ගෑණු ළමයාට සර්ප්‍රයිස් එකක් දෙන්න කරන්න පුලුවන් මරු වැඩ 7 ක් – Hela FM Media

0
103


 

කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් නං දන්නවා ගෑණු ළමයෙක් කොයිතරම් කැමතිද කියලා ආදරණීය සර්ප්‍රයිස් එකකට. හැබැයි ඉතින් අපේ සමහර අය්යලා ඉන්නවා, හොඳම සර්ප්‍රයිස් එක කියලා හිතන්නේ කෙල්ල එන තැනක හැංගිලා ඉඳලා එක පාරට ඇඟට පනින එක වගේ වැඩ. ඒකත් සර්ප්‍රයිස් තමයි, හැබැයි කසාදේ කැඩෙන සර්ප්‍රයිස්. අපි මේ කියන්න යන්නේ ඔයාගෙයි එයාගෙයි ලව් එක කොන්ක්‍රීට් දැම්ම වගේ තව ‍ෆිට් වෙන, ගෑණු ළමයත් සෑහෙන්න සතු‍ටු වෙන සර්ප්‍රයිස් වැඩ කීපයක් ගැන.

 

1. ලව් ලෙටර් එකක් ලියමු
Source – muthukamalam.com

මේ කාලේ කවුද හලෝ ලව් ලෙටර් ලියන්නේ කියලා දැන් අහන්න එපා. ඇත්තටම බලනකොට ලව් ලෙටර් ලියවිල්ල ලොස්ට් ආට් එකක් වෙලා. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ලව් ලෙටර් එකක තියෙන ක්ලැසික් ගතිය, රොමෑන්ටික් ගතිය ගැන. අන්න ඒ නිසා ලියන්න පටන් ගන්න ලව් ලෙටර් එකක්. “මගේ සූකිරි බෝලේ, අද මම පංතියේ ලියනකොට පෑන කැඩුනා” වගේ කතන්දර මේකේ ලියන්න එපා. ඊට වඩා පොඩ්ඩක් සිරා විදියකට ලියන්න තමන්ගේ තියෙන ආදරේ ගැන. ලියන්න තියෙන හැකියාව ගැන හිතන්න එපා, පුලුවන් විදියෙන් ගොඩදාන්න. දැන් මේක ගර්ල් ෆ්‍රෙන්ඩ්ට දීලා බලන්න ඒක සුන්දර පුදුමයක් වෙන්නෙ නැද්ද කියලා එයාට!

 

2. මේ මල් කලඹ මගේ ආදරේ වෙනුවෙන්
surprises for your girl
Source – floristindiaonline.blogspot.co.ke

අද කාලේ කෙල්ලට මල් යවනවා වගේ රොමෑන්ටික් වැඩත් සිද්ධ වෙන්නේ එහෙමත් කෙනෙක් අතින් තමයි. හැබැයි ගෑණු ළමයෙක් කොයි තරම් මල් වලට කැමතිද කියන එක අද ඉන්න  කොල්ලෝ දන්නෙ නෑ කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්ව පුදුම කරවන්න යවන්න මල් ටිකක්. ලොකු ගණන් වියදං කරන්න ඕන නෑ. හැබැයි ඒක සිරා වැඩක් වෙන්න ඕන. බර්ත්ඩේ, ඇනිවසරි වෙනකල් ඉන්න ඕන නෑ. හිතෙන දවසක යවන්න. ඕන්නං පොඩි කාඩ් එකක් අමුණන්න “මේ මල් එවන්නේ ඉගිළෙන මාළුන්ගේ දිනය සමරන්න” නැත්තං “සොරි බබෝ, ඔයා තරං ලස්සන මල් ටිකක් හොයාගන්න ලොවෙත් බැරි වුනා” වගේ ආතල් කතාවක් ලියලා.

 

3. ලස්සන ඇඳුමක් එක්ක ඩේට් අවුට් එකක්
surprises for your girl
Source – coachmebeautiful.com.au

මේක කරන්න පුලුවන් වෙන්නේ තමන්ගේ ගෑණු ළමයගේ සයිස් එක, ඇඳුම් වල ටේස්ට් එක වගේ දේවල් එල කිරි වගේ දන්න කොල්ලෙක්ට තමයි. මුලින් එයත් එක්ක දාගන්න ඩේට් අවුට් එකක්. අපි කියමු ඩිනර් එකට කියලා. දැන් යන තැන් අනන් මනන් ඔක්කොම රෙඩි කරලා තියෙද්දී ගන්න එයා ආස වෙන විදියේ අලුත් ඇඳුමක්. දැන් ඒක යවන්න තෑග්ගක් විදියට ගෑණු ළමයට කලින් දවසේ. ඊට පස්සේ නොදන්නවා වගේ ඉන්න ආදර කෝල් එක එනකල්!

 

4. අමුතු විදියේ සර්ප්‍රයිස් පාටි එකක්
surprises for your girl
Source – sheknows.com

සාමාන්‍යයෙන් සර්ප්‍රයිස් කිව්ව ගමන් ඕන කෙනෙක්ගේ ඔලුවට එන්නේ සර්ප්‍රයිස් පාටි එකක් දෙමු කියන එකනේ. හැබැයි මේකම පොඩ්ඩක් වෙනස් විදියකට කරන්න බැරිද? ඒ කියන්නේ හිතන්න ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එක දවසට කොහේ හරි ඩිනර් අවුට් එකකට නැත්තං ලන්ච් අවුට් එකකට යන්න දාගන්නවා. ඊට පස්සේ රෙස්‍ටුරන්ට් එකට ගිහින් මෙනු එක ‍තෝරනකොට වැඩ කරන කට්ටිය, මැනේජර් එහෙම ඇවිත් ගෑණු ළමයට විෂ් කරලා යනවා. ඕන නං ගෑණු ළමයා ඉඳගන්න තැන මේසේ එයාගෙ නම ගහපු කාඩ් එකක් තියන්න පුලුවන්. වේටර් කෙනෙක්ට ඇවිත් තෑග්ගක් දීලා යන්නත් පුලුවන් නම් මල් හතයි. මුළු රෙස්‍ටුරන්ට් එකටම හැපි බර්ත්ඩේ ‍ටු යූ කියලා ගායනා කරලා වැඩේ රොක් කරලා ගන්න පුලුවන් නම් අනර්ඝයි! දැන් හිතෙයි කොහොමද මෙහෙම කරන්නේ කියලා. සිම්පල්. කලින් ඇවිත් තමන්ගේ තියෙන මහජන සම්බන්ධතා හැකියාවන් පොඩ්ඩක් පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඔය වගේ වැඩකට උදවුවක් නොදී ඉන්නෙ නෑ කිසිම කෙනෙක්.

 

5. සම්පත් දූපතේ සවාරියක්!
surprises for your girl
Source – delixie.com

මේකට නැව් නගින්නම ඕන නෑ. මෙහෙම කරන්න පුලුවන්. ඔන්න ඔබේ ආදරවන්තිය උදේ නැගිටිනකොට ඇඳ ගාවම තියෙනවා නෝටිස් එකක්. “නිධානේ ගන්න ඕනනං යන්න කණ්ණාඩි මේසේ ගාවට”. දැන් පොඩ්ඩක් මඤ්ඤං වෙලා එයා කණ්ණාඩි මේසේ ගාවට යයි. එතන තියෙනවා තව නෝට් එකක්. “හරි සපත්තුව ‍තෝරගන්නා වීරවරිය නිධානය ලැබීමට සුදුසුයි” කියලා. දැන් එයා ගිහින් සපත්තු කලෙක්ෂන් එක බලනකොට සපත්තුවක් ඇතුලේ තව නෝට් එකක් තියෙයි. ඔහොම ඔහොම වටේ යවලා යවලා අන්තිමට ගර්ල් ෆ්‍රෙන්ඩ්ව නිධානේ ගාවට ගෙනියන්න පුලුවන්. අමතක කරන්න එපා නිධානේ විදියට එයා පුදුමෙන් උඩ පැනලා කෑ ගහන විදියේ එයා ආසම, හොය හොයා හිටපු දෙයක් තෑග්ගක් විදියට තියන්න. කරලා බලන්න කොහොමද ලව් එක වැඩිවෙන්නේ කියලා.

ආ තව එකක්. ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇඩ්වෙන්චර් වැඩකට කැමති කෙනෙක් නං මේ ට්‍රෙෂර් හන්ට් එක එළියේ ලෝකෙත් ප්ලෑන් කරන්න පුලුවන්. ටිකක් කට්ට කන්න වෙනවා තමයි. හැබැයි ඒක ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට සෑහෙන්න ෆන් එකක් සහ සර්ප්‍රයිස් එකක් වෙනවා ෂුවර්!

 

6. පුංචි පුංචි බොළඳ වැඩ
surprises for your girl
Source – youtube.com

සාමාන්‍යයෙන් ඔය දිලිසෙන තරු ස්ටිකර් අරගෙන එහෙට මෙහෙට අලවලා පොඩි පොඩි ආදරෙ මෙසේජ් ලියලා කාඩ් හදනවා වගේ වැඩ කරන්නේ කොල්ලො නෙවෙයි, කෙල්ලෝ. හැබැයි හිතන්න. සාමාන්‍යයෙන් සීරියස් ඉන්න පෙම්වතෙක් ඔය වගේ බොළඳ ආදර වැඩ ටිකක් එකතුකරපු හැන්ඩික්‍රාෆ්ට් එකක් තමන්ගේ අතින්ම හදලා එව්වොත් කෙල්ල කොයි තරම් සතු‍ටු වෙයිද කියලා! මේකේ සර්ප්‍රයිස් එක තියෙන්නේ හදපු එකේ නෙවෙයි; හදන්න හිතපු එකේ සහ ඒකට දරපු උත්සාහයේ. මොකද විශේෂයෙන්ම බොළඳ ආදර වැඩ කරන්නෙ නැති කෙනෙක් අතින් එහෙම එකක් වුනු එකයි ඒකේ තියෙන විශේෂත්වය. සර්ප්‍රයිස් එක…

 

7. අමතක නොවෙන සර්ප්‍රයිස් රාත්‍රියක්!
surprises for your girl
Source – yourtango.com

මෙන්න මේක නං කරන්න පුලුවන් බැඳපු කපල් එකකට තමයි. නිකමට හිතලා බලන්න වයිෆ් කොහේ හරි ගිහින් රෑ වෙලා ගෙදර එනකොට (ඕන නං එහෙම කොහේ හරි යවන එකත් ප්ලෑන් කරන්න පුලුවන්) ඔක්කොම කරුවලේ. දැන් එයා හිතයි ලයිට් අවුලක් කියලා. දැන් ඔයාට පුලුවන් එයාට නිදන කාමරේට එක්කරගෙන යන්න. එහෙම යනකොට නිදන කාමරේ පොඩි පොඩි ඉටිපන්දම් වලින් සරසලා, ඇඳට රෝස මල් පෙති දාලා අර හොලිවුඩ් රොමෑන්ස් ‍ෆිල්ම් එකක වගේ සුරංගනා ලෝකයක් නිර්මාණය කරලා තියන්න පුලුවන්. එතනින් එහාට ඉතින් ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් දේ තමයි එයා ඔයාට අමතක නොවෙන සර්ප්‍රයිස් රාත්‍රියක් දෙන එක!

 
Cover Image Source – Source – lophoctiensan.bibomart.com.vn
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here