ඔබ අනිවා දැනගත යුතු පෙම්වතියන් 6 දෙනෙක් – Hela FM Media

0
3


 

1. “මයේ අයියාහ්” හෙවත් රෙකෝඩ් කීපර්.

මෙවැනි පෙම්වතියන් තම පෙම්වතාට තමන්ගේ අයියා කියන අදහසින් සලකයි, කන්නට බොන්නට යනවිට පමණක් නොව නාන්නට දත් මදින්නට යන විට පවා, තම පෙම්වතාට කතා කර අවසර ගන්නට බලයි. මේ ආදරය කොතරම් දෑඩිව පෙම්වතාට දැනෙනවාද කියනවා නම් බොහෝ සංවාද අවසාන වන්නේ “මට බැහැ අයියා මේක තවත් ඉවසන්ට” එසේත් නැතිනම් පෙම්වතා විසින් “මොන මල කරදරයක්ද ඕයි” කියා දුරකථනය විසන්දි කිරීමෙනි. බොහෝ විට මෙවැනි පෙම්වතියන් තමන්ගේ පෙම්වතා  තමන්ට දිවා ආහාරය සඳහා එලියට රැගෙන ගිය දිනය, පළමු උපන්දින ත්‍යාගය පමණක් නොව දහවල් කාලයේ පෙම්වතා විසින් එවන SMS පවා පොතක ලියන්නට තරම් පෙළඹේ.

 

2. චණ්ඩි ශ්‍යාමා.
බොහෝ විට විවාහයෙන් කෙලවර වෙන අතර විවාහයෙන් පසුව “සැමියා බිරිඳගේ ටෝමියා ය” යන පුරාන කියමනට අනුව දිවි ගෙවීමට පෙම්වතා හිත හදාගනියි
Source – leisuremartini.com

“ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න මම මේක බලාගන්නම්”

“ඉතින් මොන එහෙකට බලා හිටියද දෙන්නනේ තිබ්බේ හොම්බ රිවට් වෙන්න”

ආදී ආදර බස් වලින් තම පෙම්වතාට කරදරයක් වූ තැනදී පෙම්වතාව සනසන පෙම්වතියන් ඉහත ආකාරයට අයත් වේ. බොහෝ විට තමන්ගේ පෙම්වතිය යමක් පවසත්දී “ඔව් ඔයා හරි ඩාලිං” “exactly my love” ආදී හැමවිටම අය නිවැරදි බව ඇඟවෙන ආකාරයේ ආදර බර පිළිතුරු වලින් තම පෙම්වතියව සනසන්නට මෙවැනි පෙම්වතුන් පෙළඹෙන්නේ, පෙම්වතියට ඇති අවංක අකලංක ප්‍රේමය නිසා පමණක් නොව අයට ඇති අසීමිත බිය හෝ වාග් සංග්‍රාමයක අවසානයේ දී “දත් නැතුව බත් කන්නට” වෙන බව හොඳින් දන්නා නිසාය. මෙවැනි පෙම් සබඳතා බොහෝ විට විවාහයෙන් කෙලවර වෙන අතර විවාහයෙන් පසුව “සැමියා බිරිඳගේ ටෝමියා ය” යන පුරාන කියමනට අනුව දිවි ගෙවීමට පෙම්වතා හිත හදාගනියි.

 

3. රෝස පැටික්කි.
රෝස පැටික්කි
“කුක්කු බෝලේ, චුටි පැටියා, උම්මා කැටේ” වචන සෑම වාක්‍යක් අවසානයට හෝ මුලට යොදයි
Source – Youtube.com

මෙවැනි පෙම්වතියන් තම පෙම්වතා අසල හුරතල්වීමට කැමැත්තක් දක්වයි, තමන් ජීවත්වෙන ලෝකය රෝස පාටයි කියා සිතන මෙවැනි පෙම්වතියන් තමන්ගේ යට ඇඳුමේ සිට කියුටෙක්ස් එක දක්වාම රෝස පාට ගුරු කොට ගනිති. කාටුන් බලන, හවසට අහල පහල සිටින පොඩි දරුවන්ට කතා කියා දී ඒ අයව බලාකියා ගැනීමට ආසා කරන මෙවැනි පෙම්වතියන් තම පෙම්වතුන් හා ඉක්මනින් විවාහ වී දරුවන් දුසිමක් හදන්නට සිහින මවනමුත් එවැනි කතා තම තුරුලේ සිට පෙම්වතිය කියනා සෑම වාරයකදීම පෙම්වතාට තම හිස් වූ මුදල් පසුම්බිය හෝ මුදල් ගිණුම අහසේ මැවී පෙනීම ස්වභාවිකය. “කුක්කු බෝලේ,  චුටි පැටියා, උම්මා කැටේ” වචන සෑම වාක්‍යක් අවසානයට හෝ මුලට යෙදීම මගින් මෙවැනි පෙම්වතියන් පහසුවෙන් හඳුනාගත හැකිය.

 

4. ඩිටෙක්ටිව් සෝමා.

ඩිටෙක්ටිව් සෝමා
“මම මේ හැමදේම හොයලා බලන්නේ ඔයාට තියෙන ආදරේට”
Source – Youtube.com

“ඔෆිස් එකෙන් 5ට ආවා නම් 6.30 වෙනකොට ගෙදර එන්න ඕනේ, පැය එකහමාරක් මොනවා කලාද?”

“එකත් එකටම කොහේ හරි කෙල්ලෙක් හම්බවෙන්න යන්න ඇති, දෙන්නයි කිව්වේ මෙන්න මෙහෙට ෆෝන් එක.”

තම පෙම්වතාගේ සියලුම හැසිරීම් විමර්ශනය කරන මෙවැනි පෙම්වතුන් කොණ්ඩය කපත්දී කෙස් ගහක් ඇදේට කැපුවද එය දුටු සැනින් දැන ගන්නට දක්ෂය. පෙම්වතාට නොදැනෙන්න පෙම්වතාගේ දුරකතනයේ ඇති සියලුම close contacts පමණක් නොව සියලුම social media ලෝගින්ස් වල තොරතුරු තබාගෙන සිටියි. එහෙත් තමන් [පෙම්වතිය] වරදක් කර හසුවූ තැනදී බොහෝ අවස්තාවලදී “Maye Ayyaahhh the Record Keeper” පෙම්වතියගේ චරිතය ආරුඪ කරගන්නා මේ පෙම්වතියන් කොට්ටාසය, “මම මේ හැමදේම හොයලා බලන්නේ ඔයාට තියෙන ආදරේට, මම කරදරයක් කියලා ඔයාට දැනෙනවා නම් මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්නම්” කියන සුපුරුදු පූස් පාට් එක දමයි, අවසානයේ බටර් වලින් තමන්ගේ හදවත නිමකරගත් අසරණ පෙම්වතා තමන්වැ තුරුලට ගෙන සනසන බව දන්නා මේ පෙම්වතිය, පෙම්වතාගේ හුරතල් කිරීමෙන් පසුව, පෙර පරිදිම Sherlock Holmes ගේ චරිතය ආරුඪ කරගනීයි.

 

5. OK මචං.

OK මචං
ඕනෑම දෙයක් කියන්නට හැකි නිසා දෙදෙනා අතර රහස් පවතින ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට අනෙක් පෙම්වතියන්ට වඩා අඩුය
Source – Youtube.com

“අද මම ෆ්‍රී සෙට්වෙමුද කොහේ හරි”

“ආතල් සීන් එකක් උනා අහන්නකෝ”

හදවතින් ම පෙම් කලද පෙම්වතා තමන්ගේ යාලුවෙක් ලෙස සලකයි. ඕනෑම මගුලක් කියන්නට හැකි බොක්කේ යාලුවෙක් බව පෙම්වතාට හඟවන්නට උත්සහ කරයි. බොහෝවිට මෙවැනි පෙම්වතිය සිටිනා පෙම්වතුන් තමන්ගේ හොඳම මිතුරා ලෙස පෙම්වතියව සලකන අතර ඕනෑම දෙයක් කියන්නට හැකි නිසා දෙදෙනා අතර රහස් පවතින ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට අනෙක් පෙම්වතියන්ට වඩා අඩුය.

 

6. අක්කී බබා.

අක්කී බබා
“මේ මගේ මල්ලි කෙනෙක්”
Source – models-actress-asia.blogspot.com, archives.dailynews.lk

“එන්න මල්ලියෝ අපි යමුද අලුත් තැනක ලන්ච් ගන්න”

“හා අක්කියෝ, ඔන්න මේ සැරේ මමයි වියදම් කරන්නේ, ගියපාරත් ඔයා මට අයිස්ක්‍රීම් එකක් අරන් දීල ගොඩක් වියදම් කළා හුම්..!”

මෙවැනි පෙම්වතියන් තමන්ගේ පෙම්වතා ලෙස බොහෝවිට තෝරාගන්නේ තමාට වඩා වයසින් බාල හුරතල් වන්නට කැමති සුකුමාල තරුණයින්වය. බොහෝ අවස්ථාවල තමන්ට කුමක් හෝ භයානක රෝගයක් වැළදී ඇති බවත් තමන්ගේ පවුලේ අය තමන්ව නොසලකා හරිනා බවත් අඟවා පෙමවතාගේ අවධානය දිනාගන්නට උත්සහ කරයි. සමාජයට “මේ මගේ මල්ලි කෙනෙක්” කියා බොහෝවිට හඳුනවාදෙන පෙම්වතාද තමා “ඒ අක්කාගේ එක කුස උපන් මල්ලි” කියනා තනතුරේ වැඩ බැලීමට මනාපයක් දක්වයි. හැමවිට මල්ලිගේ remote control එක අක්කාගේ ඇත තබාගෙන සිටිනා මේ දෙපලට, අන් අයට ඇතිවන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න යොමුවන්නේ අඩුවෙනි. “ඒ දුව තමන්ගේ වයසට වඩා බාල මල්ලි කෙනෙක් තමා තමන්ගේ හොඳම යාලුවා විදියට තෝරාගෙන තියෙන්නේ, හොඳ ළමයා” කියා බොහෝ ඇන්ටිලා අංකල්ලා තමන්ගේ ප්‍රසාදය ඒ දේපල වෙත පළකරයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here