ෆේස්බුක් දිහා බලලා කෙල්ලො කොල්ලො එක්ක රණ්ඩු වෙන හේතු 7ක් – Hela FM Media

0
28


 

ෆේස්බුක් කියන්නෙ වැඩක් නැති වෙලාවට ලගා ගහන් ඉන්න කියාපු ප්ලේස් එක කියලා හිතුවට අපි නොදන්න බොහෝ ක්‍රමවලට මිනිස්සු ෆේස්බුක් හරහා හම්බුකරගෙන කනවා. මේ කියන්න යන්නෙ මේ විදිහට ලගා ගහන් ඉන්න ගමන් සිද්ධ වෙන දේවල්වලින් ඇතිවෙන පොඩි පොඩි ‍ලවු අවුල් ගැනයි. මේ ලවු අවුල් ගොඩක් වෙලාවට ඇතිවෙන්නෙ සැකය සහ නොදැණුවත්භාවය වගේම දුර දිග නොහිතන හින්දා. ඒ වුනාට මේ ලවු අවුල්වලත් ආතල් එකක් නැත්තෙම නෑ.

 

1. ඩබල් මීනිං කතා
Source – tryscribble.com

මොනවද අනේ අර ඩබල් මීනිං කතා? ඔයාට වෙන එවුව නැද්ද ෂෙයා කරන්න? මගේ ඔෆිස් එකේ යාළුවොත් ඇහුවා ඒ ගැන. දැන් ඉස්සර වගේ නෙමෙයිනෙ. අපි දෙන්න ගැන හැමෝම දන්නව. ඒ විදිහෙ තත්ත්වයක් තියෙද්දි ඔහොම එවුව ෂෙයා කරන්න මො‍ලේ හොඳ නැද්ද? මගේ නෑදෑයොත් ඔයාගෙ පේජ් එකේ ඉන්නව. මං එයාලව ඇඩ් කරාට දැන් එයාල ඔයාගෙ එකේ ඉන්නවනෙ කොහොමහරි. දැන් ඉන්න ඕන ඉස්සර ඔයා නෙමෙයි. ඔයා ඒක තේරුංගන්න. දැන් අහන්න නං එපා ඔයාට නිදහසක් නැද්ද කියලනං!

 

2. බොන ෆොටෝ
Facebook Fights
Source – mport.ua

බලන්න ඔයාගෙ අන්තිම ෆොටෝ නමය. ඒකෙන් හතක්ම තියෙන්නෙ බොන ගමන් ගත්තුව. ඒ කියන්නෙ ඔයා කොච්චර බොනවද? ඔය බීපු තැන් කීයක් ෆොටෝ නැතුව හැංගිලා ඇත්ද? බිවුවට කමක් නෑ කියමුකො. මං බොන එකට ඒ තරම්ම රණ්ඩු කරන්නෙ නැහැනෙ. ඒත් ඇයි හිතන්නෙ නැත්තෙ? ඔයාට කියන්න පුළුවන්නෙ ඒ වෙලාවට කට්ටියට ෆොටෝ ගන්නෙපා කියලා. ගත්තත් ෆේස්බුක් දාන්නෙපා කියලා. දැම්මත් ඔයාව ටැග් කරන්නෙපා කියලා. ඒකත් ටැග් කරානං ඇයි ඔයා මේ වෙනකං ඒ ටැග් එක අයින් කරන්නෙ නැත්තෙ?

 

3. කෙල්ලෙකුට ලයික්
Facebook Fights
Source – pinterest.com

මොකද්ද ඔය අමුතු ඇයි හොඳයිය අර ලතා ගුණතිලක එක්ක? මොකද එකපාරම ඒ ගැණිගෙ ප්‍රොෆයිල් පික් එකටයි කවර් ෆොටෝ එකටයි ලයික් කළේ? හරි මම කියල තමයි ඔයා එයාව ඇඩ් කළේ. ඉස්සර මගේ යාළුවෙක් වුනාට දැන් මගේ එච්චර ඇයි හොඳැයියක් නෑ. ඒ නැතත් ඇයි ඔයා ඔයාට අදාල නැති අයට ලයික් දාන්නෙ? එයා ඔයාගෙ ප්‍රොෆයිල් එකේ හිටපුදෙන්. නැත්තං දැන් එයාව අන්ෆ්‍රෙන්ඩ් කරන්න මං ඉස්සරහම



 

4. කෙල්ලෙක් ලයික්
Facebook Fights
Source – playbuzz.com

මොකද අර සංගීතා විමලධර්ම කියන ගෑණි ඔයා දාන හැම මගුලටම ලයික් දාන්නෙ? අනික ඔයා දාන්නෙත් අමුතු කතා. ඒ ගෑණිත් ඒවම තෝරලයි ලයික් දාන්නෙ. මං කොච්චර කියනවද අර නිල් ෂර්ට් එක අඳින්නෙපා කියලා. ඒ පාර ඒක ඇඳලා ප්‍රොෆයිල් පික්චර් එකකුත් දාගෙන. ඇයි ඔයාට නොතේරෙන්නෙ බබා. ඔය ගෑණු යක්සනියො.

 

5. ෆොටෝ කමෙන්ට්
Facebook Fights
Source – viralnova.com

මොකද අර අයිරාංගනී මල්ලවාරච්චි කියන ගෑණි ඔයාට ඔච්චර ෆොටෝ කමෙන්ට් දාන්නෙ? බල්ලො ෆ්ලයින් කිස් දෙන ඒවයි, ලේන්නු හග් දෙන ඒවයි. මට ඒව එච්චර අල්ලන්නෙ නෑ.

 

6. ෆොටෝග්‍රැෆර්
Facebook Fights
Source – youqueen.com

අර මොකද අර කෙල්ලෙක් ඒකිගෙ ප්‍රොෆයිල් පික්චර් එකේ ඉමේජ් ක්‍රෙඩිට්ස් ඔයාට දීල තියෙන්නෙ? ඔයා මොකටද ඒ කෙල්ලොන්ගෙ ෆොටෝ ගන්න ගියේ. එයා ඔයාගෙ ඔෆිස් එකේ කෙනෙක් නේද? ඔයා කිවුවට මම දන්නවැයි ඔය ඔෆිස් එක ඇතුළද කියලා. මේසයක්වත් පේන්නෙ නෑ. සුදු බිත්තියක් විතරයි. කවුද දන්නෙ කාමරයක්ද කියලා. ඇයි කැමරාව ඔයාගෙ අතට දුන්නම මට ෆොටෝ ගන්න බෑ කියලා කියන්න බැරි වුනේ? කටේ පිට්ටුද?

 

7. ආදරේ පෙන්නපං
Facebook Fights
Source – target-marketing.info

ඇයි මගෙත් එක්ක ඉන් අ රිලේෂන්ෂිප් කියන එක ෆේස්බුක් නොදාන්නෙ? ඇයි මගෙත් එක්ක ඉන්න පින්තූරයක් ප්‍රොෆයිල් පික්චර් එකට නොදාන්නෙ? ඔයාට මොකද්ද අනේ වෙලා තියෙන්නෙ? ඔයා ඇයි ඔයාව සිංගල් කොල්ලෙක් විදියට පෙන්නන්න හදන්නෙ? බලන්න ඔයාගෙ යාළුවො. කොච්චර වගකීමෙන්ද වැඩ කරන්නෙ? දැක්කද නිසල් එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ බර්ත්ඩේ එකට ගිය සතියෙ ලියලා ටැග් කරලා තිබ්බ කවිය. ඔයාට අඩු තරමෙ මට අද විෂ් කරන්නවත් අමතක වුනාද? අඩු තරමෙ ෆේස්බුක් නොටිෆිකේෂන් එකවත් දැක්කෙ නැද්ද මනුස්සයො අද මගේ බර්ත්ඩේ කියලා.

 

 


 
Cover Image Source – pulse.ng
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here