සෙට් වෙන තැනක වැඩිපුරම ඇහෙන සින්දු 9ක් – Hela FM Media

0
28


කාලෙකට පස්සේ හමුවෙන මිතුරු හමුවක් නම් එයට රසවිත එකතුවෙනවා කියන්නේ එය හරිම සුන්දර හමුවක් වනවාට කිසිම සැකයක් නැහැ.

එහෙම වෙලාවල් වල අපි කියන සින්දු විවිධාකාරයි. එත් අවාසනාවට එව්වා මතක් වෙන්නේ මේ සුන්දර මීවිත තොලගාන වෙලාවල් වල විතරනේ. ඒ නිසා මේ තොරතුරු එකිනෙකාට අනුව සෙට් වීම් වලට අනුව වෙනස් වෙන්න පුළුවන් එත් පොදුගුණාකාරයක් විදියට හිතුවම මේ සින්දු අපි එක්කාසු වෙන කොතනකින් හරි ඇහෙන්න පුළුවන්. කොල්ලන්ට කෙල්ලන්ට කියලා වෙනසක් නැහැ. සතුට කියන දේ අපි හැමෝම විඳින්නේ එක විදිහට.

ඉතින් ඊළඟ පාර ඔබ සෙට් වෙනකොට කට්ටිය සින්දුවක් දෙකක් කියන්න ලැහැස්ති වෙනවා නම් මේ සින්දුත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න එහෙම නැතිනම් මේවා ඇහෙනකොට ඒවාට පොඩ්ඩක් වැඩිපුර කන් දෙන්න. එය ඔබේ මතකයට අනිවා අලුත් රසයක් එකතු කරාවි.

 

1. මී වදයකි ජීවිතේ C.T.ප්‍රනාන්දු

මීවදයකී ජීවිතේ – මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා – නැලවෙමු අපි හිතුමතේ

මේ පද හතර ඇහෙනකොට බොහෝ තැන්වල මදුවිතක් නොඅනුමානයි. සෙට් වෙන තැන්වල තාලෙට ඇහෙන ගිටාර් හඬක් ඇතුලේ මේ ගීත ඇහෙද්දී, ඇත්තටම මීවදයකි ජීවිතේ කියලා අපිටත් හිතෙනවා. සී.ටී. ප්‍රනාන්දුගේ සුන්දර ගීතය වර්තමානයේදී ගායනා කරන්නේ ඔහුගේම පුත් ප්‍රියන්ත ප්‍රනාන්දුයි. ගොඩක් වෙලාවට මේ ගීතය ඇහෙන්නේ සාදය සතුටේ උච්චතම ස්ථානයේ පැවතෙන වෙලාවට, මේ සින්දුව මදුවිත එක්ක ඒ තරමටම දුන්දර බැඳීමක්.

 

2. ගුනේ අයියගේ බජව් දාන කාමරේ නිහාල් නෙල්සන්

අපේ යාලුවෙක් හිටියා චමින්ද කියලා මිනිහා දැන් නම් විවාහ වෙලා බොහොම සාමකාමී දිවිපෙවෙතක් ගත කරන්නේ. ඒත් ඒ කාලේ චමින්ද නැවතිලා හිටපු කාමරේට අපි කිව්වේ ගුනේ අයියගේ බජව් දාන කාමරේ කියලා. මොකද මිනිහගේ වාසගමත් ගුණසේකර ඒ නිසා ගුනේ අයියගේ කාමරේ කියන එක නියමෙට ගැලපුනා. වචනයේ පරිසමාප්ත අරුතින්ම චමින්ද ගේ කාමරේ බජව් කාමරයක් ම තමා. හැමදාම අපේ යාළුවො කවිරු හරි මිනිහගේ කාමරේ සෙට් වෙනවා. ඉතින් මේ හැම සෙට්වීමකම අවසාන වෙන්නේ සාදයේ උච්චම අවස්තාවේදී එහා ගෙදරින් හරි චම්මාගේ බෝඩිමේ ලෑන්ඩ් ලෝඩ් හරි ඇවිල්ලා සද්දේ දාලා යන වෙලාවකම තමයි. ඉතින් මේ උඩින් කියාපු සින්දුව අපි හැමදාම වගේ සෙට් වෙන වෙලාවක කියවෙන එක වරදින්නේ නැහැ, ඒ තරමට අපි ගුණේට වගේම මේ සින්දුවටත් ආදරේ නිසා.

 

3. ඔබට තියෙන ආදරේ මම කියාලා දෙන්න M.S.ප්‍රනාන්දු

සමහර අවස්ථාවල් තිබ්බා අපි සෙට් වෙන්නේ අපේ කොල්ලෙක්ට අලුතෙන් කෙල්ලෙක් එහෙම සෙට් උනාම ඒ සතුට සමරන්න. එහෙම සමරන වෙලාවක අපේ හිතත් අපට නොදැනීම ආදරෙන් මත් වෙන වෙලාවල් නැත්තෙමත් නැහැ. එහෙම වෙලාවල් වල අපේ “ගීතවත්” හිත්වලට එන ගීත වැලෙන් එකක් තමා මේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ඔබට තිබෙන ආදරේ සින්දුව, අපි හමු වෙන වෙලාවක මේ ගීත එක්ක ගෙවෙන කාලය හරිම සුන්දරයි. ඒ සුන්දර බව තවත් වැඩිවෙන්නේ අපි ඒ ගීතය එක්ක ම අතේ තියෙන මධුවිත බිඳෙන් බිඳ තොල ගාමින් ඒ සින්දුව රසවින්දිනකොට.

හඳ දවසට අහස දිහා මම බලන්නේ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නේ නෑ
ඒ මුහුණෙයි ඔබේ මුහුණෙයි වැඩි වෙන්සක් නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ

 

4. මුලදී බැන්ද ආදරයක මිහිර දැන් H.R.ජෝතිපාල

සෙට්වීමකදී සින්දුවක් කියනවා නම් එතන සින්දු ලිස්ට් එකේ ජෝතිපාල හිටියේ නැත්නම් එක ලොකු අඩුවක් වර්තමානයේදීත් ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන ජෝතිපාල මහත්මයාගේ මේ ගීතය අපි හැමදාම ආදරෙන් අපේ සාද වලදී එකතු කරගත්ත ගීතයක්.

[එකම සින්දුව උනාට මේ සින්දුව ටිකක් වෙනස් අහලම බලන්නකෝ]

 

5. රාජමාලිගේ පරෙවියා වගේ රෙඩ්, මුල් ගායනය: ෆ්‍රෙඩී සිල්වා

Old :

https://www.youtube.com/watch?v=8d3pihABrsM

New :

පැරණි සින්දුවක් උනාට මේක ජනප්‍රිය වුනේ රෙඩ් කියන නව පරපුරේ ගායකයා නිසා. ෆ්‍රෙඩී ගේ හඬට ආශක්ත වුන මිනිස්සු සින්දුවේ තියෙන මියුරු බව නිසාම අලුත් සින්දුවටත් හිත යන්න ඇති. අද වෙනකොට මේ සින්දුව සෙට් වෙන තැන් වල ගැයෙන හොඳ නම්බර් එකක්.

 

6. ලස්සන රෝස මලක් M.S.ප්‍රනාන්දු

සෙට් වෙන තැන් වල ගොඩක් වෙලාවට සින්දු ඇහෙනවා නම් ඒ සින්දු බොහෝ වෙලාවට ආදරේ විරහව වගේ අපූරු මාතෘකා වෙනවා. පරණ මතකයන් වල ගිලිලා ඉන්න අයට ආදරය විරහව ලඟම මිතුරන් දෙදෙනෙක් වගේ. එහෙම වෙලාවක එම් එස් ගේ මේ ආදර සින්දු වලට අපේ අත්තල එකතුවෙන්නේ නිරායාසයෙන්.

 

7. හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා ක්‍රිස්ටෝපර් පෝල්

https://www.youtube.com/watch?v=SP4ir7Vez3o

ක්‍රිස්ටෝපර් පෝල් කියන්නේ වේග රිද්ම ගායකයෙක්, ඔහු මියගිහින් වසර ගණනාවක් උනත් ඔහු ගයපු ගීත තුලින් තවමත් ජීවත් වෙනවා අපේ හිත්වල. සෙට් වෙන වෙලාවල ක්‍රිස්ටෝපර් සින්දුවක් කියුවේ නැතිනම් ලොකු අඩුවක් වගේ මේ ලැයිස්තුවට ඔහුගේ ගීයක් එකතුවෙන්නේ අන්න ඒ නිසා.

 

8. ගෝවේ ගෑණු පරාදයි සඳුන් විජේසිරි

https://www.youtube.com/watch?v=BHdOErkLdvg

සාදය සංගීතයෙන් උණුසුම් වේගෙන එනකොට අපට නොදැනීම අපේ හිත ඇතුලේ තියෙන non-stop mix tapes වාදනය වෙන්න පටන් ගන්නවා, එහෙම ගැයෙන නොනවතින ගීත එක්කාසුවක ආරම්භය ගොඩක් වෙලාවට ගන්නේ සඳුන් විජේසිරි ශිල්පියා ගායනා කරන මේ “ගෝවේ ගෑණු පරාදයි” කියන අපුරු සින්දුවෙන්.

 

9. විදුලි මිණි පහන් ගුණදාස කපුගේ

https://www.youtube.com/watch?v=-T5ppXp32Fg

සෙට් වෙන වෙලාවට ෂොට් එක අතේ තියෙනවා කියන්නේ ඒ තරම් පරාර්ථකාමී, ප්‍රේමවන්ත, විරහා සංවේදී මනුස්සයෙක් මේ ලෝකේ වෙන නැහැ කියන එකයි. ඒ වගේ වෙලාවකට කපුගේ කියන විදුලි මිණි පහන් සින්දුව ප්‍රේම පරාජිත මූඩ් එකට නියමෙටම මැච් වෙනවා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here