ඔබේ හිස කෙස් වල වර්ගය අනුව ෂැම්පු එක තෝරාගන්නේ මෙන්න මෙහෙමයි – Hela FM Media

0
31


 

ඔයා සුපර්මාකට් වලට ගිහින් තියෙනවා නේද? දැකල තියෙනවද ඔය සබන් ෂැම්පු හෙයා කන්ඩිෂනර් එහෙම තියලා තියෙන රාක්කේ ගාව නෝනලා මහත්තුරු එහෙම කැරකි කැරකි ඉන්නවා එක එක ෂැම්පු කන්ඩිෂනර් වර්ග දිහා බල බල? නමුත් අන්තිමට කරන්නෙ අතට අහු වුන ෂැම්පු එකක් අරන් යන එක. එහෙමත් නැත්නම් සුපුරුදු සබන් කැටේ හොඳයි කියල හිතල ඇඟේ ගාන සබන් කැටේම ඔළුවෙ අතුල්ලල නාගන්න එක.

ඒ තමයි තමන්ගේ කොණ්ඩය, සම ගැන හරියට නොදැන එක එක ෂැම්පු වර්ග වල ගුණාත්මක බව ගැන නොදැන බඩු තෝරන උදවිය. ඇත්තටම අපි ෂැම්පු ගැන මොනවද දන්නේ? ඒවා අපිට අපේ සමට හිසකෙස් වලට ගැලපෙනවද?

අපි හිසකෙස් වල තත්ත්වය අනුව මේ සියල්ල වර්ග කරගමු. ප්‍රධානම ප්‍රශ්නය තමා ඔබ ඔබේ කෙස් වැටිය හඳුනනවා ද කියන එක. අනිත් කාරණය තමයි ඔබට තිබෙන ස්කින් ඇලර්ජීස් එහෙමත් නැත්නම් සමේ ඇති ආසාත්මිකතා ගැනත් දැනුවත් වෙන්න. සමහර පුද්ගලයන්ට සමහර ෂැම්පු වර්ග වල අඩංගු රසායනිකයන් ආසාත්මික වෙන්න පුළුවන්.

 

1. තෙල් සහිත හිසකට
Source – youqueen.com

තෙල් සහිත හිස් කබලක් නම් තෙතමනය සුරකින, හිසකෙස් සුමුදු කරවන, කැරලි සහිත කෙස් වලට ගැලපෙන සහ මොයිස්චරයිසර් වැඩිපුර අඩංගු ෂැම්පු වර්ග තෝරාගැනීමෙන් වලකින්න. ඒ වගේම තෙල් සහිත හිස් කබලක් තිබෙනවා නම් නිතර සම්බාහනය කිරීමෙන් වලකින එක හොඳයි. මොකද එහෙම කලොත් තෙල් නිපදවන ග්‍රන්ථි උත්තේජනය වෙලා තෙල් ශ්‍රාවය වීම වැඩි වෙනවා.

 

2. වියලි සහ කැරලි ගැසුනු හිසකෙස් වලට
Choosing Shampoo
Source – folica.com

ඔබට තිබෙන්නේ වියලි හිස් කබලක් නම් වැඩිපුර මොයිස්චරයිසර් අඩංගු, සල්ෆේට් ෆ්‍රී යනුවෙන් සඳහන්, තෙල් වර්ග අඩංගු ෂැම්පු වර්ගයක් භාවිතයට අරගන්න. ෂැම්පූ එකේම කන්ඩිශනර් අඩංගු වෙලා තියෙන්න පුළුවන් උනත් ඔබ වෙනම කන්ඩිශනර් එකක් භාවිතා කරන එක වඩාත් සුදුසුයි.

ස්වභාවයෙන්ම වියළි හිස් කබලක් ඇති වීම හෝ නිතර කොණ්ඩය බ්ලෝ ඩ්‍රයි කිරීම, ස්ට්‍රේට් කිරීම, කලර් කිරීම වගෙ හේතු නිසාත් හිස්කබල සහ හිස කෙස් වියළී යන්න පුළුවන්.

ඒ වගේම ඔබ සැලුන් එකකට යන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඔබේ කොණ්ඩා සැකසුම් ශිල්පියාගෙන් ඒ ගැන උපදෙස් ගන්න එක වටිනවා. එහෙමත් නැතිනම් සම පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් මේ ගැන උපදෙස් ගන්නට හැකියාව තිබෙනවා.

 

3. තට්ටය පෑදෙන කෙනෙක්ට සුදුසු ෂැම්පු
Choosing Shampoo
Source – youtube.com

ඔබ හිසකෙස් හැලීමේ එහෙමත් නැත්නම් තට්ටය පෑදීමේ ගැටළුවකට මුහුණ දී ඇති අයෙක් නම් Sodium Lauryl Sulphate අඩංගු ෂැම්පු සහ Methylparaben, Propylparaben, Ethylparaben, Propylparaben, Butylparaben සහ Isobutylparaben යන නම් සඳහන් වෙලා තියෙන Paraben අඩංගු ෂැම්පු භාවිතය ඔබේ තට්ටය පෑදීම ඉක්මන් කරාවි. හිසකෙස් ගැලවී යාමටම විශේෂයෙන් නිපදවපු ෂැම්පු වර්ග වුනත් ගනිද්දි මේ කියපු දේවල් අඩංගුද කියල බලලම ගන්න. එහෙමත් නැත්නම් බේබි ෂැම්පු වගේ මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරන එක වඩාත් සුදුසුයි.



 

4. හිස්හොරි
Choosing Shampoo
Source – webmd.com

මේක තමා ඕනෑම කෙනෙකුගේ දැවෙන ප්‍රශ්නය. මොනාද මේ හිස්හොරි කියන්නේ? හිස්හොරි කියන්නේ හිස් කබලෙහි මැරුණු සමයි. සාමාන්‍යයෙන් හිස් කබලෙන් මැරුණු සම අපි නෑමේදී ඉවත් උනත් හිස් කබලේ වියළි ස්වභාවය සහ අපිරිසිදුකම නිසා ඇති වන ආසාත්මිකතා වගේ හේතු නිසා හිස්හොරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

හිස්හොරි සහිත හිසකට ඉස්හොරි මැඩලන පෝෂක අඩංගු ෂැම්පු වර්ග ඕනෑ තරම් සොයා ගන්නට පුලුවන්, ඒ වගේම දෙහි හෝ සිට්‍රස් සාරය සහිත ෂැම්පු වර්ගයක් භාවිතා කරන්නට පුලුවන්නම් බොහොම පහසුවෙන්ම හිස්හොරි පාලනය කරන්නට පුළුවන් වේවි.

 

5. ඩැමේජ්ඩ් හෙයා එහෙමත් නැත්නම් සකස් කල හිසකෙස් වලට
Choosing Shampoo
Source – pinterest.com

ඔබ හිසකෙස් කලර් කර තිබෙනවා නම්, ස්ට්‍රේට්නින්, ෆර්මින් හෝ මොනයම්ම ආකාරයක හෝ රසායනක ද්‍රව‍යක් භාවිතයෙන් හිසකෙස් වල ස්වභාවික තත්ත්වය වෙනස් කල අයෙක් නම් ඒ කොණ්ඩය වැටෙන්නෙ ඩැමේජ්ඩ් හෙයා ගණයටයි. එහෙම කෙනෙක්ට අනිවාර්යෙන්ම ඒ සඳහාම විශේෂිත වූ ෂැම්පු වර්ගයක් භාවිතා කරන්නට වෙනව. කලර් කල හිස කෙස් සඳහා වර්ණය ආරක්ෂාවන අන්දමේ ෂැම්පු වර්ගද, ස්ට්‍රේට්නින් එකක් කල අයෙකුට එයට ගැලපෙන ෂැම්පු වර්ගද දැන් වෙලඳ පොලේ මිලදී ගැනීමට තිබෙනව.

 

6. මම නිතර එළිමහන් පරිසරය නිරාවරණය වෙන කෙනෙක්, ඒ නිසා මගේ හිසකෙස් අපිරිසිදු වෙනවා. මම පාවිච්චි කරන්න ඕනේ මොන වගේ ෂැම්පු වර්ගයක් ද?
Choosing Shampoo
Source – youtube.com

ඒ කියන්නේ ඔබ දිනපතා වගේ ස්නානය කරන්නට සිදුවෙනවා කියන එකනේ. එහෙනම් කරන්නට තියෙන්නේ බේබි ෂැම්පු ඒ කියන්නේ කුඩා දරුවන් සඳහා තිබෙන ෂැම්පු එකක් භාවිතා කරන එක. ඒවායේ කිසිම සැර රසායනිකයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා කෙස් වලට අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ.

 

7. ෂැම්පු ගාලා ස්නානය කරන නිවැරදිම ක්‍රමය මොකක්ද?
Choosing Shampoo
Source – tardeotemprano.net
  • ෂැම්පු ගල්වන්නට පෙර හිස හොඳින් තෙමාගන්න.
  • හිසට ෂැම්පු දමන විට හිස මුදුනට දමාගන්න එවිට ඔබට හිස පුරාම ආලේප කරගන්නට පහසු වේවි.
  • හිසේ කෙස් ඇඟිලි වලින් අදින්නට එපා. ඇඟිලි තුඩු වලින් හෙමිහිට සම්බාහනය කරන්න.
  • විනාඩි 2-3ක් සම්බාහනය කල පසුව හිසකෙස් සෝදා හරින්න. සෝදා හරින අතරතුර දී හිස කෙස් අතර ඇඟිලි යවා හිසකෙස් අතර ඉතිරි වී ඇති ෂැම්පු සියල්ල සෝදා හරින්න.

 

 


 
Cover Image Source – italymagazine.com
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here