගැනීමකින් නෙමෙයි. වායු විෂවීමකින්. මේ වගේම ගිනි ගැනීමක් වුනත් වෙන්න තියෙන ඉඩ වලක්ව ගන්න නිවැරදි විදියට සවිකරපු රෙගියුලේටරය ප්‍රයෝජනවත්. ඒවගේම ප්‍රමිතිගත සහ හානි නොවූ බටයක් භාවිතයද වැදගත්.

 

6. වයරිං අවුල්
Source – lifehacker.com
Source – lifehacker.com

වයරින් අවුල් වනව කියන්නෙ නං ලෝක විනාසයක්. ඕන ගමක ඉන්නව දොරේ බෙල් එක ගැහුවම කුස්සියෙ ලයිට් පත්තු වෙන ජාතියෙ වැඩ කරන  බාස්ලා. එහෙම අයගෙන් අත්මිදෙන එක හොඳයි. මේකෙන් ඔබේ විදුලි උපකරණවලට හානි වෙනව වගේම ජීවිතයටත් විශාල හානියක් තියෙනව.

 

7. බාබකියු මැෂින්වලින්
Source – homemadebyyou.co.uk
Source – homemadebyyou.co.uk

විස කාබන් මොනොක්සයිඩ් බාබකියු මැෂින් වලින් නිකුත් වීම නිසා සිදුවුනු මරණයන් අපිට ලංකාවෙනුත් අහන්නට දකින්නට ලැබෙනවා. මේකනම් ගොඩක් වෙලාවට භාවිතා කරන්නාගේ අවදානයේ තත්ත්වය උඩ තමයි සිදුවන්නේ. ඒ නිසා හිතේ තියෙන අවධානය තමයි හැම අනතුරක්ම වලක්වගන්න වැදගත් වෙන්නේ.

 
Cover Image Source – truelocal.com.au
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here