ගිෆ්ට් ගයිඩ් (ඇයට) – අතේ ඇති ගානට ඇය වෙනුවෙන් වැලන්ටයින් තෑගි – Hela FM Media

0
42


 

වැලන්ටයින් දවස වෙනුවෙන් වගේම මේ මාසය පුරාවටම ඔබේ හද රැඳි ආදරවන්තියට හිතට එකඟව යමක් තිළිණ කිරීමේ හැකියාව ඔබ සතුනම් අපි අනිවා ඔබට ඒ සම්බන්ධයෙන් උදවු වන්නෙමු. මේ ඔබට දරන්නට හැකි මුදල් ඛාන්ඩය යටතේ වර්ග කළ තිළිණ ත්‍රිත්වය බැගින් අඩංගු සටහනකි. ඔබ සිතැඟි දේ එහි ඇතිදැයි බලන්න. නිශ්චිත දිනයටම තෑගි ලබා දීමට අවශ්‍යතාවයක් නැත. ඔබට එය පෙබරවාරි මාසය පුරාම සිදු කළ හැක. අනෙක මෙම ත්‍යාග වඩා ආදරණිය බවකට වඩා ඵල ප්‍රෙයෝජනයක් ඇති ත්‍යාග ලෙස හැඳින්විය හැක. උවමනා නම් ඔබට මේ වෙනුවෙන් කප්රුක Global Shop සේවාවද භාවිතා කළ හැක.

 

 

 

 

1. Cordies

මේක හරියන්නෙ ඔබේ පෙම්වතියත් තාක්ෂණය භාවිතා කරන්නියක් නම්. ඇයගේ උපාංගවල වයර් පැටලීමකින් තොරව තබා ගැනීමට මෙය උදවු වනු ඇති සේම, බහුලව දක්නට නොලැබෙන තිළිණයක් නිසා ඔබට ඇති ආදරයද වැඩි වනු ඇත.

Cordies

Button

ebay-logo

 

 

2. ලොකට්ටුවක්

ඔබ දෙපලගේ මුහුණු සහිත ලොකට්ටුවක් වැලන්ටයින් දිනයේදී ඇයට වටිනා ත්‍යාගයක් වනු ඇත. සාමාන්‍යෙයෙන් ලොකට්ටුවක් රුපියල් පන්සියයකට අඩු මුදලකට මිලට ගත හැකි අතර ඔබ දෙදෙනාගේ රූපයක් එයට යොදා ඇයට පිරිනැමීම ඇයව ඉතා සතුටු කරනු ඇත.

 

Locket

Button

ebay-logo

 

 

3. Letter Jewellery

ඇයගේ නම සිංහලයෙන් කෙටූ ආභරණයක්  ත්‍යාගයක් ලෙස දිය හැකි නම් එය වඩා යෝග්‍ය ත්‍යාගයක් වනු ඇත. එය ඇයට මතකයේ සිටින සහ අඩු මිළකට ලබා දිය හැකි ත්‍යාගයකි. එසේම ඔබට එහි සඳහන් කළ හැක්කේ එක් වචනයක් පමණක් නම්, එය අැයගේ නමටත් වඩා ඔබ අැයට අාදරය කරන විට පවසන නමක් නම් වඩා යෝග්‍යය.

Ridhee letter pendant

Button

ridhi-logo

 

 

1000-3000

 

1. Belt

කාන්තාවන් විලාසිතාවක් ලෙස ඉනපටි පැළඳීමට වඩා හිතකර බවක් දක්වයි. මෙහි ඇති පෞරාණික බව නිසා ඇය ඊට වඩාත් ලබැඳි වනු ඇත.

Belt

Button

ebay-logo

 

 

2. ෆේෂල් එකක්

ඔබට ඇයව රූපලාවන්‍ය කටයුත්තකට ගෙන යා හැක. මැනිකියෝද පෙඩිකියෝ ද ෆේෂල්ද කියා තීරණය කිරීම ඇයට භාරකිරීම සිරුරට ගුණදායකය. එම අවශ්‍යතා ඔබ තීරණය කරන්නට ගොස් වඳින්න ගිය දේවාල ඇඟට වට්ටා ගත යුතු නැත.

 

Facial

Button

nayana-logo

 

 

3. කස්ටමයිස්ඩ් ටී ෂර්ට්

බොහෝ දෙනා තෑගි දෙන්නේ කස්ටමයිස්ඩ් මග්ය. එයින් යම් වෙනසක් කර ඔබට ඇයට කස්ටමයිස්ඩ් ටී ෂර්ටයක් තෑගි දිය හැක. එසේම එය ඇයට ඇඳගෙන යා හැකි තරම් සාමාන්‍ය ලෙස නිර්මාණය කිරීමද ඔබේ වගකීමකි. නැතිනම් එය ඇයව ඔබේ ආදරයේ බැනරය බවට පත් කරනු ඇත.

T Shirt

Button

kapruka-logo

 

 

 

Rs. 3000-7000

 

1. Clutch Wallet

සෑම පෙමවතෙකුම තෑගි දෙන ආකාරයේ ත්‍යාගයක් වුවද මෙහි තත්ත්වය සහ ගුණාත්මක බව ඉහලින් ඇත.

Clutch

Button

ebay-logo

 

 

2. Non-Stick Cookware

මෙය ඇයගේ සිත් ගනු ඇත්තේ ඇය ඉවුම් පිහුම් වලට ආසා කරන තැනැත්තියක් නම් වේ. එසේනම් මෙය ඇයට සරිලන තිළිණයක් සේම ඔබ ඇයව මනාකොට තේරුම් ගෙන ඇති වගද මේ හරහා ඇය වටහා ගනු ඇත.

Non-Stick Cookware

Button

mydeal-logo

 

 

3. Vijitha Yapa Gift Voucher

පොත පතට ප්‍රිය කරන්නියකට දිය හැකි ත්‍යාගයකි. දැනට ඇය සතු පොත් මොනවාදැයි නොදන්නවා වුවද මෙය ඇයට ප්‍රයෝජනවත් වෙයි.

Vijitha Yapa Gift Voucher

Button

mystore-logo

 

 

 

Rs. 7000+

 

1. Vintage Jewellery Box

පැරණි ඉන්දියානු ආභරණ පෙට්ටියකි. ඉපැරණි දේ අගයන්නියක මෙය ඉමහත් අදරින් පිළිගනු ඇත.

Vintage Jewellery Box

Button

ebay-logo

 

 

2. Glass-top 4 Burner

මෙයද ඉවුම් පිහුම් වලට හිතැත්තියකට අගනා ත්‍යාගයක් වනු ඇත. මෙය ඉතා වටිනා ත්‍යාගයක් වන අතර ඔබට අනාගත ඉතිරියක්ද වනු ඇත.

Glass Top Burner

Button

mydeal-logo

 

 

3. එක්දින සවාරියක්
Day Out
Source – pixabay.com

ඔබට මෙවන් මුදලකින් ඇය වෙනුවෙන් එක් දින සවාරියක් සංවිධානය කළ හැක. මුහුදු බඩ පෙදෙසක දිනක් ගත කර, සිතැඟි පරිදි දිවා ආහාරය ගෙන, කැබ් රියකින් යළි නිවසට පැමිණීමට ඇතිනම් එය ඇයගේ ඒකාකාරී දිනයට වඩා පැහැදිලි වෙනසක් ඇති කරනු ඇත.

මෙම දිනය යෙදෙන්නේ ඉරිදාවක නිසා එය වඩා සාර්ථක ලෙස සැලසුම් කළ හැක. එනිසා මාතර පොල්හේන වැනි ස්ථානයක් එයට වඩා ගැලපෙනු ඇත.

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here